2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

එජාපය රටටම කතා කරයි

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144


I දේශපාලන වාර්තාකරු

මහබැංකු බැඳුම්කර ප්‍රශ්නය ඇතුළු ජාතික වශයෙන් බලපාන ප්‍රධාන දේශපාලන ආර්ථික ගැටලු ගැන සමාජය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් දීපව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට එ.ජා.ප.ය තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ සඳහා එ.ජා.ප.යේ මන්ත්‍රීන් 15 දෙනකුට වගකීම් පවරා ඇත. මේ අය රටපුරා යමින් වැඩමුළු පවත්වා රජයට එල්ල වී තිබෙන අභියෝග ගැන සමාජය දැනුවත් කිරීමට නියමිතය.
බැඳුම්කර ප්‍රශ්නයට අමතරව රජයේ ආර්ථික හා දේශපාලන දර්ශනය, ආයෝජන ව්‍යාපෘති සහ ව්‍යවස්ථා සංශෝධනය ආදී තීරණාත්මක කාරණා ගැන සමාජයට පුළුල් දැනුමක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණය. ඉදිරි දෙසතිය තුළ අදාළ සම්මන්ත්‍රණ සංවිධානය කෙරෙනු ඇතැයිද සඳහන්ය.