2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

මහ ඇමැතිලාගේ පතුරු යවති

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 217

I සංජීවිකා සමරතුංග

පළාත් මහ ඇමැතිවරුන් ගණනාවකට එරෙහිව එ.ජා.ප මන්ත්‍රීන් හා එ.ජ.නි.ස මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

තමන්ගේ කටයුතුවලට කිසිදු සහයක් නොදක්වන පළාත් මැති ඇමැතිවරුන් සිටින බවට මෙම පැමිණිල්ල සිදුකළේ පසුගියදා පැවති එ.ජා.ප - එ.ජ.නිස ඒකාබද්ධ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය. එහිදී දැඩි ලෙස විවේචනය කර ඇත්තේ නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ්ගේ ක්‍රියා කලාපයයි. නැගෙනහිර පළාතේ එ.ජ.නි.ස සහ එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙක් මහ ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිලෙස විවේචනය කරමින් ජනපතිවරයාට කරුණු දැක්වූහ.

ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායකට එරෙහිව බදුලු දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙක් කරුණු දක්වා ඇත. මේ හැර උතුරු මැද සහ සබරගමුව මහ ඇමැතිවරුන් සම්බන්ධවද පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී විවේචන සමඟ පැමිණිලි ඉදිරිපත්ව ඇතැයි දේශයට වාර්තා වේ.