2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

හම්බන්තොට වරාය සමාගමක් වෙයි!

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 231


I ව්‍යාපාරික වාර්තාකරු

හම්බන්තොට වරාය මුදල් අමාත්‍යංශයට අයත් වෙනම සමාගමක් බවට පත්කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය අධිකාරියේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම සමාගම හම්බන්තොට ඉන්ටර්නැෂනල් පොර්ට් ලිමිටඩ් යනුවෙන් හැඳින්වෙයි.

මේ සම්බන්ධ තීරණ ගැනීමට සහ සැලැසුම් සකස් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යංශයේ විශේෂ රැස්වීමක් පවත්වා තිබේ. එම රැස්වීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, වරාය සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සහ වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග යන මහත්වරුන් සහභාගි වී ඇත.
දැනට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති චීන ආයෝජන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට නව ආයෝජන ලබාගැනීම අලුත් සමාගම හරහා ක්‍රියාවට නැංවීම මෙකී සමාගම ස්ථාපිත කිරීමේ අරමුණ බව සඳහන්ය. ඊට අවශ්‍ය ක්‍රමවේදය සකස් කොට රෙගුලාසි ඇතුළත් විශේෂ ලේඛනයක් සකස් කිරීමට එහිදී තීරණය විය.

කෙසේ වෙතත් වරාය අධිකාරියට අදාළ පනත වෙනස් නොකර නීතිපති උපදෙස් නොමැතිව වරාය අධිකාරියේ සම්පත් වෙනම සමාගමකට පැවරීම පවත්නා නීතිය අනුව සිදුකළ නොහැකි බව වරාය අධිකාරියේ බලධරයන් මෙහිදී දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.