I ගයාන් ගාල්ලගේ
යම් හෙයකින් නීති පනතක් මගින් පළාත් සභා මැතිවරණය කල්දමන්නේ නම් එම පළාත් සභාවල බලය පළාතේ ආණ්ඩුකාරවරයාට පැවරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් දේශය කළ විමසුමකදී පැවසීය.
පළාත් සභාවේ නිල කාලය හමාර වීමෙන් පසුව නියමිත දිනට ඡන්දය නොපැවැත්වූවොත් එහි බලතල ප්‍රධාන වශයෙන් අණ්ඩුකාරවරයාට පැවරෙන බවත් ඊට අමතරව පළාත් සභාවේ සභාපතිවරයා සහ ලේකම්වරයා යටතේ පළාත් සභාවේ පාලනය කටයුතු සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් කීය.
දේශයට වාර්තා වන ආකාරයට ලබන සැප්තැම්බර් නිල කාලය අවසාන වන උතුරුමැද නැගෙනහිර සහ වයඹ පළාත් සභා තුනෙහි මැතිවරණය ලබන වසර දක්වා කල්තැබීමට බොහෝදුරට ඉඩ තිබේ. ඊට හේතුවී ඇත්තේ පළාත් සභා මැතිවරණ සියල්ලට එකවරම පැවැත්වීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබූ තීරණය බව වාර්තාවේ.
ඒ නිසා මැතිවරණ කොමසාරිස්වරයාගේ නිගමනය අනුව මැතිවරණය පැවැත්වෙන තෙක් අණ්ඩුකාර පාලනයකට පළාත් සභා නතුවිය හැකි බව දේශපාලන විචාරකයෝ පවසති.