2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා

අලුත් අල්ලස් කොමිසමක්!

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:01 148

වත්මන් රජය විසින් නව දූෂණ විරෝධී පනතක් ගෙන ඒමට සැලසුම් කරමින් ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.එලෙස නව පනත සම්මත කරගැනීමත් සමඟ අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාව සඳහා කොමසාරිස්වරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කරගැනීමේ ක්‍රමවේදය ද වෙනස් කෙරේ. එලෙස ඉහළ තනතුරුවල පත්වීමේ ක්‍රමවේදය වෙනස් කිරීමත් සමඟ අල්ලස් දූෂණ කොමිසමට නව කොමසාරිස්වරුන් තිදෙනකු පත්කිරීම ද සිදුවනු ඇතැයි දැනගන්නට තිබේ. අල්ලස් දූෂණ කොමිසම විසින් කරනු ලබන පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා නව තීරණය ගත් බව රජයේ නීති අංශ ආරංචි මාර්ග කියයි.