2017 ජුනි 24 වන සෙනසුරාදා

පෙරළියක් අත ළඟ!

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1199


විධායක ජනාධිපති ධුරය සම්බන්ධව කිසිවකු අපේක්ෂා නොකළ පෙරුළිකාර තීරණයක් ගැනීම සඳහා ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් හා ජනාධිපතිවරයා ආරම්භ කළ සාකච්ඡා සාර්ථක වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ධුර කාලය හමාරවීමට පෙර විධායක ජනාධිපති ධුරය අහෝසි කොට රජයේ නව තනතුරක් භාරගත යුතුය යන යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව සඳහන්ය. එසේ වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතු වෙයි. ඒ සඳහා ශ්‍රී.ල.නි.ප. මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායමේද සහාය ලබා ගැනීමට සාකච්ඡාවක් පැවැත්වෙනු ඇතැයි මේ ගැන දේශයට කරුණු දැක්වූ ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය. ඒ අතර ලබන අගෝස්තුවේ අවසන් වීමට නියමිත ශ්‍රී.ල.නි.ප., එ.ජා.ප. එකඟතා ගිවිසුමද සංශෝධනය කෙරෙනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් කීය.

I දේශපාලන වාර්තාකරු