
යහපාලන රජයේ ශ්‍රීලනිප ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 12 දෙනෙකු ලබන අගෝස්තු මාසයේ සිට ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි එම ඇමැති කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් “දේශයට” පැවසීය.
නම් සඳහන් කිරීමට අකැමැති වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේ ස්වාධීනතාවය ප්‍රකාශ කිරීමට පෙර පවත්නා දේශපාලන තත්ත්වය ගැන පූර්ණ අධ්‍යයනයක් කරන බවයි.
2015 පිහිටුවන ලද සම්මුතිවාදී රජයේ දේශපාලන එකඟතා මේ අගෝස්තු මාසයේ අවසන් වේ. ඊට අමතරව ආණ්ඩුවේ කටයුතු කෙරීගෙන යන ආකාරය සම්බන්ධයෙන් හටගෙන තිබෙන අසතුටත් මෙම තීරණය ගන්නට බලපෑ ඇති බව හෙතෙම සඳහන් කළේය.
මෙකී දේශපාලන තීරණය ගැනීමට පෙර ඉදිරි මාස තුනේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය පූර්ණ අධ්‍යයනයකට ලක්කිරීමට තීරණය කර ඇත. ඉදිරියේ සිදුවන විශේෂයෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ ප්‍රතිඵල රටට බලපාන ආකාරය ගැන දැඩි අවධානයෙන් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
l ගයාන් ගාල්ලගේ