2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

විශ්‍රාමික 12 දාහකගේ කෝටි 1300ක් හිරවෙලා

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 263

I සංජීවිකා සමරතුංග

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ලැබීමේදී ගෙවිය යුතු විශ්‍රාම පාරිතෝෂිකය ගතවූ වසර තුනක කාලය තුළ විධිමත් ලෙස ගෙවීමට නොහැකි වීමෙන් විශ්‍රාමික 12,843 දෙනකු බලවත් පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට කරන ලද දැනුම්දීම පරිදි වසර 3ක් තිස්සේ ගෙවීමට නොහැකි වී තිබෙන විශ්‍රාම පාරිතෝෂික මුදල රුපියල් කෝටි 1331කි. (රැපියල් මිලියන දහතුන් දහස් තුන්සිය දාහතරකි.)

සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයන් 2500 – 3000ත් අතර සංඛ්‍යාවක් මසකට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබති. ඒ අය වෙනුවෙන් මසකට ගෙවිය යුතු විශ්‍රාම පාරිතෝෂිකය රුපියල් කෝටි 300ක් හෙවත් බිලියන 3කි. එහෙත් මේ වසරේ සිට රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65ක් දක්වා ඉහළ නංවා ඇති බැවින් විශ්‍රාම පාරිතෝෂික ගෙවීම 50%කින් පමණ අඩුවනු ඇතැයි රජය ගණන් බලා තිබේ. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයකු විශ්‍රාම ගන්නා විට හිමිවන විශ්‍රාම වැටුප මෙන් විසිහතර ගුණයක් විශ්‍රාම පාරිතෝෂිකය වශයෙන් ලැබීමට ඕනෑම රාජ්‍ය සේවකයකුට අවසර ඇති බව වාර්තා වෙයි.

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03