I ගයාන් ගාල්ලගේ
එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුත් අලුත් සන්ධානයක් බිහිකිරීම සඳහා පක්ෂ කීපයක් අතර සාකච්ඡාවක් මේ දිනවල පවතින බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ සඳහා දැනට ආණ්ඩුවේ සිටින සහෝදර පක්ෂ කිහිපයක් එකතු වී ඇති බවත් නිල නොවන අයුරින් එකී සාකච්ඡා පවත්වන බවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
එම පක්ෂ අතර ඇතිකරගත් එකඟතා සහ වර්තමාන ආණ්ඩුව බිහිකිරීමේදී ඇති කරගත් එකඟතා කීපයක් මූලික කරගනිමින් මෙකී සන්ධානය ගැන සාකච්ඡා පවත්වන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය. එහෙත් පළාත් සභා ඡන්දය පිළිබඳ අවසන් තීරණය ගනුලබන්නේ ලබන 19දා පැවැත්වෙන පක්ෂ නායක හමුවෙන් පසුව බවද එම ප්‍රකාශකයා කීය.