2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

ශ්‍රීලනිප මහ ලේකම් පුටුවේ පෙරළියක්!

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 406


අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පෙළේ තනතුරු ගණනාවක් වෙනස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රධාන තනතුරු වන්නේ ශ්‍රීලනිප මහලේකම් ධූරය හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධූරයයි. තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන ආකාරයට අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එ.ජ.නි.ස මහලේකම් ධූරය වෙනුවට ශ්‍රී.ල.නි.ප මහලේකම් ධූරය පිරිනමනු ඇත. ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර එ.ජ.නි.ස මහ ලේකම් ධූරය හා ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායක ධූර බෙදී යනු ඇතැයි සඳහන් වේ. මේ ගැන අවසන් තීන්දුවක් තවමත් ගෙන නැතත් දුමින්ද දිසානායක මහතා බොහෝ විට පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට නම් කිරිමට ඉඩ ඇතැයි කියවේ.

සංජීවිකා සමරතුංග l