2017 මාර්තු 25 වන සෙනසුරාදා

ඌව - මධ්‍යම ඡන්ද මුලින්ම

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

දේශපාලන වාර්තාකරු I

ඌව සහ මධ්‍යම පළාත් සභා ඡන්ද මේ වසර අවසානයේ පැවැත්වීමට රජය විශේෂ තීන්දුවක් ගෙන ඇතැයි දේශයට වාර්තා වෙයි.

එහෙත් මේ වසර අවසානයේ නිල කාලය හමාරවීමට නියමිතව ඇත්තේ උතුරුමැද - සබරගමුව
 සහ නැගෙනහිර පළාත් සභාවලය. එම පළාත් සභාවලට පෙර ඌව සහ මධ්‍යම පළාත් සභා දෙකේ ඡන්දය පැවැත්වුවහොත් පළාතේ සුළු ජන ඡන්ද බහුතරයක් සම්මුතිවාදී රජයට සහාය පළකරනු ඇතැයි රජය අපේක්ෂා කරයි. එම හේතුව මත කල්තබා මෙම ඡන්ද පැවැත්වීමෙන් සෙසු පළාත් සභාවල ජනමතය දිනා ගැනීමටද පහසු වන බව රජයේ අදහස වී තිබේ. මෙම මැතිවරණ දෙකට සමගාමීව මේ වසරේ කාලය හමාරවන නැගෙනහිර පළාත් සභා මැතිවරණයද පැවැත්වීමට මෙම සාකච්ඡාවේදී තීන්දු වී තිබේ.

සෙසු පළාත් සභා ඡන්ද ඊට පසුව පැවැත්වීම රජයේ අරමුණයි.
එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් විසින් මෙම යෝජනාව රජයට ඉදිරිපත් කර ඇති අතර කල් තබා එකී පළාත් සභා විසුරැවා හැරීමට ජනාධිපතිවරයා හරහා පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය ලබාගත යුතුය. නිසි කලට ඌව හා මධ්‍යම පළාත් සභා ඡන්ද පැවැත්වෙන්නේ නම් මධ්‍යම පළාත් ඡන්දය 2018 වසරේදීත් ඌව පළාත් සභා ඡන්දය 2019 වසරේදීත් පැවැත්විය යුතුය.