2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

පෝක් සොසේජස් බේක් බීන්ස් ග්‍රිල්ඩ් මෂ්රූම්ස් එක්ක Let’s Brunch

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

Brunch කියන්නෙ ඇත්තටම හරි අපූරු සංකල්පයක්. ටිකක් පමා වෙලා ගන්න උදේ ආහාරයයි ටිකක් වේලාසනින් ගන්න දිවා ආහාරයයි තමා Brunch කියලා හඳුන්වන්නෙ. ඉතින් Brunch ගැනම කතා කරන අවන්හලකට මම පහුගියදා ගොඩවුණා. ඒ තමයි බම්බලපිටියේ Let's Brunch අවන්හල.  ඇණවුම් කරපු කෑම වේල ඔබේ මේසයට එනකම් ඔබේ මේසය මත තිබෙන කඩදාසි පාට පැන්සල් පාවිච්චි කරලා චිත්‍ර අඳින්න විනෝද වෙන්න අවස්ථාවකුත් සලසලා තියෙනවා. ඒක හොඳ අත්දැකීමක්. 

මෙතැන සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පන්නයේ ආහාර තමයි පිළිගැන්වෙන්නෙ. ඉතින් මමත් සම්පූර්ණ ඉංග්‍රීසි කෑමවේලක් ලබාගත්තා. පෝක් සොසේජස්, බේක් කරපු බීන්ස්, ග්‍රිල්ඩ් මෂ්රෑම්ස් සහිත The Full English, Eggs Benedict with Spicy crab, Eggs Benedict with Bacon කියන ආහාර පිඟන් තුනේම රස මම බැලුවා. ගොඩක් හොඳයි. 

කෑමවලට අමතරව මොක්ටේල්, කොක්ටේල්,  smoothies සහ Juice වර්ග ගොඩක් තිබුණා. හැබැයි ගොඩක් කෑම ජාති රස බලපු නිසා ඒවා කොහොමද කියලා බලන්න විදිහක් තිබුණෙ නැහැ.  මුහුදත් රේල් පාරත් අයිනේ පිහිටලා තියෙන මේ එළිමහන් අවන්හල විශේෂයෙන්ම පවුලේ අයට හොඳ රසබර අත්දැකීමක් එකතු කරන්න පුළුවන් තැනක්. 

 ධනූ
ඡායාරූප l KING'S Co.