2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

නූතන ලිච්ඡවීන්

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 143

කමත් එක රටක - රජුන් හා මැති පිරිවර
සමගිව සහ තොසින - කරයි රට පාලනය මෙලසින

දෙපිරිස එක්වෙමින් - එක්තැන්හි රැස්වෙමින්
සැමට අත් උස්සමින් - කරයි සම්මත පණත් විගසින්

සතර කන් මන්ත‍්‍රණ - ඇතිමුත් නැහැ පෙන්වන
අත් දී සිනාසෙන - බලන් මෙ රටෙ රාජ පාලන

නොපැනූ නීති නැති - පැන වූ නීති සුරකති
කීවත් මැති ඇමති - නවයි නීතියේ ඇවසි සැම පැති

දහමට මුල් තැන - දෙමින් දම් සුරකින
හැබයි ගුණ ගායන - තිබිය යුතු වේ මීට කාරණ

කුල කුමරියො රකින - කුල සිරිතෙහි යෙදෙන
කුලයට ආවඩන - ඇතිය හැමතැන ගෙවල් වාහන

නිළියන් ප‍්‍රධානය - අන් හැම අප්‍රධානය
හෙතම උතුමාණය - ඒත් නැත අවමානය

බඹරිඳු රොන් ගනිත - සමයි අප බදු බර
සැමට එක හා සම - නැතිය අන් පුර මෙදියත

I පූජ්‍ය බෝදාගම සුමන හිමි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00