2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

චුට්ට කාලයකට හරි

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 167

ගිම් කල්පය
එළඹුණා
කඳුළු මල්ලක් අරන්
එන්න
හනි හනික
මලානික 
සිකුරු තරුවෙන්
මඟ අසාගෙන
ඉපල් කිනිත්තකට වෙලා
පැළිවළම් පැළුන
අතීතයට 
ඔරවන්න...
තනි පියාපත්වලින්
ඉගිල්ලෙන්න බැරිවුණත්
බොහෝදුර
ජීවිතේ තව
කොච්චර කෙටිද?
සොඳුරිය
►අජිත් ලියනගේ

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00