2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

සොහොන් බිමක ප්‍රේමය

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

පාළු බිහිසුණු රෑක ගොම්මන්
ඇවිද හනිකට බිමක හොල්මන්
සොහොන් බිම ළඟ ඇවිද ඉක්මන්
ලෝම ඩැහැ දා බැලිමි පෙරමං......

අතීතයේ එක් සොඳුරු මතකය
මිහිදන්ව පස් මත හුදකලාවම
බලන්නට නුඹ වැළලූ බිම් කඩ
බිය පහව ළං වුණා නුඹ වෙත.....

මලානික ගොක් කොළ වළල්ලක
මිහිදන්ව සිටි තැනම එළිකොට
පස් බුරුල් කොට තිබෙනු දැක මා
නෙතඟ කඳුළින් බැලිමි වටපිට.....

තවත් එක් නාඳුනන මිනිසෙක්
ළඟම නෙතකට කඳුළ ගෙනෙමින්
මගේ නෙත් කඳුළින් පිරුණු තැන
මට අහිමි කර මිහිදන්ව ඇත........

►බෝදාගම සුමන හිමි

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00