2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

මායාව

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 156

ඇය මගේ ලොව රජවෙලා
මධු සඳක් සේ පායලා
එවන් දැහැනේ තනිවෙලා
දෑලේ මායා පෙම් කළා

ස්වප්නයෙන් එළි වූ දිනේ
මීදුමක් පාවී ගියේ
ඇගේ මායා විල් තෙරේ
මුලා වුණු බව වැටහුණේ

අන් ලොවක් වෙත පායලා
ඇගේ පුන්සඳ හිනැහුණා
අවසඳක් මට පෙන්වලා
සැණින් ඉවතට ඉගිලුණා

ඔබට මා දුන් දුක් සුසුම්
පාව යාවිද යළි ඉතින්
කමන්නට ආ මුත් සොවින්
සොමි සඳක් වැනි වත දකිම්

කෙලෙස් සයුරින් අත් මිදී
යන මඟට ඔබ නොම සැලී
එකතු වන්නට හිත හැදී
මේ ලොවේ මට පිං මදී...

 
►අසංක ගයාන් අබේසිංහ