2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

දිගු ගමනක්

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

හති ඇර ඇර එක දිගට 
මදැයි ආවා මේ තරම්වත් දුර 
කිටි කිටි ගගා නුඹ ගැහෙන විට
හෙලවුණේ මගෙ හිතයි ඇත්තටම
තව දුරක් යා යුතුයි ගමනාන්තයට 
හෙමින් වුව අපි යමු පරෙස්සමට 
අලුත් රියවල් හරඹ කර 
විසුළු පා උපහාස කෙරුවාට
සොදුරු වාහන නොමැති දුර දිනෙක 
මඟ දිගේ නැගුව අභිමන් ගීත 
මතක සුව පවනෙ වැද 
කළ ගුණ සිහි කරයි සෙනෙහසින...

සන්ධ්‍ය  කුමුදිනී ලියනගේ

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00