පියමැන්නෙමි... බොහෝ දුර
මායාවේ ලෝගුවෙන් කය වසා ප්‍රේමයේ දුහුල් වේල්පටින් නෙතු වසා
සැරිසැරුවෙමි... අසීමාන්තිකව
සීමා පවුරු ඇති ලොවක
සිහින පලසක නැඟී
අහා....!
නොසිතුවෙමි... කිසිවිටක
අහසින් බිමට බට යුතු බවක්
ලෝගුව උනා දැමිය යුතු බවක්
දුහුල් සළු ඉරී වියැකෙන බවක්
දෛවයේ අවසන....
දුහුල් සළු වියැකී නෙතු විවර වූ විට
පසක් කරගතිමි... ඉඳුරාම
ජීවිතේ තිත්ත වී ඇති බව
වඩා වැඩියෙන් මීපාසානම්වලට
අහෝ...!
දෙවියන් වහන්සේ මට කමා කරන සේක්වා!
අතෘප්තිකර ආශාවන් ජන්ම කළ සිහින ලුහුබැඳ
ගිල්වා දැමුවෙමි... මා විසින්ම
මාගේ ආත්මය වේදනාවේ අඳුරු අගාධයට..
►අනුත්තරා කොඩිකාර