2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

මීලොල් හිමිට

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 179

සුනාමියක් වී ඔබ
ආවත් කමක් නෑ මට
මගේ සෙනෙහේ මන්දිර ගම්දොර බිඳ දා
විකල් සිතින් රාත්‍රිය අරගෙන
නෑවිත් ඔබ මගේ ලෝකෙට...

ගංවතුරක් වී ඔබ
ගැලුවත් කමක් නෑ මට
ගිලුනදෙන් ඔහේ සෙනෙහේ ඔරු කඳ
ඉවසගන්නට බෑ මට නම්
නුඹේ මීලොල් සැඳෑවන්
අවසඟ කතාවන්

සැඩ සුළඟක් වී ඔබ
හැමුවත් කමක් නෑ මට
නිවුණදෙන් ඔහේ සෙනෙහේ පහන් සිලු
ඉවසගන්නට බෑ මට මේ 
පර අඹු හා හාදකම්
මැදියම් නාඩගම්

►ජයන්ත ග. ජෝතියරත්න

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00