2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

පරමත්ථ පාරමී

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 106

රෑ මැදියමේ වෑබඩ
පිපාසිත හිවලුන්ගෙ හූ හඬ
සොයුර ගියේ දැයි හිමයට
විප්ලවයෙ සකසන්න මුවහත

බත් කඳුළකට ලොබ බැඳ
හඬා නිදියති දරුකැල
හෙට දිනන ලෝකය
ඇගේ වතෙහිත් සොයුර දුටුවෙද?

දුරුතු සීතල පලවමින
පරාර්ථයෙ ගිනි පුලිඟු දල්වන
එනතුරා ඔබ, දෙණියේ මංකඩ
නපුරු මිනිසුන් සැඟව සිටියද?

බියකරුය මේ අමාවක රැය
පිනි වැටෙයි තණ අගින් සුළඟට
හෙමි හෙමින් පුරවන්න සඳවත
හදවතින් රතු උරාගත්තද?

හිරු නොමැති දිනයක් උදා වී
නුගරුකේ පත් නිසොල්මන් වී
විමුක්තියෙ රන් කෙතට ලෝල වී
පිරුව ඔබ පරමත්ථ පාරමී

අජිත් ලියනගේ

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00