මේ යහපාලන ආණ්ඩුව ගේන්න මුලින්ම එළියට බැහැපු කිහිපදෙනාගෙන් අයෙක් ඔබ. අවුරැදු දෙකක් ගතවෙන්නත් ආසන්නයි. සන්තෝෂයෙන්ද ඉන්නේ මේ සිද්ධවෙන දේවල් ගැන?
මිනිස්සුන්ට බයක් සැකක් නැතුව ජීවත්වීමේ අයිතිය අපි හදලා දුන්නා. දකුණට විතරක් නෙවෙයි උතුරටත්. අපි ස්වාධීන කොමිෂන් සභා බිහිකළා. අධිකරණය ස්වාධීන කළා. 19 වැනි සංශෝධනය ගේන්න ව්‍යවස්ථා සභාව පිහිටෙවුවා. පොරොන්දු වුණ විදිහට මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ලෑස්තියි. තොරතුරැ දැනගැනීමේ නිදහස සඳහා අවශ්‍ය පනත් රුගෙන ඇවිල්ලා තියෙනවා. විගණන පනතත් දැන් ලෑස්තියි.
ඔබ ඔය කියාගෙන යන්නේ පසුගිය කාලේ ආණ්ඩුව කටපාඩමින් කියපු ලැයිස්තුව. හැබැයි පිට ඉඳලා දකින අපට පේන්නේ ආණ්ඩුව දැන් දෙදරමින් තියෙනවා කියලා?
ඇතුළේ කචල් වුණත් මොකද, රටේ තත්ත්වය කොච්චර හොඳද. මතක තියාගන්න මේ තමයි ලංකා ඉතිහාසයේ පළමුවැනි එක්සත් ආණ්ඩුව. මේ එකට වාඩිවෙලා ඉන්නේ කපාගත්ත මරාගත්ත නයි මුගටි වෛරයෙන් හිටිය පක්ෂ දෙකක්. ඒක නිසා පළවැනි පරීක්ෂණය සුන්දර විදිහට අවසන් වෙන්නේ නැහැ. ඊයේ කැබිනට් මණ්ඩලයේදී සියලුම අමාත්‍යවරැ ජනාධිපතිවරයා සමඟ එකම මතයක හිටියා.
ඔබ ඔහොම හිටියට එක්සත් ජාතික පක්ෂයේ රංගෙ බණ්ඩාර අමාත්‍යතුමා ප්‍රසිද්ධ මාධ්‍යයක කිව්වා ආපහු කිසිදවසක මෙහෙම එක්සත් ආණ්ඩුවක් ගැන හිතන්නෙ නැහැ කියලා. රූ නිදාගන්න යද්දිත් උදේ අවදි වෙද්දිත් ප්‍රාර්ථනා කරන්නේ මේක ඉවරයක් වෙන්න කියලා ඔහු කිව්වා?
ඒ එක එක්කෙනාගෙ බුද්ධි මට්ටම. රටේ ජනතාවට අවශ්‍ය පොදු එක්සත් ආණ්ඩුවක්. ඒගොල්ලට තියෙන ප්‍රශ්නෙ ඒ ගොල්ලන්ගේ ඇමැතිකමට බලතල දීලද නැද්ද කියන එක. එයාලා එහෙම වුණාට අපි ආවේ අපේ ඇමැතිකම් අතහැරලා.
රාජපක්ෂ ආණ්ඩුව පෙරළෙද්දී රාජපක්ෂ පවුල කෙරෙහි රටේ ජනතාවගේ තිබ්බ කලකිරීම තාමත් ඒ විදිහටම තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?
ඒ පිරිහීම සනාථ කරන්න තමයි වංචා දූෂණ පරීක්ෂණ සිදුකළේ. නමුත් මේ පරික්ෂණ ඉබිගමනින් යනකොට ඔවුන්ට තාවකාලිකව ජයග්‍රහණයක් ලැබෙනවා. මම හිතනවා දීර්ඝකාලීනව ඒ සහනය ඔවුන්ට ලැබෙන එකක් නැහැ කියලා.
රාජපක්ෂ මහත්තයා යන යන තැන ඇති පදම් සෙනඟ ඉන්නවා කියලා නම් පේනවා?
ඒ ගොල්ලන්ට දැන් දේශපාලනය කිරීම විතරයි කරන්න තියෙන්නේ. රාජ්‍ය තන්ත්‍රය පවත්වාගෙන යාමක් නැහැ. එහෙනම් ඔය සෙනඟ ඉන්න තිබුණනේ ගිය සැරේ මැතිවරණයේදී. ලංකා ඉතිහාසයේ කිසි දවසක වියදම් නොකළ තරම් සල්ලි වියදම් කරලා රාජ්‍ය තන්ත්‍රය උපරිමයෙන් පාවිච්චි කරලත් ඡන්දය පරාදයිනෙ.
රාජපක්ෂලත් එක්ක බොහොම කිට්ටුවෙන් හිටිය ඔබ පසුකාලීනව ඔවුන් සිරගත කරන්න ඕන කියලා ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වේ ඔවුන් සමඟ තියෙන පෞද්ගලික වෛරයකට කියලා රාජපක්ෂ පවුලේ අයෙක්ම චෝදනා කළා?
මෙහෙමයි. කවදාවත් මහින්ද රාජපක්ෂ මහත්තයා ඒක කියන්නෙ නැහැ. ඒ පවුලේ ඉන්න දේශපාලනය නොදත් අනිත් මිනිස්සු හින්දා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයටත් මේ වගේ තත්ත්වයකට වැටෙන්න වුණේ. ඒ මිනිස්සු කියන දේවල් කවුද ගණන් ගන්නේ. බැසිල්ටත් දේශපාලනය තේරෙනවා. චමල් ඇරැණම අනිත් කාටවත් දේශපාලන ඥානයක් නැහැ.
මහින්ද මහත්තයත් එක්ක සමීපව කතා කරලා ඇසුරැ කරලා ඉන්නවා වගේ?
මහින්ද රාජපක්ෂ මහත්තයා මට කොහොමත් මාසෙකට සැරයක් දුරකතනයෙන් කතා කරනවා. එතුමාට යම් අසාධාරණයක් වෙලානම් මට කියනවා. මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම කරනවා. එතුමා දන්නවා මම විරැද්ධ එතුමට නෙවෙයි එතුමගෙ වැඩපිළිවෙළට කියලා.
කතාවක් තියෙනවා පසුගිය ආණ්ඩුවේ වැරදි කළා කියලා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම තීරණය කරන්නේ ඔබ, පාඨලී චම්පික හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු පිරිසෙන් සමන්විත කමිටුවකින් කියලා?
අනේ නැහැ. චන්ද්‍රිකා කුමාරණතුංග මට හම්බෙලා නැහැ දැන් මාස හය හතකින්වත්. චම්පිකයි මමයි දෙන්නවත් කවදාවත් මෙයා අත්අඩංගුවට ගන්න ඕන කියලා කිසිම තීරණයක් අරන් නැහැ. එහෙම පහත් දේශපාලනයක් මගේ නැහැ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය දවසක අල්ලස් හා දූෂණ විර්ශන කොමිසමත්, FCID එකත් සම්බන්ධව සැර ප්‍රකාශයක් කළා. මේ ප්‍රකාශය ඇතුළේ ගම්‍ය වෙන්නේ ආණ්ඩුවේ දෙදරීමද?
නැහැ... නැහැ... දෙදරීමක් නෙවෙයි. ගැටලුව තියෙන්නේ පත්කරපු ආයතන පිළිබඳව. මේ ආයතන හැම තිස්සෙම පොඩි පොඩි සිල්ලර සිද්ධි ගේනවා. තෝරැ මෝරැ හංගනවා. මහින්ද රාජපක්ෂ එක්ක හිටපු සමහර ලේකම්වරැ කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කළා. ඒ පිළිබඳ ආපු වාර්තා අපි දුන්නා. මමත් චම්පික ඇමැතිතුමත් ඒ මුදල් අරන් ගියපු හැටි ඔක්කොම වාර්තා දුන්නා. අද වෙනතුරැ කිසිදෙයක් වුණේ නැහැ.
ඒත් ඔය කිව්ව ආයතන හැමදාම කාවහරි අත්අඩංගුවට ගන්නවා, කාවහරි උසාවි අරන් යනවා?
මොනවද ඒ අහන්නේ? බැසිල් රාජපක්ෂ පයිප්ප කීයක් බෙදුවද, කෙහෙළිය රඹුක්වැල්ල පයිප්ප බෙදුවද, ජොන්ස්ටන් කැරම් බෝඩ් කීයක් බෙදුවද වගේ දේවල්. ඕව නෙවෙයිනෙ අහන්න ඕන. ඔයිට වැඩිය කොච්චර දේවල් තියෙනවද? ජොන්ස්ටන්ලගේ එතනෝල් ගනුදෙනු, කෙහෙළියගේ ටෙලිනාට්‍ය ගනුදෙනු, මහින්දානන්දගේ මේගා ඩීල් ගැන කිසිම දෙයක් මෙයාලා හොයන්නෙ නැහැනේ. ගෝඨාභය රාජපක්ෂ හිරකරන්න මිග් ගනුදෙනුව ගැන හොයන්නෙ නැතුව පහසුවෙන් බේරෙන්න පුළුවන් විදිහට ඇවන්ගාඩ් එකට නඩුවක් දාලා තියෙනවා.
ප්‍රශ්නෙ තියෙන්නෙ ඇමැතිතුමා, අපි අහන්න ඕන දේවල් ඔබතුමන්ලා අපෙන් අහන එකනේ?
ඇත්ත. ඇත්ත. පැහැදිලිවම ඒ තත්ත්වයට අපි වැටිලා තියෙනවා. මේ ආයතනවලට පත්කළ මිනිස්සු අපේ රජය අසරණ කරලා තියෙනවා. දැන් බලන්න රාජපක්ෂ පවුලේ සහ ලේකම්වරැන්ගේ ඩුබායිවල තිබ්බ ගිණුම්වල සිද්ධිය.
මොකද්ද ඇමැතිතුමා ඒ සිද්ධිය?
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂකතුමියයි, එක්තරා නීතිඥයෙකුයි මෝඩ තාලෙට ගිහිල්ලා ජනාධිපතිතුමාගෙන් අත්සන් අරගෙන, පස්සෙ ජනාධිපතිතුමාම ඊයේ කිව්වා අධ්‍යක්ෂකතුමිය අත්සන ගත්තේ ඩුබායි රටේ එමීර්වරයාට ලියපු ලියමනට කියලා. ලියමනෙන් කිව්වේ රාජපක්ෂ පවුලේ බැංකු ගිණුම් හෙළිකරන්න කියලා ඩුබායි රටට කළ ඉල්ලීමක්. ඒ ලියමන අරගෙන පැයකින් මෙන්න මහින්ද රාජපක්ෂ සිරිසේන ජනාධිපතිතුමාට කතාකරලා අහනවලු ඔයා මට විරැද්ධව වත්කම් හොයන්න ඉල්ලලා එමීර්ට ලියුමක් ලිව්වා නේද කියලා. ජනාධිපතිතුමා අහනවා ඊට පස්සෙ, කවුද රාජපක්ෂලට මේවා කියන්නේ කියලා. ඔන්න ඔයවගේ තත්ත්වයකට දැන් අපි පත්වෙලා තියෙනවා.
ජනාධිපතිතුමා කිව්වේ ඔය කිව්ව ආයතන වැඩකරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට කියලා. ඔබත් හිතනවද ඒක එහෙමයි කියලා?
නැහැ. දේශපාලන න්‍යාය පත්‍රයකට වඩා ජනාධිපතිතුමා කිව්වේ කාරණා තුනක්. එකක් තමයි පැරදිලත් තනිකර බල කෑදරකමින් රාජපක්ෂලා වැඩකරනවා කියන එක. අනිත් එක හිටපු ආරක්ෂක ලේකම් හා හමුදාපතිවරැ තුන්දෙනෙක් අධිකරණයට අරන් ගියපු සිදුවීමේදී ඒ හමුදාපතිවරැ තුන්දෙනා අරන් ගියා කියන එක පමණයි වැරදියි කියලයි කිව්වේ. එහෙම කිව්වෙත් දේශපාලන හේතුවක් හින්දා නෙවෙයි ඒ කළ දේ නිසා ආරක්ෂක අංශවල කැලඹීමක් ඇති වූ නිසා.
ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමට චෝදනා කළා ඔවුන් රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහිව හේතුසාධක සහිතව පැමිණිලි කරලා තිබුණත් තවමත් ඒ ගැන නිවැරුදි පරීක්ෂණයක් සිදුකරලා නැහැ කියලා?
කවුද කියන්නේ. ඒ පැමිණිලි සම්බන්ධව සියලුම විමර්ශන කටයුතු දැන් ඉවරයි. විමර්ශන ඉවර කළා කියලා ඒගොල්ලන්ට දන්වන්නේ නැහැනෙ. එයාලා දන්නෙ නැතුව ඇති ඒ නිසා.
හැබැයි අපි දැක්කා ඔබට අල්ලස් කොමිසමෙන් අවස්ථා අටක් එන්න කියලා තිබුණත් ඔබ එකවරක්වත් එහි ගියේ නැහැ කියලා?
බොරැනෙ. අවස්ථා අටක් කියන්නෙ, මාසෙකට සැරයක් දැන්නුවා කියලා සැලකුවත්, මාස අටක්වත් වෙන්න එපායැ.
ඔබට එහෙම එන්න කියලා අවස්ථා අටකදී කිව්වේ නැද්ද?
මොන පිස්සුද. මට එන්න කියලා කිව්වා එක සැරයක්. ඒ කිව්වේ පෙබරවාරි 29 මගේ ශල්‍යකර්මය තියෙන දවස්වල. මට පුළුවන්ද ඒ අස්සේ මෙහෙ එන්න. ඒ ඉවරවෙලා ඇවිල්ලා මම ගියා.
මොකද සිද්ධ වුණේ?
ඒගොල්ලො ප්‍රශ්න ඇහුවා. ඔක්කොටම මම උත්තර දුන්නා. එච්චරයි.
ඒ වගේම පසුගිය ආණ්ඩුව කාලේ ඔබ උපයපු මුදලින් නැව් කිහිපයක් මිලට අරගෙන නැව් හිමියෙක් වුණා කියලත් කියවුණා?
මට නැව් තියෙනවානම් තියෙන්න එපැයි. මේ ගොන්කම හා නොදන්නකමනෙ. හැම සාගරයකටම සලාක ක්‍රමයකට මසුන් අස්වැන්න ලබාගැනීමේ ක්‍රමයක් එද්දී එකෙන් බේරෙන්න තමයි අපි විදෙස් නැව් කිහිපයක් අරන් ආවේ. අද නෙවෙයි හෙටත් ඔය සලාක ක්‍රමෙන් බේරෙන්න අපට නැව් ගේන්න වෙනවා.
රාජපක්ෂ ආණ්ඩුවේ පවුල්වාදයට එදිරිව ඇවිල්ලා ඔබත් සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළේ පවුල් පාලනයක් අරන් යනවා කියලා එළියේ කතාවක් තියෙනවා?
ඔය කියන්නේ මගේ නෝනා ගැන. මගේ නෝනා කියන්නේ හිටපු අතිරේක ලේකම්වරිය. සුදුසුකම් තියන කෙනෙක් අමාත්‍යංශයේ තනතුරට දාන්නෙ නැතුව මම මුකුත් නොදන්න කෙනෙක් අරන් ඇවිල්ලා දාන්නද. කොයි ඇමැතිටද ඉන්නේ වෛද්‍ය පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්.
ඔබ සෞඛය අමාත්‍යධූරයට පත්වෙලා සැලකියයුතු කාලයක් ගතවුණා. දැන් කොහොමද රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තත්ත්වය?
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දවස්වල අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව කළ ප්‍රකාශවලින් සහ ඔවුන් අපේ රටට දීපු ඇගැයීම් දිහා බැලුවම ඔබට ඒ ගැන වැටහීමක් ගන්න පුළුවන්.
ඇයි එහෙනම් ඔබ ප්‍රතිකාර සඳහා සිංගප්පූරැ ගියේ?
ඒක ආරක්ෂක ප්‍රශ්නයක් නිසා සිද්ධවුණ දෙයක්. ඒක තීන්දු කළේ මේ රටේ අග්‍රාමාත්‍යතුමා. ඔහු කිව්වා මේ රටේ කිසිම කෙනෙකුට මාව අල්ලන්න දෙන්න එපා කියලා. ප්‍රශ්නෙ තිබුණේ වෛද්‍යවරැ සම්බන්ධව නෙවෙයි රෝහල්ගතවෙලා ඉන්න කාලේ වෙන පාර්ශවයක් යම් සිදුවීමකට උත්සාහ කරයි කියලා. මොකද ඒ කාලේ මාදුළුවාවේ සෝභිත හාමුදුරැවෝ, අපේ එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන වගේ අයගේ හදිසි අභාවය පිළිබඳව ඔහු කැළඹීමට පත්වෙලා හිටියේ.
යහපාලනය ගේන්න සහභාගි වූ පාර්ශවවලට මර්ණ තර්ජන තිබුණා කියලද ඔබ කියන්නේ?
මරණ තරජන නෙවෙයි හදි හූනියම් ආදිය කරලා පොඩි සැක සංකා හදලා තිබුණනේ. ඒ හින්දා තමයි මමත් අසනීප වුණේ කියලා හිතුණා.
එතකොට රෝහලේ බිල ගෙව්වෙ කවුද?
ඒ සියල්ල සිංගප්පූරැවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සම්බන්ධ කරලා ගෙවීම් කළා. ජනාධිපතිතුමත් සල්ලි දුන්නා. මමත් ටිකක් ගෙව්වා.
ඔබ දැන් විප්ලවීය වැඩකට අතගහලා තියෙනවා. ඖෂධ පනත හරහා රටේ බෙහෙත් මිල අඩු කරන්න ඔබ කටයුතු සූදානම් කරලා තියෙන්නෙ. මේක දුප්පත් ජනතාව වෙනුවෙන් කරන වැඩක්ද?
පැහැදිලිවම ඔව්.
ඖෂධ සමාගම්වලින් යුද්ධ ප්‍රකාශ කළේ නැද්ද?
ඇයි නැත්තේ. අපි බෙහෙත් මිල අඩුකරන ක්‍රමය තමයි කාටත් ලොකුම ප්‍රශ්නය වුණේ.
මොකද්ද මේ ක්‍රමය?
අපි සියලුම ඖෂධවල මිල අඩුකළේ නැහැ. අපි හිතමු බෙහෙතක තියෙනවා වර්ග කීපයක් විවිධ වෙළඳනාමවලින්. මිල වැඩිම එක රැපියල් 180යි. හැබැයි ලංකාවේ ඒක පාවිච්චි කරන්නේ 2෴යි. ඒකෙම මිල අඩුම එක තියෙනවා රැපියල් 30යි. මේ දෙකම ලංකාවේ පාවිච්චි වෙන්නෙ අඩුවෙන්. වැඩිපුරම පාවිච්චි වෙන්නේ රැපියල් 50, 60, 75 මිල කාණ්ඩයේ තියෙන ඖෂධය. අපි මාධ්‍ය සංදර්ශනයක් දාලා අර රැපියල් 180 ඖෂධය 50෴ක් මිල අඩුකළා කියමු. රැපියල් 90යි. වැඩක් නැහැනෙ. ඒ නිසා අපි කළේ වැඩියෙන්ම වෛද්‍යවරැන් නිර්දේශ කරන 50, 60, 75 මිල කාණ්ඩයේ ඖෂධවල මිල අඩු කළ එක.
කොපමණ ප්‍රමාණයකින් මිල අඩු වෙනවද ඇමැතිතුමා?
සමහර බෙහෙත් 45෴යි. සමහර ඒවා 50෴යි. සමහර 80෴ වගේ ලොකු ගණනකින් අඩුවෙනවා.
මහාචාර්ය සේනක බිබිලේ එදා ඔබ අද කරන්න උත්සාහ කරන දේ නිසා විශාල ගැටලුවලට මුහුණ දුන්නා. ඒ සම්බන්ධව ඔබේ අත්දැකීම් කොහොමද?
යුරෝපා සංගමයේ සියලුම තානාපතිවරැ ඇවිල්ලා අගමැතිතුමා හම්බවුණා. අපට කිව්වා යුරෝපයේ සහ අමෙරිකානු ඖෂධ මේ ලැයිස්තුවෙන් ඉවත් කරන්න කියලා. අපි ඒකට එකඟ වුණේ නැහැ. ඊට පස්සේ අපට කිව්වා ඉස්සරහට ඖෂධ හිඟයක් ඒවී කියලා.
ප්‍රසාද් අබේවික්‍රම