2018 ජුලි 21 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

බැසිල්ගෙන් සම්පන්දන්ට ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්ය සහ ප්‍රධාන චරිතය වන බැසිල් රාජපක්ෂ පසුගියදා ටී.එන්.ඒ. නායක රාජවරෝදියම් සම්පන්දන් මහතාට දැඩිව පහර දුන්නේය. තම පක්ෂයේ අලුතින් පිහිටුවන ලද වෘත්තීය සමිති සාමාජිකයන් බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේදී හමුවූ අවස්ථාවේ මේ ප්‍රහාරය ඔහු එල්ල කළේය.

බැසිල් ප්‍රකාශ කළේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වී පොදුජන පෙරමුණට කටයුතු කළ හැක්කේ කෙසේදැයි සම්පන්දන් අසන බවය. එම පොදුජන පෙරමුණු රැස්වීමට පැමිණ සිටි පිරිස අතර ශ්‍රීලනිප පාක්ෂිකයෝද වූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලවතා වන බැසිල් ප්‍රකාශ කළේ සම්පන්දන් මහතාගේ ප්‍රශ්නයට ඇත්තේ සරල පිළිතුරක් බවය. සම්පන්දන් මහතා ෆෙඩරල් පක්ෂයට (ඉලංකෙයි තමිල් අරසු කච්චි - ITAK) එක්වූයේ 1956 දී බවත් ඔහු අද දෙමළ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ.) නායකයා බවත් එම සංධානය තුළ ITAK සාමාජිකයන්ද සිටින බවත් බැසිල් පෙන්වා දුන්නේය.

ඔහු තවදුරටත් චෝදනා කළේ පළාත් සභා ඡන්ද කල්දැමීම සඳහා වන අණපනත් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීම සඳහා යූ.එන්.පී.යට ටී.එන්.ඒ. සහාය ලබාදුන් බවය. දැන් ඔවුන් පළාත් සභා ඡන්දය ඉල්ලා කෑගසන බවද කී බැසිල් එම ඡන්දය නොඑන තත්ත්වයත් තුළ ටී.එන්.ඒ. දෙමළ ජනතාව පාවාදී ඇතැයි ප්‍රකාශ කළේය.

දැන් දෙමළ ජනතාව කියන්නෙ පළාත් මට්ටමින් බලය බෙදාගැනීමට පිහිටුවනු ලැබූ පළාත් සභා ටී.එන්. ඒ. එක මගින් විනාශ කළා කියලයි බැසිල් සඳහන් කළේය.

- සන්ඩේ ටයිම්ස්

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්න පාර හදයි

අන්‍යොන්‍ය නීති සහාය ලබාගත හැකි ආකාරයේ වැඩපිළිවෙළක් සැකසීම සඳහා ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. සිවිල් හෝ අපරාධ නීති බලගැන්වීම සඳහා උපයෝගී කරගත හැකි තොරතුරු එක්රැස් කිරීම සහ හුවමාරැ කරගැනීම මෙයින් අරමුණු කරගෙන තිබේ.

අධිකරණ අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සෙසු සාමාජිකයන් වන්නේ එෆ්.සී.අයි.ඩී. ජ්‍යෙෂ්ඨ අධිකාරි කේ.ඩී. ප්‍රියන්ත සහ එෆ්.සී.අයි.ඩී. අධීක්ෂණ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරී තුසිත් මුදලිගේ මහත්වරුන්ය.

සිංගප්පූරුව සමඟ මෙම නීති සහාය ලබාගන්නා වැඩපිළිවෙළ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා බැඳුම්කර වංචා විමර්ශනය සඳහා යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ පූර්ව ක්‍රියාවලියක් බව සඳහන් වේ. ඒ ගැන ප්‍රශ්න කිරීම සඳහා සී.අයි.ඩී.යට ඔහු අවශ්‍ය කර තිබේ.

- සන්ඩේ ටයිම්ස්

දියාරු වැඩ

රාජපක්ෂ පාලනයේ බලවතුන් කිහිප දෙනකුට එරෙහිව නඩු විභාග ඉක්මණින් අසා තීන්දු ලබාගැනීමට රජය මගින් කළ සැලසුම දියාරැ වී ගොස් තිබේ. ඒ වෙනුවෙන්ම පිහිටුවනු ලබන බවට සඳහන් අලුත් මහාධිකරණ තුනෙන් පළමුවැන්න පසුගිය සඳුදා (16) විවෘත වීමට නියමිතව තිබුණද එය සිදු නොවීය. එය විවෘත වන දිනයක් ගැන සඳහනක්ද නැත.

මෙරට සිදුවූ බව ප්‍රකාශ වෙන බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ නඩු ඉක්මනින් ඇසීමට මේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීමට පාර්ලිමේන්තුවේ අනුමැතියද ගනු ලැබීය. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න මහත්වරැ සහ ජානකී රාජරත්න මහත්මිය යන මහාධිකරණ විනිසුරුවරු මේ නඩු ඇසීම සඳහා පත්කරනු ලැබ සිටිති.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නිව්ෙයා්ක් ටයිම්ස් පුවත්පත මගින් එල්ල කරන ලද චෝදනාව ගැන පාර්ලිමේන්තුවේ පසුගිය 19 වැනිදා පැවැති විවාදයද දියාරැ වී ගියේය. ආණ්ඩුවේ මන්ත්‍රී පිරිසක් මේ විවාදය සම්බන්ධයෙන් මහත් උනන්දුවෙන් කටයුතු කළත් අඩුම වශයෙන් ගණ පූරණය පවත්වා ගැනීමට හෝ ඔවුන්ට හැකියාවක් නොතිබිණි. මේ හේතුවෙන් පැයකට කලින් එම විවාදය අවසන් විය. ආණ්ඩුවේ මුල් පෙළේ බොහෝ පිරිසක් විවාදයට එක්වී නොසිටීමද කැපී පෙනුණි.