2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

බුරුම ගැටුමේ තිත්ත ඇත්ත

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 181

මා මේ ලිපිය ලියන්නේ බුරුම රටේ නායිකාව වූ අවුන් සා සුචි ඒ රටට පත්කර ඇති විදේශ තානාපතිවරුන්ගේ රැස්වීමක් අමතන අතරයි. මගේ මුහුණු පොතේ දිස්වෙන ඇගේ රූපය තුළින් මා දකින්නේ මුළු ලෝකය පුරාම විවේචනයට ලක්වී සිටින නමුත් අභීතව ජාතික ප්‍රශ්නයකට මුහුණ දෙන නායිකාවකගේ හැඩරුවයි. ඇගේ කතාව කෙරේ ලෝකයේ බෝහෝ රටවල අවධානය යොමු වී ඇති බව දැනගත හැක්කේ නන්දෙසින් එන ඉලෙක්ට්‍රොනික පිළිතුරු එම ඇසිල්ලෙන්ම මුහුණුපොත මතට වැටෙන නිසයි. එම ප්‍රතිචාර බොහෝමයක් මුස්ලිම්වරුන් විසින් එවා ඇති අතර වැඩි හරියක්ම ඇයට අපහාස උපහාස කරමින් එවන ලද “පෝස්ට්ය.” එහෙත් ඇගේ කතාවෙන් හෙළිදරව් කරන වැදගත් ප්‍රශ්නය නම් මෙම අර්බුදයට හේතුව අරාබි රටවල් විශාල මුදලක් වැය කර “වහාබ්ම්” නැමැති අන්තවාදී අදහස් මුස්ලිම් ජාතිකයන් අතර පතුරුවා හැරීමයි. 

මීට පෙර ලිපියක මා පෙන්වාදුන් කරුණක් බුරුම නායිකාව ඇගේ කතාවේ දී තවත් පැහැදිලි කළාය. එනම් මියන්මාරය හෙවත් බුරුමයේ විවිධ ජනකොටස් සිටින බවයි. එම ජන කොටස් බොහෝමයක් එම රටේ කිසිම හැල හැප්පීමක් නොමැතිව ජීවත් වෙති. ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා විවිධ සංවර්ධන ව්‍යාපාර සදහා සෑහෙන මුදල් බුරුම රජය මගින් වැය කර ඇත. එසේ වුවද එවැනිම සැබෑවක් වන්නේ සෙසු ජන කොටස් වලට වඩා විශාල මුදලක් සාම්ප්‍රදායික බෞද්ධ බුරුම ජාතිකයන් සදහා අය වැයෙන් වෙන් වන බවයි. එම ආර්ථික පරතරය අද බුරුම සමාජයේ සුවිශේෂ ලකුණක් බවට පත්ව තිබේ. මෙයින් සංවර්ධනය පිළිබද සාකච්ඡාවන එක් වැදගත් උභතෝකෝටියක් කරළියට එයි. භෞතික සංවර්ධනය වෙනුවෙන් යටකරන ධනස්කන්ධය තුළින් සමාජයීය දුබලතා අඩුවෙනවාද? බොහෝ රාජ්‍ය නායකයින් විශ්වාස කරන්නේ යටිතල පහසුකම් සදහා වැඩි වැඩියෙන් මුදල් වැය කිරීමෙන් තමන්ගේ ජනප්‍රියත්වය අනිවාර්යෙන් වැඩිවෙන බවයි. මෙය සත්‍යක් විය හැකිය. එහෙත් එය එරට සිදුවේ යැයි අනිවාර්යෙන් ප්‍රකාශ කළ නොහැකිය. චීනය වැනි ඒකපක්ෂ නායකත්වය ඇති රටක එය සංවර්ධනයට අවශ්‍ය මෙවලමක් විය හැකිය. එහෙත් ඇතැම් ව්‍යාපෘතිවල අඩුපාඩුකම් හෙළිවන නිසා පාලකයින්ගේ ජනප්‍රියත්වයට හානියක් විමටද ඉඩ තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ රාජ්‍ය කාලයේ යටිතල පහසුකම් වැඩියම යොමු කරන ලද්දේ උතුරු නැගෙනහිරටය. ඒත් ඒ පළාත්වලින් ඡන්දය දෙනු ලැබූවේ වෙනත් හේතුන් මතය. එම නිසා සූචි සිය දේශනයෙන් සඳහන් කළ යටිතල පහසුකම් සංවර්ධනය පමණක් රෝහින්ග්‍යා ජනයාගේ ප්‍රශ්නයට විසදුමක් නොවන බව සිතිය හැකිය.

බුරුම නායිකාව තවත් වැදගත් ප්‍රශ්නයක් ඉස්මතු කළාය. එනම් දිගු කලක් එකමුතුව සිටි රොහින්ග්‍යා ගෝත්‍රිකයන් හදීසියෙන්ම දැඩි කලබලයක් ඇති කළේ ඇයි? කැරන් වැනි ගෝත්‍රිකයන් තමන්ට කරන ලද අසාධාරකම්වලට එරෙහි වුවද මේ විදිහේ රජය සමග ගැටුමකට ගියේ නැත. එසේනම් වෙනස වන්නේ ඉස්ලාම් වහාබ් වාදය හා ජිහාඩ් වාදයේ වර්ධනයයි. රොහින්ග්‍යා ජනතාව බුරුම පුරවැසි භාවය ලැබීමට කැමති නැත. ඔවුන් වැඩියම කැමති වන්නේ වංග සංස්කෘතිය අනුගමනය කරමින් බංග්ලාදේශයේ පුරවැසියන් වීමටයි. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන අනුව දැන් රොහින්ග්‍යා සරණාගතයින් හාරලක්ෂයක් පමණ බංග්ලාදේශයට සංක්‍රමණය වී ඇත. රටක් හැටියට ආර්ථික දරීද්‍රතාවයෙන් මිදීමට බංග්ලාදේශය ගන්නා බලවත් උත්සාහය මෙම අර්බුදය නිසා තවත් දුෂ්කරවීමට ඉඩ තිබේ. වරක් පකිස්තානයේ කොලණියක් බදුවූ බංග්ලාදේශය සලකන ලද්දේ මව්රටේ ආර්ථීක සංවර්ධනය පස්සට අදින්නක් හැටියටය. එහෙත් අද වරක් දුප්පත්ව සිටි බංග්ලාදේශය පාකිස්ථාන ආර්ථින අභිබවා දියුණුවී තිබේ.

මේ ගැටුමට මුල බුරුම බෞද්ධයන්ගේ සාහසික ක්‍රියාවන් නොවේ. ඊට නියම හේතුව නම් සෞදි අරාබියාව හා කටාර් වැනි රටවල් රොහින්ග්‍යා වැනි මුස්ලිම් ජනකොටස් මුදලින් හා ගැටුම්කාරී සංකල්පවලින් සන්නද්ධ කිරිමයි. මානව විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇති පරිදි ඉස්ලාම් සංස්කෘතිය විවිධය, විචිත්‍රය. නිදසුනක් වශයෙන් ගතහොත් ඉන්දුනීසියාවේ මුස්ලිම් භාවිතය මැද පෙරදිග මුස්ලිම් වාදයට බෙහෙවින් වෙනස්ය. මොරොක්කෝව, ඇල්ජීරියාව හා මැලේසියාව වැනි මුස්ලිම් රටවල සංස්කෘතිය ජිහාඩ් වාදයට සාමන නැත. ඉන්දුනීසියාවට අයිති බාලි දූපත් සංස්කෘතිය හින්දු ඇදහිලි හා අන්තර්ගත කිරීම එම මුස්ලිම් සංස්කෘතියේ සහජීවනය හා ජාතීන් අතර මිත්‍රත්වය හුවා දක්වයි. එහෙත් අරාබි තෙල්මත ගොඩගැසුන මැදපෙරදිග ධනයෙන් කොටසක් මූලධර්ම වාදී මුස්ලිම් ආගම ප්‍රචාරය කිරීමට ලැබී තිබේ. ඒ අනුව ආසියාකරයේ වෙසෙන මුස්ලිම් ජන කොටස් මුස්ලිම් මූලධර්ම වාදයට බලෙන් ගිල්ලවා තිබේ. ඒ අනුව ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව හා බංග්ලාදේශය වැනි රටවල මුස්ලිම් ගරිල්ලා සටන් දියත් කර ඇත. මෙතැනදී කිව යුතු විශේෂ කරුණක්ද තිබේ. එම ගරිල්ලා සටන්වලට තුඩුදෙන එම රටවල ආර්ථික හා දේශපාලන අඩුපාඩු ඇති බව පිළිගත යුතුය. එහෙත් ලාංකික අපි හොඳින් දන්නා පරිදි අභ්‍යන්තර ගරිල්ලා අරගලවලට විදේශ ආධාර අත්‍යාවශ්‍ය වේ. එම ගරිල්ලා සටන්කරුවන්ට බාහිර මුදල් හා යුදායුධ නොලැබෙන විට පරාජයට මුහුණ දීමට සිදුවේ. ප්‍රභාකරන්ට මෙන්ම චේගුවේරාටත් සිදු වූයේ එයයි.

බුරුම රොහින්ග්‍යාවරුන්ට ලැබුණ මූල්‍යමය ආධාර නිසා ඔවුන්ගේ තරුණයන්ට ගරිල්ලා හමුදාවක් පිහිටුවීමට හැකිවිය. ඔවුන් එක්වර බුරුම පොලිස් මාධ්‍යස්ථාන විසි හතරකට ප්‍රහාර එල්ල කළෝය. බුරුම පොලිස් හා හමුදා සෙබළුන් ඝාතනය කරන ලදී. ඊට පිළිතුරක් වශයෙන් බුරුම ආරක්ෂක අංශ රොහින්ග්‍යාවාදීන් සිත්පිත් නොමැතිව මරා දැමූහ. මෙවැනි ක්‍රියා හා ප්‍රතික්‍රියා ලාංකික අපට නුහුරු දේ නොවේ. දැන් රොහින්ග්‍යාවරුන්ට මෙරටට සංක්‍රමණය වීමට ඉඩ දෙන්නැයි ඉල්ලීමක් ඇතැම් මුස්ලිම් කොටස් වලින් එයි. එය මූලධර්මවාදී සර්පයන් අප ඔඩොක්කට දාගැනීමකට සමාන කළ හැකිය.  

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00