පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය ප්‍රසාද් සිරිවර්ධන
ඔබගේ දේශපාලන ජ්‍යෙෂ්ඨත්වය මම කිසි වෙලාවක ප්‍රශ්න කරන්න යන්නෙ නෑ. ඕනෑම පුරවැසියෙක්ට දේශපාලනමය කැමැත්තක් ඉතිහාසයක් තියෙන්න පුළුවන්. ඒත් ඔබ මහජන නියෝජිතයෙක් හැටියට පාර්ලිමේන්තු ගමන තාම කුළුදුල්. ඔබ එළියෙ දැක්ක පාර්ලිමේන්තුවත් ඇතුළට ගිහාම දකින පාර්ලිමේන්තුවත් අතර දකින වෙනස මොන වගේද?
දේශපාලනය කරන දේශපාලනඥයෙක්ට හීනයක් තමයි පාර්ලිමේන්තුව කියන්නෙ. පළාත් පාලන, පළාත් සභා, මේ හැමෝගෙම හීනය පාර්ලිමේන්තු යන්න. මම දේශපාලනයට අලුත්. දේශපාලනඥයෙක් වෙන්න ආපු ගමනක් නෙවෙයි. දේශපාලනය මැදින් පටන් ගත්ත කෙනෙක්. ඒ නිසා මට තිබුණු සිහින ගොඩේ එකක් හැටියට පාර්ලිමේන්තු ගමන සලකන්නෙ නෑ.
එහෙනම් ඔබ මේක ගත්තෙ මොන විදිහකටද?
මම මේක ඇත්තටම ගත්තෙ වගකීමක් වෙනුවෙන් කරන ආරම්භයක් හැටියට. අන්න ඒ උත්සාහය තමයි පළවෙනි වතාවෙම සාර්ථක වුණේ. ගම්පහ ජනතාව, මීරිගම ආසනයේ ජනතාව විශ්වාස කළා මට පාර්ලිමේන්තු ගමන සුදුසුයි කියලා. ඒ සුදුසුකම ලබපු දවසේ ඉඳන් මම කල්පනා කළ දෙයක් තමයි මට ඒක ලබා දුන්නෙ රටේ ජනතාව කියලා. අන්න ඒක ආරක්ෂා කරගන්න එක තමයි මට තියෙන වගකීම.
ඔබ ජනප්‍රිය ධාරාවේ ටියුෂන් ගුරුවරයෙක්. ඔබට හොඳ ආදායම් මාර්ගයක් තිබුණා. හැබැයි ඔබ හැමෝගෙම විවේචනයට පාත්‍ර වෙච්ච, මඩ ගොහොරුවක් වෙච්ච දේශපාලනය තෝරගන්නවා. ඇයි අච්චර සැපක් අතහැරලා අවදානමක් ගත්තෙ?
ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම ඔබට අද කියනවා මම මන්ත්‍රීවරයෙක් විදිහට පත්වෙලා මාස දෙකක් විතර ඇති. ඇත්තටම මේ මන්ත්‍රීවරයාගේ භූමිකාව කියන එක සැප භූමිකාවක් නෙවෙයි. ඊට වඩා සැපවත් ජීවිතයක් ජනතාවට වෙන විදිහකට විඳින්න පුළුවන්. ඔබ කිව්වා වගේ මම, මගේ වෘත්තිය අතරේ සැපවත් ආර්ථික තත්වයක් තියාගෙන හිටියා.
ඔබ ගුරු වෘත්තිය අතහැරලද ඉන්නෙ?
ඇත්තටම මම ජීවිතයෙ සැප වගේම සතුටත් භුක්ති විඳින තැනක් තමයි ගුරු වෘත්තිය. මම ඒකට හරි ආසයි. ඒ නිසා මම මගේ වෘත්තිය අතහරින්නෙ නෑ. මම තවමත් මගේ පන්ති කරනවා.
දේශපාලනඥයෙක්ට විවිධ දේශපාලන මත තියෙන දෙමවුපියන්ගේ දරුවන්ට උගන්වන්න යද්දි බාධාවක් වෙන්නෙ නැද්ද?
ඇත්තටම අම්මලා තාත්තලා හිතනවා මම පන්ති ඇතුළෙ මගේ දේශපාලනය කතා කරයි කියලා. මම වචනයක්වත් දේශපාලනය කතා කරන්නෙ නෑ. මම ඡන්දෙට කලින් මගේ දරුවන්ට ඡන්දෙ දෙන්න කියලවත් මම කිව්වෙ නෑ.
එහෙනම් ඇයි ඔබ මෙච්චර දෙයක් අතහැරලා දාලා මේ දේශපාලනය තෝරගත්තෙ?
ජීවිතේ එක එක කාලවලට මිනිස්සු වෙනස් වෙනවා. මම අවුරුදු විස්සක් ඉගෙන ගත්තා. මම අවුරුදු විස්සක් ඉගැන්වුවා. මට තව අවුරුදු විස්සක් දරුවන්ට උගන්වන්න පුළුවන්. මම අපේ ක්ෂේත්‍රයේ ඉන්න අවුරුදු හැටට වැඩි ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ගෙන් ඇහුවා ඔබට දැන් ගත වූ කාලය ගැන මොකද හිතෙන්නෙ කියලා. ඒ අය කිව්වෙ හැරිලා බලද්දි ජීවිතේ හිස් බවක් දැනෙනවා කියලා. සල්ලි ලැබුණත් ජනප්‍රියභාවය ලැබුණත් හැබැයි ජීවිතය ඒකාකාරී විදිහට ගියේ. ඒ වගේම ප්‍රධාන වශයෙන් බලපාපු කාරණයක් තමයි මම වෘත්තිය දේශකවරුන්ගේ ගම්පහ දිස්ත්‍රික් සභාපති වෙලා හිටපු එක. එතැනදි මට හම්බවෙන ගුරුවරු එක්ක ඒ කතා කරන දේවල් එක්ක මට හිතුණා මට වෙන විභවයක් තියෙනවා කියලා. උදාහරණයක් ගමුකො. අමරසිරි පීරිස් කියන්නෙ හොඳ වයලින් වාදකයෙක්. හැබැයි ඔහු එක්තරා අවස්ථාවක අහම්බෙන් ගායකයෙක් වෙනවා. අන්න ඒ වගේ මේ මගේ අලුත් තීරණය ගන්න මගේ ගුරුවරු සෑහෙන්න ධෛර්යමත් කළා. අමිත් පුස්සැල්ල වගේ ගුරුවරු මට සෑහෙන්න දිරිමත් කළා. ඒ නිසා මම මේ වෙනසට කැමතියි.
දැන් මේ වගේ හදිසි තීරණයක් ගත්තාම විශාල පාඩු සිද්ධ වෙන්න පුළුවන්?
ඔව් මම හිතනවා තව ටිකක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න තිබුණා. ඒ නිසා වෘත්තිය නවත්තන්නෙ නැතුව තමයි මම දේශපාලනය කරන්නෙ. මම පාට් ටයිම් පොලිටිෂියන් කෙනෙක්.
ඔබ ජනප්‍රිය ධාරාවේ හිටිය කෙනෙක් නිසා සාමාන්‍යයෙන් තෝරගන්නෙ ජනප්‍රිය ධාරාවෙ වැඩ. ඇයි අච්චර රැල්ලක් හැටියට ගිය මාලිමාව තෝරා නොගෙන සමගි ජනබලවේගය තෝරගත්තෙ?
ඕක මගෙන් දිගින් දිගටම අහපු ප්‍රශ්නයක්. හරියට නිකම් මේක උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. ඇත්තටම මම හිතන ස්ටයිල් එක වෙනස්. අපේ රටේ මේ වෙද්දි ඒකපුද්ගල ආදායම ඩොලර් හාරදාහයි. මගේ දේශපාලන හීනයක් තියෙනවා මේ රටේ ඒකපුද්ගල ආදායම දොළොස්දාහට ගේන්න. අන්න එදාට මම සමහරවිට දේශපාලනයෙන් අයින් වෙයි.
ඒ කියන්නෙ ඔබ දේශපාලනයෙන් සමුගන්නවා මේ ආණ්ඩුව හැදුවත්?
මේ ජාතික ජනබලවේගය ආණ්ඩුව 2029 වෙද්දි ඒකපුද්ගල ආදායම දොළොස්දාහකට ගෙනාවොත් මම නියත වශයෙන්ම අයින් වෙනවා. මේ ආණ්ඩුව විතරක් නෙවෙයි ඕනම ආණ්ඩුවක්. මම ආසයි ඒ වගේ රටක පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්න. ඒ නිසා මගේ ඉලක්කය තිබුණෙ ඔතන.
ඩොලර් දොළොස්දාහකට ඒකපුද්ගල ආදායම ගෙනියන්න මොන ආණ්ඩුවටද පුළුවන්?
ඇත්තටම අපි හිරවෙලා ඉන්නෙ. වර්තමාන මාලිමා ආණ්ඩුවත් හිරවෙලා ඉන්නෙ. වාමාංශික අදහස් කියන්නෙ කොහොමත් හිරවීමක්. හිරවෙච්ච අදහස් එක්ක ඉදිරියට යන්න බෑ. මම දකින දෙයක් තමයි ආර්ථික වශයෙන් විවෘත වෙන්න කැමති ව්‍යාපාර කඳවුරක් තමයි දක්ෂිණාංශික ව්‍යාපාරය. මම ඒ වගේ ව්‍යාපාරයක් එක්ක ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් නෑ. අන්න ඒ කඳවුරේ තමයි මම හිටගෙන ඉන්නෙ. එක්කො එක්සත් ජාතික පක්ෂයෙ. නැත්නම් සමගි ජන බලවේගයෙ.
ඔයා දකින ඔය විෂන් එක ජනතාවත් බලාපොරොත්තුවෙන් ඉඳලා තමයි ඩැමේජ් කර ගත්තෙ. අන්න ඒකට තමයි මාලිමාව මිනිස්සු තෝරගත්තෙ. මිනිස්සු අත්හරිනකොට ඔයා කොහොමද සජබය කඳවුර හරි කියලා කියන්නෙ?
ඔය ඩොලර් දොළොස්දාහට යන්න බැරි ප්‍රශ්නය ජනතාව හරියට තේරුම් අරන් තිබුණෙ නෑ. අපි මේ පීඩනයට මුහුණ දෙන්නෙ අද නෙවෙයි. ඒකට හේතුව 1998 සහ 2005 අතර කාලය තුළ සිද්ධ වෙන්න තිබුණු ප්‍රතිසංස්කරණ වගයක් හරියට සිද්ධ වුණේ නෑ. ඕක තමයි ඇත්ත කතාව.
කවුද ඉතින් ඒකට වගකියන්න ඕනෙ?
රනිල් වික්‍රමසිංහ තමයි රට මේ තැනට පත්වෙන්න වගකිව යුතු පුද්ගලයා. ඇත්තටම මේ තත්වයෙන් මිදෙන්න මීට දශක දෙකකට කලින් ආර්ථික ප්‍රතිසංස්කරණ කිහිපයක් මේ රටේ කරන්න තිබුණා.
මොකක්ද ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ?
1977 විවෘත ආර්ථිකයත් එක්ක ඔය 94 – 98 කාලය වෙනකම් අපිට හම්බවුණේ ණයවලට වඩා ප්‍රදානයන්. ඕක අනූ ගණන්වල අවසන් වෙද්දි අපි නොදැනුවත්වම ජීවත් වෙලා තියෙන්නෙ අර ප්‍රදානයන් එක්ක. ඒවා ණය නෙවෙයි. ඔය ප්‍රදානයන් ඉවර වෙනකොට අර තිබුණු සැප ගන්න ප්‍රදානයන් වෙනුවට ණය ගන්න සිද්ධ වෙනවා. 2001 – 2004 කාලය තුළ අන්න ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කරගන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යම් වැඩපිළිවෙළක් ගෙනල්ලා තියෙනවා. ඒක නොකිරීමේ ප්‍රතිඵලය තමයි 2021 දි පුපුරලා ගියේ. ඕක වෙනුවෙන් මට තර්ක කරලා පෙන්නන්න පුළුවන්. ඔන්න ඔය ප්‍රශ්නයෙන් පස්සෙ ආර්ථිකයේ පිබිදීම නතර වුණා. ප්‍රසාරණය අඩුවෙලා සංකෝචනය වෙන්න පටන් ගත්තා. ඕක ඇත්තටම අපේ රටේ ආර්ථිකය කෘත්‍රිම ප්‍රසාරණයටත් ස්වභාවික සංකෝචනයටත් ලක්වෙන්න ගත්තා.
ඔය කෘත්‍රිම ප්‍රසාරණය ඇතිකර ගන්න ලේසි නෑනෙ. මවාපාන්න වෙනවා?
ඔව්. ඒ සඳහා තමයි ආණ්ඩුව එක එක ව්‍යාපෘති පෙන්නුවෙ. සරලව ගත්තොත් ඔයාට වාහනයක් ගන්න ඕන නම් ලෝන් එකක් දෙන්නෙ නෑ වාහනයක් ගන්න. හැබැයි ඔයා ඔයාගේ ගේ හදනවා කියලා පෙන්නලා වාහනයක් ගන්නවා. ඒ ගන්නකොට ඔයා දන්නෙ නෑ වාහනය නඩත්තු කරගන්න විශාල මුදලක් වැය වෙනවා කියලා. අන්න ඕක තමයි මේ රටටත් වුණේ. මම දැන් රටේ උදාහරණයට එන්නම්. නෙළුම් කුලුන හදන්න වැය වෙන මුදලට වඩා මුදල් ගන්නවා. එයාලා නෙළුම් කුලුනත් හදනවා. එතකොට ඉතුරු සල්ලි ඔක්කොම මෙයාලා හොරකම් කරන්නෙ නෑ. කොටසක් හොරකම් කරලා කොටසක් එදිනෙදා පරිභෝජනය සඳහා යොදනවා. මතක තියාගන්න අපි කාලා තියෙන්නෙත් ඒ හොරකම් කරපු සල්ලි වලින්.
මම දැකලා තියෙනවා ඔබ පහුගිය කාලෙම රාජපක්ෂවරු සිදු කළා යැයි කියන ඇතැම් දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනකොට ඔයා පොසිටිව් කෑල්ලක් දාලා ඒ කතාව වෙනත් පැත්තකට යවනවා එයාලා හොරුම නෙවෙයි කියලා. ඒක දැක්කාම හිතෙන්නෙ ඔයා රාජපක්ෂට කඩේ යනවා කියලා?
මතක තියාගන්න මේ රටේ ණය සහ අපි කරපු දේවල්වල ඉතිරිය හොරකමම නෙවෙයි. අපි ඉගෙන තියෙන්නෙ, අපි කාලා බීලා තියෙන්නෙ අන්න ඒ සල්ලිවලින් කොටසක්. මතක තියාගන්න ඒ ඉතිරි මුදල්වලින් වැඩි ප්‍රමාණය අරන් තියෙන්නෙ පරිභෝජනයට.
දැන් ඔබ කියන්නෙ සක්කරයා දාලා හෙව්වත් ඔය කියන හැටියට හොරකම් අල්ලන්න බෑ කියලද?
මම කියන්නෙ මේ රටේ සමස්ත මුදලම හොරකම් කළේ නෑ. කොටසක් හොරකම් කළා. වැඩි ප්‍රමාණයක් මහජන පරිභෝජනය සඳහා යෙදෙව්වා.
ඉතින් ඒ හොරකම් කරපු මුදල ගන්න එපායැ. ඒක වැරදිද?
හොරකම් කරපු මුදල ගන්න ඕනෙ. ඒක ඇත්ත. හැබැයි පෞද්ගලික වශයෙන් පලි ගන්න එක නරකයි. මහින්ද රාජපක්ෂ මහත්තයගේ ආරක්ෂාව ඉවත් කරන එකවත් ගෙවල් ලබාගන්න එකවත් නෙවෙයි හොරකම් කරපු මුදල් හොයනවා කියන එක. නාමල්වත් මහින්ද රාජපක්ෂ මහත්තයත්වත් හිරේ දාන්න එක ගැන මම සතුටු වෙන්නෙ නෑ. මට ඕනෙ ඒ අය හොරකම් කළා යැයි කියන සල්ලි ගන්න එක. ඇරස්ට් කළා කියලා විශේෂ වාසියක් නෑ. මිනිස්සු කැමති වාව් එක එන්න නම් අත්අඩංගුවට ගන්න වෙනවා. මගේ උවමනාව තියෙන්නෙ දේශපාලනඥයො හොරාගත් සල්ලි මේ රටට ගේන එක.
ජනාධිපතිවරයා පහුගිය දවසක කිව්වා සමහර පැමිණිලිවලට අදාළව සාක්ෂි නෑ කියලා. කාලය පහුවෙලා නිසා. ඉතින් අපි කොහොමද හොරු අල්ලන්නෙ?
මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වෙ මේ රටේ සියලු ප්‍රශ්නවලට හේතුව හොරකම කියලා. මම අකැමැතිම කෑල්ල ඒක. ඇත්ත ප්‍රශ්න වෙනම තියෙද්දි වෙන ප්‍රශ්නත් එක්ක තමයි මේ අය දේශපාලනය කළේ. දැන් ආණ්ඩුව ඇත්ත ප්‍රශ්නවලට මුහුණ දෙනකොට හිරවෙලා ඉන්නෙ.
මේ රටේ හොරකම් අල්ලන්නම බැරි වෙයිද?
මතක තියාගන්න ඇමැතිතුමා අත්සන් කරලා නෙවෙයි හොරකම් කරන්නෙ. රාජ්‍ය නිලධාරීන් පිරිසක් සම්බන්ධයි. ඒ අය තමයි මේ වියදම් වගේ දේවල් ලේඛනගත කරන්නෙ. දැන් ඒ අය කොහෙද ඉන්නෙ? ඒ අය ඉන්නෙත් මේ ආණ්ඩුවෙ රාජ්‍ය සේවය ඇතුළෙ. ඉතින් කොහොමද බේරගන්නෙ.
Qඑහෙනම් හොරකම නවත්වන්නෙ කොහොමද?
මේ රටේ කවුරු හරි නායකයෙක්ට හොරකම නවත්වන්න ඕනෙ නම් මේ රටේ සියලු දෙනාගෙම වත්කම් ටික හොයලා තමයි පටන් ගන්න ඕනෙ. අපේ ගමේ ඉන්න මනුස්සයගේ ඉඳලා මගේ ඔයාගේ වෙනකම් වත්කම් හොයාගන්න ඕනෙ. අග ඉඳලා තමයි මුලට යන්න ඕනෙ.
ඔබ කියන හැටියට රාජ්‍ය සේවයේ ඉඳලා හොරකම දූෂණය නවත්වන්න නම් මේ ආණ්ඩුවෙ සමහර අය කියනවා වගේ රාජ්‍ය බලය අල්ලන්න ඕනෙද? එහෙම වුණොත් ඒක ඒකාධිපතිවාදය වෙනවා?
නෑ රාජ්‍ය බලය අල්ලන්න ඕනෙ නෑ. සැරිසරන මුදල් ටික හොයාගත්තා නම් ඉවරයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ වත්කම් පරීක්ෂා කළා නම් හරි.
රනිල් වික්‍රමසිංහ මහත්තයා හැමෝටම බදු ෆයිල් එකක් ඕපන් කරන්න හැදුවෙ ඒක නේද?
රනිල් වික්‍රමසිංහ මහත්තයා දූෂණ විරෝධී පනත සම්මත කළාට පස්සෙ මම මේ බලන් ඉන්නෙ වර්තමාන ආණ්ඩුව ඒකට ඉක්මනින් ප්‍රතිචාර දක්වන හැටි. දැන් එයාලා කියන්නෙ 225 ම හොරු කියලනෙ. ඒ නිසා අපේ 159 ට විතරයි රට හදන්න පුළුවන් කියලනෙ. පට්ටපල් බොරු. ඔය විදිහට රටවල් හදන්න බෑ. රට හදනවා කියන්නෙ ඊට වඩා එහා ගිය දෙයක්.
වර්තමාන ආණ්ඩුව ඉන්නෙ ඔබ කියන හැටියට සිහින රාජ්‍යයකද? නැත්නම් ප්‍රායෝගිකව බිහි කරන්න පුළුවන් තැනකද?
ඒගොල්ලො ඉන්නෙ සිහිනයක. ප්‍රශ්නය තියෙන්නෙ ඒගොල්ලන්ගෙ මතවාදය, ක්‍රියාකාරීත්වය සිහිනයත් එක්ක සමපාත වෙන්නෙ නෑ.
සිහිනය මතවාදය ක්‍රියාකාරීත්වය සජබය තුළ සමපාතද?
පැහැදිලිවම. ඒකනෙ මම මේ කඳුවර තෝරගන්නෙ. මේ රටේ කවුරු කොහොම බලයට ආවත් එක ක්‍රමයයි මේ රට ගොඩගන්න පුළුවන්. ඒ තමයි අපේ ක්‍රමය වෙන්නෙ. අන්න ඒ ක්‍රමවේදය ගෙනල්ලා ආදේශ කරනකම් මේ රට දියුණු කරන්න බෑ.
මොකක්ද ඒ ක්‍රමවේදය?
අපි පෞද්ගලික අංශයට වැඩි බරක් දෙන්න ඕනෙ. මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ මායිමෙන් පෙන්වන රට ඇතුළෙ සල්ලි තියෙනවා. ඒ ටික සමව බෙදා ගත්තොත් හැමෝම දියුණු වෙනවා කියලා. ආණ්ඩුවෙ මතවාදයත් ඒක. මගේ මතවාදය ඊට වඩා වෙනස්. මගේ අදහස වෙන්නෙ එළියෙන් සල්ලි එන්න ඕනෙ. ඒ සල්ලි නැති නිසා තමයි අපි හිරවෙලා ඉන්නෙ. අන්න ඒ එන ප්‍රමාණයත් එක්ක තමයි අපේ ජීවිතය සැපවත් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ.
ඒ කියන්නෙ ආයෝජන වැඩි කරන්න ඕනෙ කියලා?
මොකක්ද ආයෝජනය කියන්නෙ? වෙනත් රටක සල්ලි තියෙන කෙනෙක් අපේ රටේ ආයෝජනය කරලා ඒ සමාන මුදලක් හරි ඒ සමාන වැඩි මුදලක් හරි හොයාගන්න එක. ඒකෙන් අපිටයි එයාලටයි දෙගොල්ලන්ටම වාසි වෙන්න ඕනෙ. අවුරුද්දට ආයෝජන විසි පහක් ඇවිල්ලා බෑ. ආයෝජන ගලාගෙන එන්න ඕනෙ. ප්‍රශ්නය තියෙන්නෙ අපේ රටට ඇවිල්ලා කරන්න තියෙන ආයෝජන මොනවද කියන එක.
ආයෝජන ගෙන්නගන්න මොකක්ද එතකොට අපි කරන්න ඕනෙ?
ක්‍රම නිර්මාණය කරන්න ඕනෙ. ක්‍රම නිර්මාණය කළාම ආයෝජන ඒ ක්‍රමවේදය ඇතුළට එනවා. නමුත් අපේ රට ක්‍රම නිර්මාණය කරන්න බයයි. මේ රටේ කවුරුත් ක්‍රම නිර්මාණය කළේ නෑ. ඔය ක්‍රමවේදය කරන්නෙ නැති තාක් කල් බලය මාරු වෙවී යනවා. රනිල් වික්‍රමසිංහ පොඩ්ඩ පොඩ්ඩ කළා. ඒක අපේ ආර්ථික ප්‍රතිපත්තියේ තියෙනවා.
ඒ ක්‍රමවේදය ඔබලගෙ බ්ලූ ප්‍රින්ට් ආර්ථික ප්‍රතිපත්තියෙ තිබුණට මම කියනවා එය ජනතාව අතරට ගියේ නෑ. ඒ නොගිය නිසා තමයි ජාතික ජන බලවේගය විශ්වාස කළේ?
අපේ රට වාමාංශික රටක්. ඔබත් මමත් ඇතුළුව වාමාංශික වචනවලට ආසයි. වාමාංශික ප්‍රතිපත්ති කියන්නෙ හදවත ස්පර්ශ කරන ප්‍රතිපත්ති. දක්ෂිණාංශික ප්‍රතිපත්ති කියන්නෙ මොළය ස්පර්ශ කරන ප්‍රතිපත්ති. හදවතින් හිතලා හිතලා කවදා හරි දවසක් එනවා මොළයෙන් හිතන දවසක්. අන්න එදාට තමයි ජනතාව බ්ලූ ප්‍රින්ට් එක විශ්වාස කරන්නෙ.
මම ඔබට චෝදනාවක් එල්ල කරනවා අද ඔබේ පක්ෂය බ්ලූ ප්‍රින්ට් එක පැත්තකට දාලා අර කචල් දේශපාලනයට තමයි තැන දීලා තියෙන්නෙ?
බලය ලබාගන්න ඒක කරන්න වෙනවා. මාලිමාව බලය ගත්තෙත් එහෙමයි. සිල්ලර දේවල්වලින් බලය ගන්න බෑ. බලය ගන්න මේවා බර වැඩියි කියන එක පරාජිත දේශපාලන පක්ෂයකට ඉස්සෙල්ලම හිතෙන දේ තමයි.
• ගයාන් ගාල්ලගේ