2024 මාර්තු 09 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සංවාද හමුවට ඉන්දීය මහ කොමසාරිස් එයි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ''ප්‍රෙස් ක්ලබ්'' මගින් සංවිධානය කළ විශේෂ සංවාද හමුවක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ ''බ්ලූ'' ශාලාවේදී පැවැත්විණි. පුවත්පත් ආයතනයේ ඇරියුමින් එම සංවාදයට සහභාගි වූයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාය. ''ද ඉන්දියා ස්ටෝරි - රිෆෝම්, පර්ෆෝම් - ට්‍රාන්ස්ෆෝම්'' මාතෘකා කර ගනිමින් පැවති එම සංවාද හමුවට සහභාගි වූ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසට මහ කොමසාරිස්වරයාට ප්‍රශ්න යොමු කිරීමටද අවස්ථාව ලැබිණි.

විවිධ මාධ්‍ය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රැසක්ද දේශපාලනඥයන් ඇතුළු දෙස් විදෙස් ප්‍රභූ පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

ඡායාරූපවලින් දැක්වෙන්නේ එම සංවාදය මෙහෙයවූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන් සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහත්වරැන් සාකච්ඡාවේ නිරතව සිටි අවස්ථාව සහ එයට සහභාගි වූ පිරිසෙන් කොටසකි.

I  ඡායාරූප :- ඉන්දික හඳුවල

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00