2023 පෙබරවාරි 19 වන ඉරිදා

දිස්ත්‍රික් ලේකම්ලාගේ ’’සංග්‍රහ දීමනා’’ අහෝසියි

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 105

භාණ්ඩාගාරය මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදෙන ''සංග්‍රහ දීමනාව'' අහෝසි කර දැමීමට තීන්දුවක් ගෙන තිබේ. එම දීමනාව අවභාවිත කරන බවට ලැබී ඇති පැමිණිලි හේතුවෙන් මේ පියවර ගන්නා බව භාණ්ඩාගාර ආරංචි මාර්ග කියයි.

දිස්ත්‍රික් ලේකම්වරයකුට සංග්‍රහ දීමනා වශයෙන් මාසිකව රුපියල් 15,000ක් හිමිවන අතර අතිරේක ලේකම්වරුන්ටත් ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් මාසිකව රුපියල් 10,000ක් හිමිවෙයි. විශේෂ වැදගත් අමුත්තන්ට සහ විදේශීය අමුත්තන්ට තම කාර්යාලය තුළදී තේ, කෝපි සහ කෙටිකෑම වර්ග වලින් සංග්‍රහ කිරීම සඳහා වැයවන මුදල් වෙනුවෙන් මේ දීමනාව ලබාදෙයි.

භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇතැම් නිලධාරීන් මේ දීමනාව අවභාවිත කරන බවට පැමිණිලි ඇති බවයි. ඇතැමුන් සුපර් මාර්කට් බිල් පවා ඉදිරිපත් කර දීමනා ලබාගන්නා බවත් එම බිල්පත්වල සඳහන් භාණ්ඩ සංග්‍රහ සඳහා නොව තමන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාගන්නා භාණ්ඩ බවත් කියයි. එසේම කිසිදු අමුත්තකුට තේ කෝප්පයකින් හෝ සංග්‍රහ නොකරන ඇතැම් නිලධාරීන් ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර එම දීමනා ලබාගන්නා බවද ඔවුන් එම දීමනා &තමන්ට සංග්‍රහ කර ගැනීමේ දීමනාවක්* බවට පත්කරගෙන ඇතැයිද කියති. 

මේ අනුව මින් ඉදිරියට සංග්‍රහ දීමනා වශයෙන් මාසිකව එම මුදල නොගෙවන බවත් සංග්‍රහයක් සිදුකළ අවස්ථාවකදී ඉදිරිපත් කරන බිල්පත් ඒ ඒ අවස්ථාවලදී ගෙවීමට පියවර ගන්නා බවත් භාණ්ඩාගාරය සඳහන් කරයි.

නැගෙනහිර ආණ්ඩුකාරවරියගේ ඉල්ලීමට ජනපති බෑ කියයි

මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය වන අනුරාධා යහම්පත් තම රාජකාරි සඳහා කොළඹ පවත්වාගෙන යන කාර්යාලයට නඩත්තුව සඳහා වියදම් ලබාදෙන්නැයි කළ ඉල්ලීමක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.
නැගෙනහිර ආණ්ඩුකාරවරිය පසුගිය මාස 18ක කාලයක් තිස්සේ කොළඹ කාර්යාලයක් පවත්වාගෙන ගිය අතර එහි බදු ගිවිසුම පසුගිය වසර අවසානයේදී අවසන් විය.

රජය මගින් කාර්යාල සඳහා කුලියට හෝ බද්දට ගොඩනැගිලි ලබාගැනීම සීමා කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය හේතුවෙන් අදාළ ගිවිසුම දීර්ඝ කරදෙන ලෙසට ආණ්ඩුකාර කාර්යාලය මගින් මේ ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි. එවැනි අවසරයකින් තෙරව බදු ගිවිසුම දීර්ඝ කිරීම කළ නොහැකි වීම එම ඉල්ලීමට හේතු විය.

එම ඉල්ලීමේ සඳහන්ව ඇත්තේ මේ කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා &විශේෂ අනුමැතියක්* ලබාදෙන ලෙසය. ආණ්ඩුකාරවරියගේ රාජකාරි වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට එය හේතුවන ඇති බවටද එහි සඳහන්ව තිබිණි.
ජනාධිපති කාර්යාලය එම ඉල්ලීම එකහෙළාම ප්‍රතික්ෂේප කර ඇත.

- සන්ඩේ ටයිම්ස්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00