2022 දෙසැම්බර් 25 වන ඉරිදා

වයස් සීමා නැති තනතුරක්!

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 116
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ධුරය සඳහා එම කොමිසම විසින් හදිසියේම අයැදුම්පත් කැඳවා තිබේ. දෙසැම්බර් 13 වැනිදා ඒ පිළිබඳ දැන්වීම් පළකෙරුණු අතර සති දෙකක කාලයක් තුළ අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු විය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ සුදුසුකම් ලද නිලධාරීන්ට ඒ සඳහා අයැදුම් කළ හැකි වූ අතර අයැදුම්කරුවන්ට වසර 08කට නොඅඩු විශේෂ ශ්‍රේණියේ සක්‍රීය සහ සතුටුදායක සේවා පළපුරුද්දක් තිබිය යුතු බවද සඳහන්ය. විශේෂ ශ්‍රේණියට උසස් කරනු ලැබීමෙන් පසුව අයැදුම්කරු සියලු වැටුප් වර්ධක ලබා සිටිය යුතුය.

නමුත් මෙහි විශේෂත්වය වන්නේ ඒ තනතුර සඳහා වයස සීමාව සඳහන් කර නොතිබීමය. රාජ්‍ය සේවයේ විශ්‍රාම ලැබීමේ වයස අඩු කිරීමට රජය උත්සාහ දරණ අවස්ථාවක මේ තනතුර සඳහා වයස් සීමාව සඳහන් නොකර අයැදුම්පත් කැඳවීම ගැන බොහෝ දෙනා විසින් ප්‍රශ්න කෙරෙන බව සඳහන්ය.
 
- සන්ඩේ ටයිම්ස්
කොළඹ කොටස් වෙළෙඳපොළට විදෙස් ආයෝජන ගලයි
 
කොළඹ කොටස් වෙළෙඳපොළට දෙසැම්බර් මාසය තුළදී ද විදෙස් ආයෝජන විශාල වශයෙන් ආකර්ෂණය වෙමින් තිබේ. රුපියල් බිලියන 12.8ක් වන එම ආයෝජන සමඟ මේ වසර තුළ විදෙස් ආයෝජන රුපියල් බිලියන 30 ඉක්මවා ගියේය.
 
- ඩේලි එෆ්.ටී.
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00