2022 නොවැම්බර් 06 වන ඉරිදා

මනින්නේ රාජ්‍ය නිලධාරීන් විතරද? දේශපාලකයන්ට ඒ නීතිය නැද්ද?

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 111


කෙටි, මධ්‍යම සහ දීර්ඝකාලීන ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා වන ප්‍රමුඛතා හඳුනා ගැනීමේ පාර්ලිමේන්තු කමිටුව පසුගියදා පත්කරනු ලැබීය. එය ජාතික සභාවේ උප කමිටුවක් වශයෙන් ක්‍රියාත්මකය.

මෙම කමිටුවට පැවරී තිබෙන බලතල පිළිබඳ බොහෝ දෙනකුට අවබෝධයක් නැත. එහි සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂය.

මේ කමිටු රැස්වීමේදී රජයේ ආයතන විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසායවල කාර්ය සාධනය මැන බැලීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීන්දුවක් ගෙන තිබිණි.

රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව නිසි මාර්ගයට ගැනීමට රාජ්‍ය ආයතනවල සහ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රගතිය පිළිබඳ විමසා බැලිය යුතු බවටද තීන්දු විය.

මේ කමිටුවේ සාමාජිකයකුද වන විපක්ෂ මන්ත්‍රීවරයෙක් මේ සම්බන්ධයෙන් සඳහන් කළේ මෙහි සභාපති තනතුර තරුණ නාමල්ට ලබාදී ඇත්තේ පසුගිය කාලය තුළදී රාජපක්ෂ පවුලට සිදුවූ බරපතළ දේශපාලන පසුබැසීම නවත්වා ඔවුන් ආපසු බලයට ගෙන ඒම සඳහා පහසුකම් සැලසීමට බවය. ඔහු තවදුරටත් ප්‍රශ්න කරන්නේ මේ රට ආර්ථික විනාශයක් කරා ගෙන ගිය දේශපාලකයන් සහ නිලධාරීන් පිළිබඳ කිසිවක් සොයා නොබලා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යසාධනය මැන බැලීමට නීති පැනවීමේ තේරැම කුමක්ද කියාය. මේ ආර්ථික ඝාතකයන් දැනටද කිසිදු චෝදනාවක් නොලබා නිදහසේ හැසිරෙන බවද ඔහු සඳහන් කළේය.

- සන්ඩේ ටයිම්ස්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00