2022 අගෝස්තු 21 වන ඉරිදා

ලංකාවේ ආර්ථිකය යහපත් අතට

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 128

රටේ උද්ධමනය 70% දක්වා ඉහළ යනු ඇතැයි මහ බැංකුව මීට කලින් පුරෝකථනය කර තිබුණද අප දැන් විශ්වාස කරන්නේ උද්ධමනය එතරම් ඉහළ නොයනු ඇති බව යැයිද එය විදුලි ගාස්තු වැඩි වුවත් එම තත්ත්වයේම පවතිනු ඇතැයිද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි.

කොළඹ මහ බැංකු ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ සඳහන් කළේය.

ශ්‍රී ලංකාව පෙළෙමින් සිටි දැඩි විදේශ විනිමය හිඟ තත්ත්වය මේ වනවිට යම් පමණකට පාලනය වී ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් කාලය තුළදී ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල ලැබීම එයට හේතුව යැයිද ඒ මහතා සඳහන් කරයි. තෙල් ආනයනය කිරීමට, ගෑස්, ඖෂධ ආනයනයට අවශ්‍ය මුදල් සපයාගත හැකි මට්ටමක රටේ ආර්ථිකය දැන් පවතින බවද මහ බැංකු අධිපතිවරයා කියයි.

ඒ මහතා මෙසේද සඳහන් කළේය.

මේ හේතූන් නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නොවනු ඇත. එවැන්නක් සිදුකිරීම බැංකු පද්ධතියට බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට හේතු විමට ඉඩ තිබේ. අයි.එම්.එෆ්. වැඩ පිළිවෙල ණය ලබා දෙන්නන්ට ණය ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වනු ඇත. අයි.එම්.එෆ්. මගින් අනුමත කෙරෙන ශ්‍රී ලංකාවේ මහා පරිමාණ වැඩපිළිවෙළට යහපත් ආපසු අයකර ගැනීමේ ප්‍රවේශයක් තිබීම හේතුවෙන් සියලු ණය ලබා දෙන්නන් ඒ සඳහා සහාය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැක.

• ලබන වසරේ සිට දැනට පවතින ආර්ථික හැකිලීම යළිත් ධනාත්මක පැත්තට හැරීම වේගවත් වනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැක.

• පසුගිය අප්‍රේල් මාසයේ සිට හඳුන්වා දෙනු ලැබූ ආර්ථික ප්‍රතිසංස්කරණවල යහපත් ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතී.

• ලෝකයේ බරපතළ ආර්ථික ගැටලු ඇති නොවුණහොත් ශ්‍රී ලංකාවට ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය කරගත හැකිවනු ඇත. සංචාරක කර්මාන්තය ඉක්මණින් යළි ස්ථාපිත වනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකිය.

• ලබන මාසය වනවිට උද්ධමනය 65%ක උපරිමයකට පැමිණීමට ඉඩ තිබේ.

• ශ්‍රී ලංකාවට තම මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනිමට කෙටිකාලීන ණය පහසුකම් අවශ්‍ය නොවනු ඇත.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00