2022 මැයි 29 වන ඉරිදා

පුංචි කෑලි

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 133

ශ්‍රී ලංකාවට ආධාර දීමට අයි.එම්.එෆ්. කොළ එළියක්

ශ්‍රී ලංකාව සම්බන්ධ ආර්ථික වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබාදීම සඳහා ක්‍රියාත්මක වූ අයි.එම්.එෆ්. (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) මාණ්ඩලික නිලධාරීන්ගේ වැඩසටහන සාර්ථකව අවසන් කර තිබේ.

පීටර් බ්‍රොයර් සහ මසහිරෝ නොසාකි දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ අයි.එම්.එෆ්. නියෝජිත කණ්ඩායමක් විසින් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. එහි අවසන් රුස්වීම පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟිනි. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික නිලධාරීන් කණ්ඩායමක් සමඟ තාක්ෂණික සාකච්ඡා අවසන් කිරීමෙන් පසුව මේ හමුව සිදුවිය. එම සාකච්ඡා සඳහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද එක්ව සිටියේය.
අයි.එම්.එෆ්. නියෝජිත පිරිස පෞද්ගලික අංශයේ, මූල්‍ය අංශවල සහ සංවර්ධන අංශවල කණ්ඩායම්ද හමුවී තිබිණි.

මේ වැඩපිළිවෙල අවසානයේ ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව බරපතළ ගෙවුම් ශේෂ ගැටලුවලින් සහ දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බවය. මෑතකාලීන ආර්ථික දත්ත මගින් පෙන්වා දෙන්නේ ඉන්ධන සහ බලශක්ති හිඟය ආර්ථික ක්‍රියාකාරකම්වලට අහිතකර බලපෑම් එල්ල කරන බවය. රටේ ගෙවුම් ශේෂ පීඩනයට ගෝලීය ආහාර සහ ඉන්ධන මිල ඉහළ යාමද අහිතකර බලපෑම් ඇතිකරන බවත් සාධක ගණනාවක් හේතුවෙන් උද්ධමනය ශීඝ්‍ර ලෙස ඉහළ යන බවත් එහි සඳහන්ය. ශ්‍රී ලංකාවේ ජනතාව වැටී සිටින අර්බුදය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවද විශේෂයෙන් දිළිඳු සහ අනතුරැදායක මට්ටමේ සිටින ජනතාව සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමුවී ඇති බවද ඔවුහු කියති.

අයි.එම්.එෆ්. ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරමින් මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට ආධාර කිරීමට තමන්ගේ කැපවීම යළිත් තහවුරැ කරන බවද එම නිවේදනය කියයි.

- ඩේලි එෆ්.ටී.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00