අපි පාපන්දු ක්‍රීඩාවට ගියාම නීති විරෝධීව ක්‍රීඩා කරනවා නම් යෙලෝ කාඩ් එකක් පෙන්වනවා. දෙවැනි එකත් පෙන්වල තමයි රෙඩ් කාඩ් එක පෙන්වන්නෙ.
ඒ වගේ තමයි රට පාලනය කරන රෙෆ්රිත් යෙලෝ කාඩ් පෙන්වන්න ඕනෑ. නැත්නම් රෙඩ් කාඩ් පෙන්වන්න බෑ කියලා අනතුරැ අඟවනවා.
ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මෙහෙම කිව්වේ පහුගිය 17 වැනිදා ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. ඔහු මේ ප්‍රකාශය කළේ ජනාධිපතිගේ &ඓතිහාසික* සැර කතාවට හරියටම දවස් හයක් පිරැණු දවසේය. කතාවට දවස් කීයක් ගියත් එහි බලපෑම තවමත් එහෙමම පවතින බවට ඩිලාන්ගේ කතාව උදාහරණයකි.
ඩිලාන් කියන විදිහට නීති විරෝධීව ක්‍රීඩා කරන්නේ කවුද? රට පාලනය කරන රෙෆ්රි* යෙලෝ කාඩ් පෙන්නුවෙ කාටද? ඊළඟට රෙඩ් කාඩ් එකක් එයිද? එහෙම ආවොත් මොකද වෙන්නෙ?
ප්‍රශ්න ගොඩකි. එෆ්.සී.අයි.ඩිය, අල්ලස් හා දූෂණ කොමිසම, සී.අයි.ඩිය, පොලිසිය මේ සියලු ආයතන සම්බන්ධව රටටම ඇහෙන්න කළ ජනාධිපතිගේ කතාව රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වීමටත් ඉඩ තිබෙන බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. තවමත් අළු යට ගිනි පුපුරැ මෙන් ජනපතිගේ කතාවට සම්බන්ධ අටුවාටීකා නිමක් නැතුව ඇසෙන්නට තිබීමත්, &ප්‍රතිඵල* පෙනෙන්නට තිබීමත් නිසා එවැනි මතයක් ඇතිවීමට පසුබිම සකස් වෙමින් තිබෙන බවත් පැහැදිලිය. කතාවේ &ප්‍රතිඵල නිකුත් වීම* ගැන ඩිලාන් කිව්වේ මෙහෙමය.
&ජනාධිපතිතුමා කළ මේ ප්‍රකාශය නිසා කවුරැ මොනවා කිව්වත් මේ වනවිට ප්‍රතිඵල නිකුත් වෙමින් තිබෙනවා. ජනාධිපතිතුමා මේ කළේ රංගනයක් කියලා කිව්ව අයට වෙන උත්තර ඕනෑ නෑ. අගමැතිතුමා ළඟට වෙලා අද ඉන්නවා කියලා කට්ටියගෙන් අද මල්වානේ ඉඩම ගැන ප්‍රකාශ ගන්නවා.
මේ කතාවෙන් පැහැදිලිවම පෙනෙන්නේ යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රීලනිප ඇමැතින් පිරිස ජනාධිපතිවරයාගේ කතාව අනුමත කරන බවය. ඔවුන් මාධ්‍ය සාකච්ඡා තබමින් කරන්නේ ජනපතිගේ කතාවට පෙහොර දැමීමකි. මේ කතාව හේතුවෙන් ආණ්ඩුව මුහුණදෙන අවදානම පිළිබඳව මේ මැති ඇමැතිවරැ නිවැරදි තක්සේරැවක සිටිනවාද යන්නත් ගැටලුවකි. දැනගන්නට තිබෙන පරිදි ජනපති මේ කතාවට පදනම වැටී තිබුණේ ඊට පෙර දින, එනම් අඟහරැවාදා හවස් වරැවේය.
ඊට පෙර පැවැති අාරක මණ්ඩල රුස්වීෙම්දී මතුවූ කරැණු කීපයක් ෙහ්තුෙවන්ද ජනපතිවරයා සිටිෙය් තරමක ෙක්න්තියෙනි.
එදා උදේ වරැවේ කැබිනට් රුස්වීම පැවැත්වුණි. කැබිනට් රුස්වීමේදී ද අල්ලස් හා දූෂණ කොමිසමේ වැඩකටයුතු පිළිබඳව විවේචනාත්මකව අදහස් දක්වා තිබූ ජනපතිවරයා එදා සවස තෝරාගත් ඇමැතින් කීපදෙනකු ජනපති ලේකම් කාර්යාලයට සාකච්ඡාවක් සඳහා කැඳවා ගත්තේය. දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක සහ අනුර යාපා ශ්රීලනිපය වෙනුවෙන් සහභාගි වී සිටි අතර අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් යූ.එන්.පී. ඇමැතිවරැ පිරිසක්ද ඊට සහභාගි වී සිටියහ. මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ, නවීන් දිසානායක, සජිත් ප්‍රේමදාස, චම්පික රණවක සහ ඊට පැය දෙකකට පෙර අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි රවී කරැණානායකද එම පිරිසේ සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ද සාකච්ඡාවට සහභාගි විය.
මේ සාකච්ඡාවේදී ප්‍රධානම වශයෙන් සාකච්ඡා වී තිබුණේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, අයවැය, පළාත් පාලන ඡන්දය, අයි.එම්.එෆ්. ඉල්ලීම්, යුද අපරාධ චෝදනා, යෝජිත ජනමත විචාරණය යන මාතෘකාය. ඊට අමතරව අල්ලස් සහ දූෂණ කොමිසමේ විමර්ශන කටයුතු ද එහිදී සාකච්ඡා වී තිබිණි.
මෙහිදී අයි.එම්.එෆ්. ඉල්ලීම් පිළිබඳව සහ යුද අපරාධ චෝදනා පිළිබඳ විෂයයන් දීර්ඝව සාකච්ඡා විය. එක්සත් ජාතීන්ගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක වීමට නියමිත යුද අපරාධ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් දැරෑ ස්ථාවරයෙන් ජනාධිපතිවරයා තවදුරටත් ඈත්වෙන ආකාරයක් එහිදී දක්නට තිබූ බව පැවසෙයි. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ, ඉරාක යුද්ධයේදී බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට එරෙහිව එල්ල වන යුද අපරාධ චෝදනාවලදී තම සොල්දාදුවන් සහ නිලධාරීන් ගොදුරක් වීම වළක්වා ගත යුතු බවය. ඒ ගැන බ්‍රිතාන්‍ය අගමැතිනිය තම සේනාධිපතිවරැන්ට ලබාදී ඇති උපදෙස් කෙරෙහි අපද අවධානය යොමු කළ යුතු බවය. මේ හා සමාන තත්ත්වයක් මේ රටේ හමුදා නිලධාරීන්ට සහ සොල්දාදුවන්ට තිබිය යුතු බව ජනපතිවරයාගේ අදහස වී තිබිණි. තමන් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනිය ගනු ලබන පියවර අනුගමනය කිරීමට සූදානම් බවද ආරක්ෂක හමුදාව සහ පොලීසිය එක්ව ලබාගත් ජයග්‍රහණයට සහ එහි ප්‍රතිඵලය වන රටට සාමය උදාවීමට කිසි ලෙසකින්වත් අත තැබීමට කිසිවකුට අවස්ථාව නොදිය යුතු බවත් ඔහු සඳහන් කර තිබුණි.
දැනට සිදුවෙමින් පවතින අල්ලස් සහ දූෂණ විමර්ශන පිළිබඳව ජනාධිපතිවරයා කථා කළේ ඊළඟටය. එසේම පසුගිය පාලන සමයේ සිදු වූ බව කියන බරපතළ අක්‍රමිකතා ගැනද ඔහු අදහස් දැක්වූවේය. ගෝඨාභය රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපතින් තිදෙනාට එරෙහිව පවරා ඇති නඩුව දුර්වල එකක් බවද එහි සාර්ථකත්වයක් දැකීමට නොහැකි වනු ඇති බවටද ජනපතිගෙන් අදහස් පළ විය. එයට පෙර අපරාධ සම්බන්ධ චෝදනා විමර්ශනය කළ යුතුව තිබිණැයි යන්න ඔහුගේ අදහස වී තිබිණි. ඔවුන් අධිකරණයට කැඳවීම පිළිගත නොහැකි බවද ඔහු කිව්වේය.
මේ අවස්ථාවේදී කතාවට මැදිහත් වූ විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා කියා තිබුණේ හිටපු නාවික හමුදාපතින් අධිකරණයට ඉදිරිපත් කිරීම නොකළ යුතු බවය. ඔවුන් රජයට සේවය කළ නිලධාරීන් පමණක් බව ඔහුගේ අදහස විය.
කෙසේ වුවද ජනපතිගේ වැඩිපුරම විවේචන එල්ල වූයේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට එරෙහිව බව පැහැදිලිව පෙනෙන්නට තිබුණෝය. හිටපු ඇමැති ෆවුසි රජයේ වාහන අවභාවිත කළ බවට චෝදනා කරමින් කොමිසමට කැඳවීම විවේචනය කළ ජනපති කියා තිබුණේ මීට අදාළ රජයේ චක්‍රෙල්ඛයට අනුව ඇමැතිවරැන්ට එවැනි වාහන භාවිත කළ හැකි බවය. ඒ සමඟම හිටපු ශ්‍රීලනිප ඇමැති ප්‍රියංකර ජයරත්න තම දියණියට රුකියාවක් ලබාදීම වරදක් හැටියට චෝදනා කරමින් කොමිසමට කැඳවීම ගැන සඳහන් කළ ජනපතිවරයා ප්‍රශ්න කර තිබුණේ “ තමන්ගේ දුවට රස්සාවක් හොයා නොදෙන පියා කවුද?* යනුවෙනි. අල්ලස් කොමිසම හෝ සී.අයි.ඩිය හෝ එෆ්.සී.අයිඩිය අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී තමන්ට දැනුම් නොදෙන බවත් ජනපති ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වුවත් එවැනි දැනුම් සිදුකිරීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම බැඳී නැතැයි ස්වාධීන නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ. එය ස්වාධීන කොමිෂන් සභාවකි. එසේම සී.අයි.ඩිය සහ එෆ්.සී.අයිඩිය විසින් දේශපාලන අධිකාරියට අත්අඩංගුවට ගැනීම් පිළිබඳව දැනුම් දීමට ගියොත් එහි ප්‍රතිඵලය වන්නේ එසේ නොකරන ලෙසට ඉල්ලීම් සහ බලපෑම් සිදු වීම නිසා තමන් එසේ නොකරන බව නිලධාරියෙක් කියා තිබිණි.
එම රුස්වීම අවසන් වනවිට ජනපතිවරයා සිට ඇත්තේ තරමක කේන්තියකිනි. ඊට පසුවදා එනම් බදාදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පුපුරා ගියේ එම කේන්තිය වන්නට ඇත. කෙසේ වුවද එම කතාව ඇසුණේ ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොවේ. එහි අන්තර්ගතය මුළු ලොව පුරාම පැතිර යාමට වැඩි වෙලාවක් ගත වී තිබුණේ නැත. ශ්‍රී ලංකාව පිළිබඳව උනන්දුවක් දක්වන සෑම ප්‍රධාන රටකම කොළඹ පිහිටි තානාපති කාර්යාලය මගින් ජනපතිගේ කතාව තම රටවලට ඉක්මනින් දැනුම් දීමට කටයුතු කර තිබුණි. ජනපතිගේ කතාව ඔහු මෙතෙක් දැරෑ දේශපාලන ස්වරෑපයෙන් ඈත්වීමක් හැටියට ඇතැම් තානාපති කාර්යාල හඳුන්වා දී තිබූ බවත් කියති.
ජනපතිගේ කතාවෙන් හොඳටම ඔක්සිජන් ලැබුණේ ජනපති විසින්ම 2015 ජනවාරි 08 වැනිදා පරාජයට පත් කළ දේශපාලන ප්‍රවාහයටම වීම මෙහි ඇති ඛේදවාචකයයි. මේ බව පසුගිය දිනවල පැවැති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම ප්‍රකාශ වී තිබුණි.
ආණ්ඩුවට එරෙහි දේශපාලන නායකයන් මෙසේ ප්‍රකාශ කරද්දී මෛත්‍රීපාල ජනපති වෙනුවෙන් පෙනී සිටින ඇමැතිවරැන්ද නිකම් සිටියේ නැත. ජනපතිගේ කතාව වැරුදියට අර්ථ නිරෑපණය කර ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ. අල්ලස් කොමිසමේ සභාපතිනිය දිල්රැක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යැවූ 17 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී එස්.බී. මෙසේ කිව්වේය.
“ජනාධිපතිතුමා කළ ප්‍රකාශය නිසා ශ්රීලනිපය සහ එජාපය අතර ගැටුමක් ඇතිවෙලා නැහැ. මේ නිසා ආණ්ඩු පෙරළියක් සිදු වෙන්නෙත් නෑ.
ජනපතිගේ කතාව හේතුවෙන් රටේ ඇති වී තිබෙන සංවාද පිළිබඳවද එස්.බී. සඳහන් කර තිබිණි. ඒ සංවාදවලට මාතෘකාව වශයෙන් ඔහු සඳහන් කළේ ජනපති සහ අගමැතිතුමන්ලා අතර විශාල ගැටුම් තිබෙනවා කීම, ආණ්ඩුව ඉවරයි, සිංහල අවුරැද්දට අලුත් ආණ්ඩුවක් කීම, ශ්‍රීලනිප හා ආණ්ඩුවේ පිල් අතර බරපතළ අර්බුදයක් ඇතිබව කීම, ඇතැම් අමාත්‍යංශ ජනපති පවරා ගන්නවා කීම සහ ජනපතිතුමා කොමිෂන් සභාවලට තර්ජනය කළායැයි කීම වන බවය. නමුත් මේ කිසිවක් සත්‍ය නොවන බව කී ඇමැතිවරයා ජනපතිවරයාගේ විෂය පථයට අයත් කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ සියල්ල සිදුවන්නේ එතුමන් දැනුවත්ව බවට ප්‍රචාරය කිරීමට ඇතැමුන් කුමන්ත්‍රණයක් කළා විය හැකි යැයිද, එය සංවිධානාත්මකව විය හැකි දෙයක් යැයිද කියා තිබුණේය. රට බේරාගැනීම සඳහා විශාල කාර්යභාරයක් කළ හිටපු නාවික හමුදාපතිවරැන් තිදෙනා උසාවියට ගෙන යාම ජනාධිපතිවරයාට දැනුවත්ව සිදුවී යැයි ප්‍රචාරය වීම බරපතළ කාරණයක් බවත් එස්.බී. කියා තිබුණේය.
මේ අතර ජනපතිගේ කතාවෙන් මතු වූ තත්ත්වය හානිපූර්ණය කිරීම පැවැරී තිබුණේ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයාටය. පසුගිය 19 වැනිදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව සම්පූර්ණයෙන්ම පාහේ වෙන්වූයේ ඒ වෙනුවෙනි. රාජපක්ෂලා ඇතුළු ඔවුන් වටේ සිටි හිතවතුන්ට කෙළකෝටි ගණන් දූෂණ වංචා චෝදනා තිබියදී කොමිෂන් සභා සුළු සුළු වැරදි පිටුපස හඹා යාම පිළිබඳව ජනාධිපතිවරයා තුළ තිබෙන කනස්සල්ල ඔහුගේ ප්‍රකාශයෙන් පිට වූ බව රාජිත කිව්වේය. ජනපතිගේ කතාව මාධ්‍ය විකෘති කළ බවට චෝදනා කළ ඔහු ගෝඨාභය උසාවියට දැක්කූ කතාවක් ජනපති නොකී බවද කිව්වේය.
මේ සියලු උණුසුම මැද යූ.එන්.පී පසුවන්නේ දැඩි නිහඬතාවකය. කබීර් හෂීම් මාධ්‍ය සාකච්ඡාවකදී කෙටියෙන් කළ සඳහන හැරෙන්නට වෙනත් කිසිදු මන්ත්‍රීවරය හෝ ඇමැතිවරයකු ඒ ගැන කතා කරන්නට ගියේ නැත. කබීර් හෂීම් ඇමැතිවරයා පැවැසුවේ ආරක්ෂක ප්‍රධානීන් සම්බන්ධව කටයුතු කිරීමේදී ජනාධිපතිගේත් අගමැතිගේත් ස්ථාවරය එකම බවය. නමුත් පෙනෙන්නට තිබෙන්නේ ජනපතිගේ කතාව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට යූ.එන්.පී මැති ඇමැතින්ට නිල නොවන වාරණයක් පනවා තිබෙන බවය. එක් අතකින් මේ සිද්ධියට දින තුනකට පසුව අගමැති රනිල් බෙල්ජියමේ සංචාරයකට යාම හේතුවෙන් පක්ෂය තුළද ඉහළ මට්ටමින් කතාබහ සිදුවීම වැළැක්වී තිබුණේය. නමුත් ජනාධිපති නීතිඥ දිල්රැක්ෂි ඩයස් වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීමේ ලිපිය දින දෙකකට පසුව ජනාධිපතිවරයා විසින් පිළිගැනීම නිවෙන්නට ළං වූ ගින්දරකට ගිනි පිඹීමක් බඳු විය.
ඉල්ලා අස්වීමේ ලිපිය අඟහරැවාදා ජනපතිවරයාට යැව්වත් වික්‍රමසිංහ මහත්මිය 18 වැනිදා අල්ලස් කොමිසමට පැමිණ රාජකාරියේ නිරත වූවාය. කෙසේවුවත් 19 වැනිදා පස්වරැවේ ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයා විසින් බාරගැනීම මේ ගැටලුව පහසුවෙන් නොලිහෙන තැනකට තල්ලු කර තිබේ. ඒ සමඟ තමන් ස්වාධීන බව ඇඟවීම සඳහා දිල්රැක්ෂි වික්‍රමසිංහ මහත්මිය අනවශ්‍ය ලෙස මැදිහත් වීම් සිදුකර තිබෙන බවටත් රාජිත විසින් චෝදනා නැගීම තත්ත්වය තවත් සංකීර්ණ තත්ත්වයට පත්කර තිබේ.
දිල්රැක්ෂි වික්‍රමසිංහ එම තනතුරින් යා යුතු බවට ආණ්ඩුවේ ප්‍රධානීන් තුළ ප්‍රබල හැඟීමක් පැවැති බව එයින් පැහැදිලි වෙයි. එසේ වුවත් තවත් පිරිසක් පවසන්නේ දිල්රැක්ෂි වික්‍රමසිංහ මහත්මිය තමන්ට පැවැරැණු වගකීම හොඳින් ඉටුකළ නිලධාරිනියක් බවය.
අඩුපාඩුකම් තිබිය හැකි වුවද තම රාජකාරි වපසරිය තුළ ඇය පෙන්වා තිබූ කැපවීම සහ තීන්දු ගැනීම ඊට උදාහරණ බව ඔවුන්ගේ මතයයි. යහපාලන රජය පිහිටුවා ගැනීමේදී ඊට දායකත්වය ලබාදුන් සිවිල් ක්‍රියාකාරීන් සහ පුරවැසි බලකාය මෙහිදී ඍජුවම ජනාධිපතිගේ කතාවට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය වෙනුවෙන් පෙනී සිටීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ද එම මතයම දරණ බවය.
කෙසේ වුවත් එක් දේශපාලන විචාරකයකු පෙන්වා දී තිබුණේ මෑත ඉතිහාසයේ අඳුරැ කාල පරිච්ඡේදයකින් ගොඩ ඒමේ සටනට යන්තම් සහයෝගයක් දැක්වූ &සිවිල් සමාජ ක්‍රියාකාරීන්* ජනපතිගේ කතාව පමණක් විවේචනය කිරීම වැරුද්දක් බවය. දරැණු 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදීත්, ලසන්ත ඝාතනය වූ අවස්ථාවේදීත්, ජෙනරාල් ෆොන්සේකා යුද්ධාධිකරණය ඉදිරියට පැමිණවීමේදී සහ අගවිනිසුරැවරිය ඉවත් කිරීමේදී මේ සිවිල් ක්රියාකාරිකයන් පිළිබඳව තමන්ට අසන්නටවත් නොලැබුණු බව කියන ඔහු දැන් ඔවුන් කරන්නේ තමන් මහත් පරිශ්‍රමයක් දරා කැපවීමක් කොට ලබාගත් කතාකිරීමේ නිදහස සහ ප්රජාතන්ත්රවාදී අයිතියෙන් අයුතු ලෙස ප්‍රයෝජනය ගැනීමක්දැයි ප්‍රශ්න කරයි.
බෙල්ජියමේ සාර්ථක සංචාරයක් නිමා කරමින් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව අගමැති රනිල් මේ සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ දෙස දැන් මුළු රටම බලා සිටී. ඊට හේතුව 2015 ජනවාරි 08 නිහඬ විප්ලවය ලෙස ඇතැම් විචාරකයන් හඳුන්වන මැතිවරණය ජයග්‍රහණය ඉරි තලන බවක් රටේ ජනතාවට දැනෙමින් තිබීමය. ආණ්ඩු වෙනසක් සිදුවී වසර දෙකක් ඉක්මවීමටත් පෙර රාජ්‍ය පාලනයේ බරපතළ මතගැටුම් ඇතිවීමේ ප්‍රතිඵලය පරාජයට පත් කරනු ලැබූ රාජපක්ෂ පාලනයට යළිත් හොඳින් සංවිධානය වී දේශපාලන කරළියට පිවිසීමට පාර කපාදීමක් බවට විවාදයක් නැත. මේ සිදුවීමට පෙර වුවද මහින්ද රාජපක්ෂ පාර්ශවය රට පුරා තම සංවිධාන ජාලය හොඳින් තෙල් දමා කරකවමින් සිටින බව නොදුටුවේ නම් කොතැනක හෝ ලොකු වැරුද්දක් මේ ආණ්ඩුවට සිදුවී තිබේ. රත්නපුර රුළිය පමණක් නොව සමූපාකාර ඡන්දවල ප්‍රතිඵල මේ යාන්ත්‍රණය ගැන හොඳ සංඥාවක් බව නොරහසකි. ආණ්ඩුවේ බිම් මට්ටමේ ඡන්ද පදනම සේදී යමින් පවතින බව කීමට වේලාසන වැඩි වුවද ඒවා නරක පෙරනිමිති බව නම් සැඟවිය නොහැක.
ජනපති කතාව සහ එහි පසු විපරම තුළින් පැහැදිලිව පෙනෙන්නේ සම්මුතිවාදී ආණ්ඩුව තවදුරටත් ඉදිරියට යාමට පෙර බරපතළ අභ්‍යන්තර සංවාදයක් අවශ්‍ය බවය. කලකිරීම් ඇතිවීම ව්‍යවසනයක් බවට පත්වීමට දේශපාලනය තුළ වැඩි කාලයක් යන්නේ නැත. ඒ බව රටේ ජනතාවට වඩා දැනසිටිය යුත්තේ දේශපාලනඥයන්ය. නමුත් දැන් සිදුවෙමින් පවතින දේ අනුව පෙනෙන්නේ ජනතාවට තිබෙන අවබෝධය දේශපාලනඥයන්ට නැති බවය.
ශශීන්ද්‍ර