2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 68

අයි.එම්.එෆ්. බවුන්සරයට කබ්රාල් කර අරියි

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉකුත් සතියේ බටහිර ආසියානු රටවල සංචාරයක යෙදී සිටියේය. ශ්‍රී ලංකාවේ සිඳී ගොස් ඇති විදේශ සංචිත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය සම්පත් සපයා ගැනීම සඳහා එම රටවල මහ බැංකු නිලධාරීන් හමුවීම එම සංචාරයේ අරමුණක් විය. අගෝස්තු මාසයේ විදේශ සංචිතය ඩොලර් බිලියන 3.9ක් වූ අතර සැප්තැම්බර් මාසයේදී එය ඩොලර් බිලියන 2.5ක් දක්වා වැටී තිබිණි.

මේ සංචාරය තුළදී ජාත්‍යන්තර ව්‍යාපාරික මාධ්‍යවේදීන් විසින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළඹෙන්නේ දැයි පුන පුනා ප්‍රශ්න කළද ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා එම ප්‍රශ්නයට පිළිතුරැ දීම මගහැරියේය. ශ්‍රී ලංකාව වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වෙනත් මගක් නැතැයි ආර්ථික විශේෂඥයන් සහ මුල්‍ය විශ්ලේෂකයන් විසින් පෙන්වා දී තිබෙන බවද එම වාර්තාකරැවෝ පෙන්වා දුන්හ. මෙරට තුළදී කබ්රාල් මහතා අඛණ්ඩව දැරෑ ස්ථාවරය වී තිබුණේ මුල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට නොයා යුතු බවය.

ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ හවුල් ණය ආධාර මගින් අරමුදල් සපයා ගන්නා බවට ශ්‍රී ලංකා මහ බැංකුව හය මාසික මාර්ග සැලැස්මෙන් පෙන්වා දී තිබුණත් ජාත්‍යන්තර ණය විශ්ලේෂක ආයතන ශ්‍රී ලංකාව සම්බන්ධ තම ස්ථාවරය වෙනස් කර නැත. එවැනි එක් ආයතනයක් වන ෆිච් රේටින්ස් ආයතනය &ශ්‍රී ලංකාව ණය ආපසු නොගෙවන රටක් බවට පත්වෙයිද?* සිරස්තලයෙන් නිකුත් කළ වාර්තාවේ එක් වෙළෙඳපොළ විශ්ලේෂකයකු සඳහන් කර තිබුණේ එම මහ බැංකු වාර්තාවේ මුල්‍යමය එකඟතා පිළිබඳ කාල වකවානු සහ ඒවායේ මුල්‍ය පිළිබඳ තොරතුරැ පළවී ඇත්තේ සීමිත වශයෙන් බවය.

මහ බැංකු අධිපති කබ්රාල් මහතා එම සංචාරයේදී පැවැති කලාපීය සමුළුවකදී ශ්‍රී ලංකාව වැනි ණය බරින් පීඩා විඳින රටවල් සඳහා අන්තර්ජාතික ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය. එම සමුළුවේ සභාපතිවරයා එහිදී ශ්‍රී ලංකාව ඉදිරියේදී අධික ණය බරද සමඟ ආර්ථිකය කළමනාකරණය කර ගන්නේ කෙසේදැයි විමසූ විට මහ බැංකු අධිපති කබ්රාල් මහතා මෙසේ පිළිතුරැ දුන්නේය. 

ඒක හරියට පුද්ගලයකුට කියනවා ඔබ ඉන්නේ අමාරැවේ වැටිලා. මා ඔබට උදව් කරන්නේ නෑ. කොහොමද එය කළමනාකරණය කර ගන්නේ? මා සිතන්නේ එය ගෝලීය ප්‍රජාවගේ අසංවේදී දැක්මක් හැටියටයි. සෑම රටක්ම තමන්ගේ රටවල ඇති වසංගතයෙන් පීඩා විඳි කර්මාන්තවලට ණය ආපසු ගෙවීමේ සහන කාලසීමා සහ අතිරේක උදව් ලබා දෙනවා. නමුත් අපි දකින්නෙ නෑ එය ගෝලීය වශයෙන් සිදුවෙන බවක්.

- සන්ඩේ ටයිම්ස්


මූඩීස් ආයතනය ලංකාව පහතට දමයි

මේ අතර ජාත්‍යන්තර ආයෝජන ශ්‍රේණිගත කරන ආයතනයක් වන මූඩීස් දීර්ඝකාලීන විදේශ සම්පත් පහත බැසීම සහ ණය බර හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පහත අගයකට දමා තිබේ. ඉදිරියේදී කල් පිරීමට නියමිත ණය වාරික ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජයට පිළිගත හැකි විසඳුමක් නොමැති වීමත් විදේශ සංචිත පහත බැස තිබීමත් හේතුවෙන් ණය ආපසු නොගෙවීමට තිබෙන අවදානම සැලකිල්ලට ගනිමින් මූඩීස් ආයතනය මේ තීන්දුව ගෙන ඇතැයි සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය මේ වන විට ප්‍රමාණවත් වන්නේ මාස 1.3ක කාලයක් සඳහා ආනයනයට පමණක් බවත් එසේම එය 2025 දක්වා වාර්ෂිකව ගෙවිය යුතු ඩොලර් බිලියන 4 සිට 5ක් වන ණය ආපසු ගෙවීම් සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා සැලකිය යුතු මට්ටමින් අඩු බවත් මූඩීස් පවසයි. ඉදිරි මාස කිහිපයේදී ශ්‍රී ලංකාව ලැබෙන විදෙස් මුදල් හේතුවෙන් සංචිතය යම් මට්ටමකින් ඉහළ යා හැකි වුවද එය රජයේ ණයගැතිභාවය අඩු කිරීමට හේතු නොවනු ඇති බවද සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාව නුදුරැ කාලය තුළදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි පිළිගත් ජාත්‍යන්තර මුල්‍ය සංවිධාන සමඟ ගිවිසුම්ගත වීමට සූදානමක් නොපෙන්වීමද ඔවුන්ගේ සැලකිල්ලට යොමුව තිබේ.

- ඩේලි මිරර්

 

රජයේ මන්ත්‍රීන්ගේ වාග් ප්‍රහාර මැද ටී.එන්.ඒ. මන්ත්‍රීවරු නැගිට යති

වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පසුගියදා රුස්වූ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවූ බව වාර්තා විය. එහිදී සැර වචන හුවමාරැ වී ඇති බවද බහින්බස්වීම් ඇතිවූ බවද සඳහන්ය. එම වාග් ප්‍රහාර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරැන් වන එස්. ශ්‍රීධරන් සහ රාසමාණික්කම් ශානකියාන් එල්ල කර ගනිමින් සිදුවිය.

යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්ක නියෝජනය කරන මේ මන්ත්‍රීවරැන් දෙදෙනා උපදේශක කාරක සභා රැස්වීමට පෙර එහිදී සාකච්ඡා කළ යුතු කරැණු ගණනාවක් තමන්ට ඇතැයි දැනුම් දී තිබිණි. එම කාරණා රුස්වීමේ න්‍යාය පත්‍රයටද ඇතුළු කර තිබී ඇත. එහෙත් එම මන්ත්‍රීවරැන් දෙදෙනාටම ඒ කරැණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දී නැත. එපමණක් නොව ඔවුන් දෙදෙනාට රජයේ මන්ත්‍රීවරැන් විසින් දැඩි ලෙස බැණ වැදී ඇති අතර අමාත්‍ය සී.බී. රත්නායක මහතා සභාපති පුටුවේ සිටියදීම මේ තත්ත්වය උදා වී තිබිණි.

රජයේ මන්ත්‍රීවරැන් එහිදී ද්‍රවිඩ මන්ත්‍රීවරැන් දෙදෙනාට කොටියා, ත්‍රස්තවාදියා සහ එල්.ටී.ටී.ඊ. යනුවෙන් කෑගසා ඇති අතර එම මන්ත්‍රීන් දෙදෙනාට සිදුවී ඇත්තේ රැස්වීමෙන් නැගිට යාමටය. එසේ යන අතරතුර &ඔයගොල්ලන්ට අවශ්‍ය ඒක නම්, ඔයගොල්ලන්ට ඒක ලැබෙයි* යනුවෙන් පවසා තිබුණේ එහි තේරැම කුමක්දැයි සිතාගැනීමට ඉඩ තබමිනි.

- සන්ඩේ ටයිම්ස්