අද වෙනවා, හෙට වෙනවා කියන ඇමැති මාරුව ගැන පසුගියදා ආර්ථික ක්ෂේත්‍රයේ දැනුමැති නිලධාරියෙක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුට අපූරැ කතාවක් කිව්වේය. ඔවුන් දෙදෙනා අතර ඇතිවූ සංවාදය සැකෙවින් මෙසේ විය.
කොහොමද ඇමැති මාරුව වෙයිද නොවෙයිද
කියන්න බැහැ කොයි වෙලේද කියල... හැබැයි වෙන්න තියෙන ඉඩනම් හුඟක් වැඩියි.
ඔයා කියන්න බලන්න ඇමැති මාරැවක් වුණොත් කාගෙ කාගෙ සබ්ජෙක්ට්ස් මාරුවෙයිද කියලා...
මම නං හිතන්නෙ නෑ මුදල් ඇමැතිකම නං මේ යන විදියට වෙනස් වෙයි කියලා. අනෙක් තනතුරු කීපයක් නං වෙනස් වෙන්න ඉඩ තියෙනවා..
ඉතින් මුදල් ඇමැතිකම වෙනස් වෙන්නෙ නැත්නම් අනෙක් ඇමැතිකම් වෙනස් කරන්නෙ මොනවටද... මිනිස්සු හුඟක් අය කියන්නෙ මුදල් ඇමැති පදවිය වෙනස් වෙන්න ඕන කියලනෙ.
හොඳම ටික කිව්වේ ඊළඟටය.
අනිත් එක මේ රටේ මිනිස්සු හුඟක් අය ඔය ලොකු ඇමැතිල කීපදෙනකුගෙ පට්ටම් ගැන දැනගෙන හිටියට හුඟක් ඇමැතිලගෙ සබ්ජෙක්ට් එක මොකක්ද කියලවත් දන්නෙ නෑ. ඒවා ගැන හොයන්න උනන්දු වෙන්නෙත් නෑ. මොකද දැනගත්ත කියල අඩුම ගානෙ රස්සාවක්වත් ඉල්ලගෙන යන්න පුළුවන්ද? එහෙම ගියත් හම්බවෙන්නෙ ලියුමක් විතරයි. ඔය වගේ ලියුම් පහුගිය අවුරුදු දෙකට සීයක් හමාරක් ගත්තු ළමයි ඉන්නවා. තාමත් රස්සාවක්වත් නැතුව... ඔහු දිගටම කියාගෙන ගියේය. මාධ්‍යවේදියාට දිය හැකි උත්තරයක් තිබුණේ නැත.
ඇත්තටම රස්සා ප්‍රශ්නය මේ කියන තරම් බරපතළද? ආණ්ඩුවට ඒ ගැන හැඟීමක් නැද්ද? රුකියා දස ලක්ෂයේ පොරොන්දුවට මොකද වුණේ? මේ ආකාරයට නැගෙන ප්‍රශ්න රාශියකි. මේ ප්‍රශ්නවලට පිළිතුර ඇමැති මාරැවක් සිදුකිරීම පමණක් නම් ආණ්ඩුව පොට වරද්දා ගෙන ඇති බව ඕනෑ කෙනකුට තර්ක කළ හැකිය.
මේ ආණ්ඩුව එකම රස්සාවක්වත් ලබාදී නැතැයි කියන්න බැරිය. ආණ්ඩුවේ පළමු දින සීයේ ඇතැම් ඇමැතිවරැන් තම පාක්ෂිකයන් සිය ගණනින් රාජ්‍ය ආයතනවලට එබූ බවට නිදසුන් තිබේ. එය හරි ක්‍රමය නොවේ. රජයේ සේවය සහ රාජ්‍ය ආයතන තමන්ගේ පාක්ෂිකයන්ට රුකියා සපයන මෙවලම් බවට පත් කරගැනීමේ පුරුද්දෙන් ආණ්ඩුවේ මැති ඇමැතින්ලා අත්මිදීම අවශ්‍යය. රජයේ සේවයට සුදුසුකම් ඇති තරැණ තරැණියන් බඳවාගත යුත්තේ මන්ත්‍රීගේ ලියුමට නොව, නියම ක්‍රමවේදයට අනුව බවත් එසේ නොවන විට තරැණ අසහනය පුහුරැ ගසන බවත් අතීතයේ අත්දැකීම් විසින් අවස්ථා ගණනාවකදීම පෙන්වා දී තිබේ.
අප්‍රේල් 5 වැනිදාට යෙදෙන ජවිපෙ 71 කැරුල්ලේ සමරැව එහි ජීවමාන සාධකයක් බවට පත්වී තිබේ. හොඳ අධ්‍යාපනයක් ලබා සිටින අහිංසක දරැවන් තරැණ වියේදී තුවක්කු අතට ගෙන සන්නද්ධ අරගලවලට සැරුසෙන්නේ පෞද්ගලිකව තමාට සිදුවන අසාධාරණයට වඩා පොදුවේ තරැණ පරපුරටම සිදුවන අසාධාරණය හේතුවෙන් බව පිළිගන්නට කිසිම ආණ්ඩුවක් කැමැති නැත. නමුත් යථාර්ථය එය බව අප්‍රේල් කැරුල්ල මගින් පෙන්වා දී තිබේ. වර්තමානයේ තරැණ පරපුරේ රුකියා ප්‍රශ්නයත් ආණ්ඩුව කරන ප්‍රධාන පක්ෂ දෙකම විසින් තරැණ පරපුරට සිදුකරන ආමන්ත්‍රණය දෙසත් බැලිය යුත්තේ මේ පසුබිමේ සිටය.
වත්මන් යහපාලන රජය මේ රටේ තරැණ පරපුරට ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ රුකියා දස ලක්ෂයක් වසර පහක් තුළදී ඇති කිරීමට කටයුතු කරන බවය. දැන් එම වසර පහෙන් වසර දෙකක් ගෙවී යාමට ආසන්නය. එහෙත් රුකියා උත්පාදනයක් සිදුවන විශේෂ ව්‍යාපෘති ඇසට පෙනෙන මානයේ නම් නැත. මෙසේ බිහිවන රුකියා සියල්ල රජයේ රුකියා වීම අවශ්‍ය නැත. පෞද්ගලික අංශය අලුත් බිස්නස්වලට අත ගසන්නේ නම් ඒ හරහා රුකියා විශාල ප්‍රමාණයක් බිහිවන බව සම්මතයයි. ඒ සමඟ රජයද විශේෂ ව්‍යාපෘති දියත් කරන්නේ නම් ඒ හරහාද රුකියා දහස් ගණන් බිහිවන බවට සැකයක් නැත. ඒ සඳහා හොඳම උදාහරණ වන්නේ මහවැලි ව්‍යාපාරය සහ ඇඟළුම් කම්හල් ව්‍යාපෘතියයි. එසේම නිදහස් ආර්ථික කලාපද මේ රටට රැකියා බිහිකළ ව්‍යාපෘතිය. අද රජයට එවැනි සැලැස්මක් ඇතිදැයි යන්න පවා සැක සහිත බව මෙරට ආර්ථික විශේෂඥයන් කීපදෙනකුම පසුගිය දිනවලදී කියා තිබුණි.
රජයේ සැලසුම්වල පවතින එවැනි අවුල්සහගත බවට එක් හොඳම උදාහරණයක් වන්නේ හම්බන්තොට වරාය චීන සමාගමට පැවැරීමේ ගිවිසුමයි. දැන් මාස ගණනාවක් තිස්සේ මේ ගිවිසුම වටේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක හොරා පොලිස් ක්‍රීඩාවක යෙදෙන බව පැහැදිලිව පෙනේ. හම්බන්තොට වරාය පැවැරීම හරහා රටට ඉතාම අවශ්‍යව තිබෙන ඩොලර් ආයෝජනයකට අතගැසීමට අගමැති ප්‍රමුඛ යූ.එන්.පී.ය කටයුතු කළේය. නමුත් එයට ශ්‍රීලනිප පාර්ශ්වයෙන් ලැබිය යුතු සහාය ලැබුණේ නැත. රටේ සම්පත් නොවිකිණිය යුතු බවට අදහසක් ශ්‍රීලනිප ඇමැතිවරු වරින් වර කියති. හම්බන්තොට වරාය විකිණීමක් නොව පැවැරීමක් බවත් ඒ සඳහා දෙරට ගිවිසුමකින් බැඳී සිටින බවත් යූ.එන්.පී.ය කියයි.
ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබුණු බව පැවැසීමට තරම් ඇතැම් යූ.එන්.පී. ඇමැතිවරැන් ඉදිරිපත් වෙද්දී ජනාධිපතිවරයා පැවැසුවේ එම ගිවිසුමේ සඳහන් කරැණු පිළිබඳව සොයා බැලීම විශේෂ කමිටුවකට භාරකළ බවය. එෙස්ම ඒ ගැන අවසන් තීන්දුවක් ෙනාගත් බවද ජනාධිපතිවරයාකියා තිබුණි. ශ්‍රීලනිප පාර්ශ්වයේ ලොකුම චෝදනාවක් වන්නේ යූ.එන්.පී.ය තමන්ට කොළේ වසා රටට අවාසියක් වන ගිවිසුමකට අත්සන් තැබීමට සැරුසෙන බවය. වරාය විෂය භාර ඇමැති අර්ජුන ද මුල සිටම මේ ගිවිසුමට අංචි ඇද්දේ කාගේ හෝ ප්‍රබල බලපෑමක් හේතුවෙන් බව පැහැදිලිය. මේ පසුබිම යටතේ පිටතින් පෙනෙන්න තිබෙන්නේ ලොකු කුට්ටියකට ඉව අල්ලන කීපදෙනකුගේ බලපෑම් මේ ගිවිසුම අතරමග හිරවීමට ප්‍රධාන හේතුවක් වීමට ඉඩ ඇති බවකි.
මේ ගිවිසුම සකස් කර ක්‍රියාවට නැංවීම සඳහා ඇමැතිවරුන් හත් දෙනකුගෙන් යුත් ඇමැති අනුකමිටුවක්ද පත්කෙරී තිබුණි. එහි සාමාජිකයකු වන චම්පික කලින්ම එයින් ඉල්ලා අස්වුණේ අදාළ පැවැරීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ නොසලකා ගිවිසුම සකස් කර ඇති බවට චෝදනාවක් කරමිනි. මේ අනුකමිටුවේ සභාපති ආචාර්ය සරත් අමුණුගම නම් මුලින්ම පැවැසුවේ හම්බන්තොට වරාය ගිවිසුම ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් බිලියන 1.1ක මුදල නොලැබුණොත් රටේ ආර්ථික අර්බුදය බරපතළ තත්ත්වයකට ඇද වැටෙනු ඇති කියාය. මේ ගිවිසුමට විරැද්ධ වන අය එසේ නම් එම විශාල ආයෝජනය රටට ලබාගන්නා හැටි කීමත් අවශ්‍ය බවද ඔහු සඳහන් කර තිබුණි. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද පසුගියදා සඳහන් කළේ මේ ආයෝජනය නොලැබුණොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ අවදානමකට ලක්වනු ඇති බවය. එසේනම් මේ ගිවිසුම අත්සන් කිරීමට හෝ එය ක්‍රියාත්මක තත්ත්වයට පත්කර ගැනීමට හෝ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිප ඇමැතිවරැන් මග හරින්නේ ඇයි? පෙනෙන්ට තිබෙන්නේ එම ප්‍රශ්නයට ඇති පිළිතුර මිල කළ නොහැකි ගණයේ පිළිතුරක් විය හැකි බවය. හම්බන්තොට ගිවිසුම ආණ්ඩුව කෙසෙල් ගසට ඇන්න කොට්ටෝරැවාගේ තත්ත්වයට ඇද දමා තිබෙන බව පැහැදිලිය.
කෙසේවුවද ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වන මලික් සමරවික්‍රම ෙඩ්ලි එෆ් ටී පුවත්පතට මාධ්‍ය සාකච්ඡාවක් ලබාදෙමින් ප්‍රකාශ කර තිබුණේ හම්බන්තොට වරායේ ගනුදෙනුව රාජපක්ෂවරැන් විසින් අවුල් කර දමා තිබෙන රටේ ආර්ථික ගොහොරැව පිරිසුදු කරගැනීමට කටයුතු කිරීමේදී විඳින්නට සිදුවන හිරිහැරවලට එක් උදාහරණයක් බවය. ඔහු මෙසේද කියා තිබුණේය.
රාජපක්ෂවරුගේ පාලන කාලය තුළදී වරාය අධිකාරියේ කිසිදු ගනුදෙනුවක විනිවිදභාවයක් තිබුණෙ නෑ. චයිනා හාබර් කෝපරේෂන් සහ චීනයේ එක්සිම් බැංකුව සමඟ තිබූ මුල්ම හම්බන්තොට වරාය ගිවිසුමත් එවැනිම එකක්. මේ ආණ්ඩුව පළවෙනි බජට් එක සම්මත කරගත්තාට පස්සේ තත්ත්වය කොතරම් අසීරැද කියනවනම් හම්බන්තොට වරාය ව්‍යාපෘතියට ගෙවිය යුතු ණය වාරිකය පවා ගෙවීමට හැකියාවක් තිබුණෙ නෑ. මේ නිසා අගමැතිතුමාට පෞද්ගලිකවම දූත පිරිසක් සමඟ යන්න සිදුවුණා චීනෙට. එහිදී සාකච්ඡා කරන්න තිබුණෙ එක්කෝ ණය අහෝසි කිරීමට නැත්නම් වාරික ගෙවීම් කල් දාගන්න. නමුත් අවසානයේ හැකියාව ලැබුණා වරායේ කොටස් පවරා ණය හිලව් කර ගැනීමේ තීන්දුවකට එන්න. ඒ හරහා එක්සිම් බැංකුවේ ණය පියවා දැමීමට.
අයි.එම්.එෆ්. එකෙන් පනවා තිබූ ණය සීමාව නිසා වෙනත් ණයක් ගැනීමේ හැකියාවක් නොතිබූ අපට එසේ එක්සිම් බැංකු ණය ගෙවා දැමීමට හැකියාව ලැබුණා නම් වෙනත් විශාල ව්‍යාපෘතියකට ණය ගැනීමට හැකියාව ලැබෙනවා. කෙසේ වුණත් එයට ලැබුණු වටිනාකම අපගේ අවශ්‍යතාව වූ එක්සිම් බැංකුවේ 80% ණය ඉක්මනින් ගෙවා දැමීමට මදි වුණා. දැන් චයිනා හාබර් තමන්ගේ එම යෝජනාව ඉවත් කරගෙන තිබෙනවා. ඒ සමඟ චයිනා මර්චන්ට්ස් සමඟ සාකච්ඡා යනවා. චයිනා හාබර් සමාගම මෙයට සුදුසුම ගනුදෙනුකරැ බවට වරාය අධිකාරියත් තක්සේරු කර තිබෙනවා. නමුත් යළිත් වරක් වරාය අධිකාරිය විනිවිදභාවය කඩා දමමින් පෝට්සිටි ව්‍යාපෘතියේදී චයිනා හාබර් තම කොටස්කරැවකු බවට වන තොරතුරැ ලබාදීමට අසමත් වී තිබෙනවා. එම සමාගමට පෝට් සිටියේ භූමිය පිරවීමේ අයිතිය සහ එම භූමියෙන් විශාල කොටසක් කල්බදු දීමට ලබාදී ඇති අයිතිය රජයේ ප්‍රතිපත්තිවලට පටහැණියි. මේ සම්බන්ධ විස්තර සියල්ල කැබිනට් එකට ලබාදුන්නෙ නැහැ.
මේ ගිවිසුම නව කැබිනට් මණ්ඩලය විසින් 2015 ජනවාරියේ අත්හිටවනු ලැබුවා. වරාය අධිකාරියේ පාලක මණ්ඩලය වෙනස් වුවත් එහි නිලධාරීන් වෙනස් වී නෑ. මේ නිසා හම්බන්තොට ගිවිසුම ගැන වරාය අධිකාරියේ නිර්දේශ සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවෙනවා.
මේ දීර්ඝ පිළිතුරෙන් පවා පෙනී යන්නේ ආණ්ඩුවේම මැති ඇමැතිවරැන් අතර පවත්වාගත යුතු අවම සාමූහික වගකීම හෝ පවත්වාගෙන නොයන බවය. රටේ අනෙක් දේවල් හදන්නට පෙර තමන්ගේ %නිවෙස^ හරිහැටි තබාගැනීම ආණ්ඩුවේ වගකීමය. එසේ නොවුණොත් රැකියා දස ලක්ෂය කෙසේ වෙතත් එක රස්සාවක් හෝ ලබාදීමට රජයට හැකියාව ලැබේදැයි සැක සහිතය.
මේ අතර යූ.එන්.පී.යේ තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පවසන්නේ ඒකාබද්ධ විපක්ෂය යැයි තමන්ම කියාගන්නා පිරිසක් ආණ්ඩුව ඇතුළේ බිඳවැටීමක් ඇතිකර බලය ලබාගැනීමේ සිහින දකින බවය. ඒකාබද්ධ විපක්ෂය සැමවිටම කතා කරන්නේ ඊළඟ විනාඩියේදී රජය ඇදවැටෙනු ඇතැයි යන ආකල්පයෙන් වුවද එවැන්නක සලකුණක් හෝ නැති බව ඔවුන්ගේ මතය වී තිබේ. ආණ්ඩුව වැටෙනු ඇති බවට කෑගසන මේ පිරිසම මහින්ද රාජපක්ෂ කවදාවත් පරාජය කිරීමට නොහැකි යැයි කී පිරිසම බවද ඔවුහු කියති. නමුත් හරියට බැලුවොත් අද ඔවුන්ට රුඳී සිටීමට පක්ෂයක් හෝ නැති බවද ඔවුන්ගේ මතයයි.
කෙසේ වුවද ශ්‍රීලනිපයත් යූ.එන්.පී.යත් දෙකම රටේ බරපතළ ගැටලු අමතක කොට තම පක්ෂවල ගැටලු බදාගෙන සිටින බවක්ද පෙනෙන්නට තිබේ. ශ්‍රීලනිපයට එම ප්‍රශ්නවලින් කෙහෙත්ම ගැලවීමක් නැත. ගැලවී සිටීමට සූදානම් වුවත් එසේ සිටීමට මහින්ද ඉඩදෙන්නේ නැත. ඔහු පසුගිය සතියේ හබරාදූවෙන් ඇරුඹූ පෙරළියක පෙරමග රැස්වීම් මාලාව ශ්‍රීලනිපයටත් ආණ්ඩුවටත් අලුතින් ඇතිවන හිසරදයක් බවට පත්වීමටත් ඉඩ තිබේ. විශේෂයෙන් ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයේ දැඩි විමසීමට මේ රුස්වීම් මාලාව ලක්වන බව සහතිකය. රුලියට කළින්ම ඒ බව සලකුණු කළේ රුලිය සංවිධානය කළ ගාලු දිසා මන්ත්‍රීවරැන් වන වෛද්‍ය රමේෂ් පතිරණ සහ මොහාන් ද සිල්වාගේ ආසන සංවිධායක ධූර අහෝසි කර දමමිනි. එය මහින්ද පාර්ශ්වයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරැන්ට කෙළින්ම එල්ල කරන ලද පහරක් බව පෙනෙන්නේ දුර්වල සංවිධායකයන් ඉවත් කරන බවට ඒ සමඟ කළ ප්‍රචාරය හේතුවෙනි. එම රුලියේදී මහින්ද මෙසේ කිව්වේය.
සියල්ලන්ම සිරගත කොට පොලීසිය, බන්ධනාගාරය, එෆ්.සී.අයි.ඩීය හා සී.අයි.ඩී. වැනි ආයතන මගින් රට පාලනය කිරීමට වත්මන් ආණ්ඩුව කල්පනා කරනවා. නමුත් මේ තත්ත්වය කොයි මොහොතක හෝ පුපුරා යනවා. මේවට මේ රට පාලනය කරන දෙන්නම වගකියන්න ඕනෑ. විධායක ජනාධිපතිවරයෙක් වෙලා හිටපු මම කවදාවත් කිසිම දෙයක් දන්නෙ නැහැ කිව්වෙත් නැහැ. පත්තරෙන් දැක්කයි කිව්වෙත් නැහැ.
මේ රැලියේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයාටද එසේ කිසියම් පහරක් එල්ල කිරීමට මහින්ද මෙවර ක්‍රියාකර තිබුණි. මේ රුලියේම කතා කළ ජෝන්ස්ටන්ද ජනාධිපතිවරයාගේ නම සඳහන් කරමින් විවේචනයක් ඉදිරිපත් කර තිබුණි. එය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද තරමක් දැනෙන්නට ඇත. ශ්‍රීලනිපයේ තරැණ පෙරමුණේ මහා රැලියක් කොළඹ දී සංවිධානය කෙරැණේ ඒ හේතුව නිසා විය හැකිය. හබරාදුවේ රුලියට හරියටම සතියකට පසුව අප්‍රේල් 1 වැනිදා සෙනසුරාදා දස දහසකට අධික තරැණ බලකායක් කොළඹට ගෙන්වීම ශ්‍රීලනිපයේ අරමුණ බව පෙනෙන්නට තිබිණි. මහින්ද ශ්‍රීලනිපයේ පැරුණි සාමාජිකයන් සමඟ වේදිකාවේ සිටින විට ශ්‍රීලනිපයේ තරැණ සාමාජිකයන් සිටින්නේ මෛත්‍රිපාල ජනාධිපතිවරයා සමඟ පෙන්වීම මෙහි එක් අරමුණක් විය හැකි බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතයයි. බලයේ සිටින පක්ෂවල නායකයන් සමඟ එම පක්ෂවල තරැණපිරිස් එක් වීම වැළැක්විය නොහැකිය.
මේ තරැණ ඡන්දවල ආකර්ශනය ගැන හරියටම බලා ගැනීමට නම් ඡන්දයක් පැවැත්වීමද අවශ්‍යය. මෛත්‍රීපාල ජනාධිපතිවරයා පසුගිය සඳුදා සවස් වරැවේ හදිසියේම කැඳවා තිබූ මහ ඇමැතිවරැන්ගේ රුස්වීමේදී ඡන්දයක් දිගින් දිගටම නොපවත්වා සිටිනු ඇතැයි යන සැකය මඳක් තුනී වී ගියේය. ඔහු ප්‍රකාශ කර තිබුණේ මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් සභා ඡන්දත් පළාත් පාලන ඡන්දත් පවත්වන බවය. පළාත් සභා සියල්ලම එකම දිනක පැවැත්විය යුතු බවට යෝජනාවක් කළින් තිබූ අතර ඒ අනුව සියලුම පළාත් සභා ඡන්ද එකවර පැවැත්වීමටද ඉඩක් තිබේ. නමුත් ඒ සඳහා මහ ඇමැතිවරැන් තම පළාත් සභා කලින් විසුරැවා හැරීමට කැමැති විය යුතුය. එදා හදිසියේ මහ ඇමැතිවරැන් කැඳවා තිබුණේ ඒ ගැන කැමැත්ත විමසීමටදැයි පැහැදිලි නැත. උතුර සහ නැගෙනහිර හැර අනෙක් සියලුම පළාත් සභාවල මහ ඇමැති පදවි උසුලන්නේ ශ්‍රීලනිපයේ මහ ඇමැතිවරුන් විසිනි.
මේ රැස්වීමේදී ජනධිපතිවරයා මෙසේද කියා තිබුණේය.
මම දන්නවා සමහර මහ ඇමැතිවරැන් මට පක්ෂපාති බව. ටික දෙනෙක් එහෙම නෑ. තුන්වැනි පාර්ශ්වයකුත් ඉන්නවා කා එක්කවත් නැතුව. ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. අපේ පක්ෂයේ අර්බුදය ගැන මම විස්තර කියන්න යන්නේ නෑ. පක්ෂයේ යහපත වෙනුවෙන් එකමුතු වෙන්නැයි මා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා
මේ රැස්වීමට සියලුම මහ ඇමැතිවරැන් පැමිණ සිටියහ. ඡන්ද හෝ ඡන්දය කවදා පැවැත්වේදැයි තවම ස්ථිර නැත. නමුත් වෙලාවට ඡන්ද නොපැවැත්වීම ඡන්දදායකයන්ගේ මානව හිමිකම් කඩ කිරිමක් බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවා ප්‍රකාශකරන විට ඡන්දය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුවට කිසිම හැකියාවක් නැත. යූ.එන්.පීය නම් ඡන්දයට ඕනෑ වෙලාවක සූදානම් බව කියයි. පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද දෙකම එකට තැබිය යුතු බවද කියයි. නමුත් මෙවර පැවැත්වීමට යන ඡන්දයේ වෙනදාට නැති වෙනසක් තිබෙන බව පැහැදිලිය.
බලයේ සිටින පක්ෂයකට හෝ පක්ෂවලට පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද තමන්ට අවශ්‍ය ආකාරයට හසුරැවාගැනීම අපහසු නැත. එහෙත් මෙවර එසේ නැත. ශ්‍රීලනිපය බලයේ සිටින්නේ දෙකට කැඩිලාය. යූ.එන්.පි තමන්ගේ පාක්ෂිකයන්ට රස්සාවක් හෝ දීගත නොහැකි මට්ටමක සිටින බවට චෝදනා නගන්නේ එම පක්ෂයේම ඇතැම් මැති ඇමැතිවරැන්ය. පක්ෂදෙකේම තරැණ පිරිස් සිටින්නේ දැඩි කලකිරීමකිනි. මේ නිසා ඉදිරියේදී පවත්වන බව කියන ඡන්දයේදී අවතක්සේරැව වගේම අධි තක්සේරැවද හරහට හිටින්නට ඉඩ තිබෙන බව සිතාගෙන කටයුතු කිරීම කාට කාටත් හොඳය.
ශශින්ද්‍ර