සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ඉකුත් සතියේදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා බැහැදැකීම සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට යාම විශ්‍රාමික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසකගේ උදහසට ලක් වී තිබේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ එය ධූරාවලිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවය.
ඇමැතිවරයා මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් හමුවූයේ අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පසුව රටේ ආරක්ෂක තත්ත්වයේ යහපත් වර්ධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. ඒ සඳහා රජය මගින් ගෙන ඇති පියවර විස්තර කරදීමද එහිදී සිදුවිය. ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන්හට එරට රජය මගින් කර ඇති අනතුරු ඇඟවීම මේ සාකච්ඡාවට හේතු වී තිබිණි.
එක් විශ්‍රාමික තානාපතිවරයකු පැවසුවේ නිවැරැදි රාජ්‍යතාන්ත්‍රික පිළිවෙත වන්නේ මහ කොමසාරිස්වරයා අමාත්‍යංශයට කැඳවීම මිස අමාත්‍යවරයා මහ කොමසාරිස් කාර්යාලයට යාම නොවන බවය. තවත් තානාපතිවරයකු විමසුවේ අමාත්‍යවරයා මේ ආකාරයටම චීන, ජර්මන් සහ වෙනත් තානාපති කාර්යාලවලටද යන්නේද කියාය.
මේ සාකච්ඡාව සඳහා අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා සංචාරක සභාපති කිෂූ ගෝමස් සහ අමාත්‍යවරයාගේ බෑණනුවන් කෙනෙකු වන දිනේෂ් වීරක්කොඩිද සහභාගී වී සිටියහ.
සමහරවිට මෙය කාලය ඇතිකළ වෙනසක අරුමය විය හැකිය.
- සන්ඩේ ටයිම්ස්
පසුගිය සති කිහිපය තුළදී රටේ ඇතැම් ප්‍රදේශවල සිදුකෙරුණු මෙහෙයුම්වලදී අල්ලා ගන්නා ලද අවි මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කිරීමේදී ඇතැම් නිල ඇඳුම් ලා ගත් නිලධාරීන් විසින් අනවශ්‍ය ආකාරයේ මවා පෙන්වීමක් කළ බව යුද හමුදාපති මහේෂ් සේනානායක පසුගියදා පැහැදිලි කළේය.
අල්ලාගත් අවි පිළිබඳ විස්තර ලබාදීමේදි එය නාට්‍යමය අවස්ථාවක් බවට පත්කර නොගන්නැයි තමා ඉල්ලීමක්ද කළ බවත් ඔහු කීය.
වසර 30ක් තිස්සේ යුද්දෙන් බැට කෑ, එසේම විදේශ ආක්‍රමණ පරාජය කළ, අංගම්පොර පවා දැන සිටින ශ්‍රී ලංකාවේ ජනතාව වායු තුවක්කුවක්, බෝර 12 හෝ බෝර 16 තුවක්කුවක් දැක්ක ගමන් කලබලයට පත්වෙන බව අහන්න ලැබීමත් මට කනගාටුවක් යැයිද හමුදාපතිවරයා කීය.
නිල ඇඳුම් ඇඳ සිටි එක් නිලධාරියෙක් බෝර 12 තුවක්කු උණ්ඩ ගැන සඳහන් කළේ හරියට ආර්.පී.ජී. 10ක් හම්බවුණා වගේ.
නිල ඇඳුම් ඇඳ සිටි නිලධාරීන් 15 දෙනකු ෂොට් ගන් දෙකක්, එයාර් රයිෆලයක් තබා තිබූ මේසයක් ඉදිරිපස සිටියේ අසාමාන්‍ය අවි සොයාගත් ආකාරයට වුණත් ඒවා ඒ පළාත්වල සාමාන්‍ය වශයෙන් හමුවන අවි ආයුධයි.
ඇතැම් විට කාමරයක තිබී පුපුරණ ද්‍රව්‍ය සහ කඩු සොයාගත් විට ඒවා පෙන්නුවේ අවි ගබඩාවක් සොයාගත් ආකාරයටයි. ඔවුන් ඒවා ප්‍රදර්ශනය කළ යුත්තේ කඩු සහිත පෙට්ටියක් සහ උණ්ඩ සහ තුවක්කු කිහිපයක් සොයාගත් ආකාරයට පමණයි.
- සන්ඩේ ටයිම්ස්