2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

ලොහාන්ගේ තටු කැපුණු හැටි

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 529

  • කතෝලික ප්‍රජාවේ විවේචනවලට මහින්ද හිතවාදීන්ගෙනුත් ප්‍රතිචාර
  • බුලත් කොළයත් අරන් මෛත්‍රී අලුත් සටනකට අර අදී
  • සිත රිදුණු මහ බැංකු අධිපති යයි: කබ්රාල් දෙවැනි වරටත් අධිපති වෙයි
  • හිරගෙදර ජරමරය ගැන ෆොන්සේකා කෝපයෙන්!
  • රෑ දවල් දෙකේම ඇමැතිට බන්ධනාගාර දොර විවෘත බව ලොහාන් කියයි
  • සජිත්ගේ මැතිවරණ කතාවට අනුර කුමාර සැර උත්තරයක් දෙයි

ඇමැති උමතු වීම්, නායකයන්ගේ උරණ වීම්, ඉල්ලා අස්වීම් සතියේ ප්‍රමුඛ දේශපාලන මාතෘකා විය. ලොක්ඩවුන් කෙළවර වන ලකුණු පහළ වෙමින් තිබූ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ අර්බුදය නොවිසඳී ඉදිරියට ඇදුණි. අගමැති ඉතාලි සංචාරය ද ප්‍රධාන මාතෘකාවක් විය. 

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හට ගෙවුණු සතියේ ඉල්ලා අස්වීමට සිදුවිය. ඊට හේතුව වූයේ ඔහුගේ විනය විරෝධී හැසිරීමයි. ඔහුගේ හැසිරීම පිළිබඳ කලක පටන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට ලැබුණේ අයහපත් ආරංචිය. මෙවර ඉල්ලා අස්වීමට හේතු වූයේ ඔහු සහ ඔහුගේ හිතවතුන් පිරිසක් කොළඹ සහ අනුරාධපුරය බන්ධනාගාර වෙත ගොස් බීමතින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සම්බන්ධ සිදුවීමකි. එම සිදුවීම පිළිබඳ මාධ්‍ය වාර්තා රුසක් පළ විය. ඔහු සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග කවරක්ද යන්න විපක්ෂ කණ්ඩායම් මෙන්ම ආණ්ඩු හිතවාදීහු ද ආණ්ඩුවේ නායකයන්ගෙන් ප්‍රශ්න කර සිටියහ.

මෙම සිදුවීම අසන්නට ලැබුණු මොහොතේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බන්ධනාගාර කොමසාරිස්වරයා සහ අදාළ නිලධාරීන් අමතා සිදුවීම සම්බන්ධව තොරතුරු විමසා සිටියේය. ඒ අනුව පළමුව ජනාධිපතිවරයා විසින් මෙම සිදුවීම සම්බන්ධව වාර්තාවක් සතියක් ඇතුළත තමන්ට ලබාදෙන ලෙස බලධාරීන්ට දැන්වීය. අදාළ කටයුතු සිදුවන අතර තවදුරටත් තොරතුරු විමසීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමා හමුවට කැඳවනු ලැබීය. ජනපතිගේ ඉල්ලීමට අනුව අධිකරණ අමාත්‍යවරයා අදාළ සිදුවීම ජනපතිට පැහැදිලි කළේය. ඔහු හොඳ නරක කියන්නට ගියේ නැත. කීවේ සිදුවීම පමණි. එහෙත් එය ඇසූ ජනපති විමර්ශන පසක තබා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිට විශේෂ වගකීමක් පැවරුවේය. වහාම ලොහාන් හමුවී ඉල්ලා අස්වන ලෙස තමා දැනුම් දුන් බව පවසන ලෙස ජනපතිවරයා කීවේය. ඒ අතර ඉතාලියේ සිට ජනපති ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනපතිට උපදෙස් දුන්නේ වහාම ලොහාන් රත්වත්තේ අදාළ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙසය. ඉන් පසු පරීක්ෂණයක් කරන ලෙසද අගමැතිවරයා පැවසීය.

අමාත්‍ය අලි සබ්‍රි ලොහාන් රත්වත්තේ හමුවී ජනාධිපතිවරයා කියූ දෙය ඔහුට දැනුම් දුන්නේය. ලොහාන් රත්වත්තේට තවත් අවස්ථාවක් නොලැබිණි. ඒ අනුව ඉකුත් බදාදා (15) ඔහු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේය. මේ වන විට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කරුණු හේතුවෙන් රජය අපහසුතාවයට ලක් නොවීම අරමුණු කොටගෙන තමා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ඔහු එහි සඳහන් කර තිබිණි. නමුත් ඔහු දරන අනෙක් අමාත්‍ය ධූරය වන මැණික් හා ස්වරණාභරණ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බවක් ජනාධිපතිවරයා වෙත යවනු ලැබූ ලිපියේ සදහන් නොවිණි.

මේ අතර පසුව වාර්තා වූයේ වැලිකඩ බන්ධනාගාරයට සහ අනුරාධපුර බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වී නොමනා හැසිරීමක් පෙන්නුම් කළ ලොහාන් රත්වත්තේට, ඔහු දරන සියලු අමාත්‍ය ධූරවලින් ඉවත් වන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බවය. මෙම සිදුවීම සම්බන්ධව විපක්ෂයේ ප්‍රබල හඬක් නැගුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය. කිසිවකුටත් මහ රූ එල්ලුම් ගහ පෙන්වීමට යාමට නොහැකි බවත්, ‌ලොහාන් රත්වත්තේ මහතා එසේ ගොස් දාමරිකකම් කොට ඇති බවත් ඔහු කියා සිටියේය. මෙම සිදුවීම සතිය පුරාවටම විපක්ෂයට ප්‍රබල මාතෘකාවක් විය.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන කරළියේ කාගේත් අවධානය දිනාගත් විශේෂිත ප්‍රකාශයක් කළේය. තවදුරටත් රට බංකොලොත් නොකර වහාම ඉල්ලා අස්වී ජනමත විචාරණයක් කැඳවන්නැයි තමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ඔහු කීවේය. පුටු මාරු කරමින් තවදුරටත් රටට සිදු කරන විහිළු සැපයීම නතර කර තම නොහැකියාව පිළිගෙන රට කළ හැකි කණ්ඩායමකට රට බාරදීමේ වගකීම ජනතාවට පවරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.  “විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනට සහභාගී වෙමින් තිස්සමහාරාමයේ දී විපක්ෂ නායකවරයා කී කතාව පිළිබඳ ඔහුගේ හිතවතුන් අතරෙන් ඇතැමකු එතරම් සතුටු නොවූ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. ඒ අනුව  එම ප්‍රකාශය මේ මොහොතේ කිව යුතු කතාවක් නොවන බව බොහෝ දෙනෙක් කීහ.

මෙම කතාවට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මුළු මහත් සමාජයම බරපතළ ව්‍යාසනයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක කවුරුන් හෝ මැතිවරණයක් පවත්වන ලෙස ප්‍රකාශ කරන්නේ නම් එම පුද්ගලයාගේ මොළය පරීක්ෂා කළ යුතු බවයි. මේ අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු දැවැන්ත විරෝධතා රුල්ලක් නිර්මාණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ පිඹුරුපත් සකසන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙය තහවුරු කරමින් දැවැන්ත ජනතා විරෝධතාවයකට මුහුණ දීමට ලෑස්ති වන්නැයි ආණ්ඩුවට දැනුම් දෙන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා තිබිණි. මේ අතර අනුර මහතාගේ ප්‍රකාශයට වෙනස් ප්‍රකාශයක් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සිදු කර තිබිණි. මාධ්‍ය හමුවක දී  ආණ්ඩුව හරියට කිරීමට නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ඔහු කියා තිබිණි.

ගෙවුණු සතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය හේතුවෙන් ද යම් දේශපාලන කැළඹීමක් සිදුවිය. අග්‍රාමාත්‍යවරයා ඉතාලිය බලා පිටත්ව ගියේ ජී-20 අන්තර් ආගමික සංසදයේ ආරාධනයකට අනුවයි. එහෙත් සංචාරයට පෙරම වැරදි තොරතුරක් මත පදනම්ව අග්‍රාමාත්‍යවරයා පාප් වහන්සේ හමුවීමට යන බව කියමින්, කාදිනල් හිමියෝ අග්‍රාමාත්‍යවරයාගේ ගමන හෙලා දුටුහ. මේ හේතුවෙන් ඉතාලියේ ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ ද යම් කැළඹීමක් ඇතිවී තිබිණි. කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයාට පාප් වහන්සේ හමුවීමේ සැලැස්මක් නොතිබිණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සිටි දිනවලදී ශුද්ධෝත්ම ප්‍රුන්සිස් පාප් වහන්සේ සිටියේ හන්ගේරියාවේ නිල සංචාරයකට සහභාගී වෙමිනි. එහෙත් කාදිනල් හිමියන්ගේ විරෝධය මත ඉතාලියේ වෙසෙන කතෝලික ප්‍රජාව සහ ආණ්ඩු විරෝධී පක්ෂ ශාඛා කිහිපයක් එක්ව විරෝධතා සංවිධානය කළහ.

යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොංඤ්ඤා විශ්වවිද්‍යාලයේ දී ජී-20 අන්තර් ආගමික සංසදය සැසිය සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ විය. මෙම අවස්ථාවට ඉතාලි අග්‍රාමාත්‍යවරයා, ස්ලෝවේනියා ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් රුසක් සහභාගී වූහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි ආරම්භක සැසිය ඇමතීය.

මේ මොහොතේ ලෝකය අත්විඳින බරපතළ සෞඛ්‍ය අර්බුදය අප සියලු දෙනා එක්සත් කිරීමට උපකාරී වී තිබෙනවා. වෛරසය හේතුවෙන් රටවල් සිය දේශසීමා තාවකාලිකව වසා දැමීම සුදුසු වුවත්, හුදෙකලා වීම ඊට පිළිතුර නෙමෙයි. යහපත් ජීවිතයක් සෙවීම වෙනුවෙන් සිදුවන සංක්‍රමණයට අද පවතින වාතාවරණය අභියෝගයක් වන නමුත් සාධාරණ පදනමක් මත රුකියා ලබාගැනීමේ අවස්ථා නිදහස්ව තිබිය යුතුයි.* අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

දේශනයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ශාලාවෙන් පිටව යද්දී රුස්වී සිටි පිරිසෙන් හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයකි. මෙහි වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයට මුදාහැර තිබිණි. ඇතැමෙක් එය අගමැතිවරයාට විරෝධය පළ කිරීමක් ලෙස අරුත් ගැන්වූහ. තවත් පිරිසක් කීවේ එම ස්ථානයේ විරෝධතාවක් නොතිබුණු බවයි. ඉතාලියේ කුඩා විරෝධතා පැවති මුත් ඒවා වෙනත් ස්ථානවල සංවිධානය වී තිබූ බවත් මෙය සංස්කරණය කොට සංවිධානාත්මකව සමාජ මාධ්‍ය වෙත මුදාහල වීඩියෝවක් බවත් ඔවුහු පැවසූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස දින හතරකට අධික කාලයක් ඉතාලියේ රුඳී සිටියහ. අග්‍රාමාත්‍යවරයා රුඳී සිටි හෝටලයේ දී ස්ලෝවේනියා ජනපති ද හමුවූ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ද සිදුවිය. විදෙස් අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාද රාජ්‍ය තාන්ත්‍රික හමු කිහිපයකට සහභාගී විය. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද මහින්ද රාජපක්ෂ මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත වූහ. අවසානයේ සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍යවරයා සිය පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් සිංගප්පූරුව බලා පිටත් විය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් වැඩ කිහිපයකට අත ගසා තිබිණි. ඒ අනුව බුලත් කොළය ලකුණින් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ නව ප්‍රතිපත්ති මාලාවක් සහිතව නව මුහුණුවරකින් ගොඩනැගීම කෙරෙහි ශ්‍රීලනිපයේ අවධානය ගෙවුණු සතියේදී යොමුවිය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සැකසීමේ දී ඉදිරිපත් කළ යුතු යෝජනා සම්බන්ධයෙන් සූම් සාකච්ඡාවක් ගෙවුණු සතියේ පැවති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්‍ෂණය ඔස්සේ වසර කිහිපයකට පසු මෙම එක්සත් ජනතා නිදහස් සන්ධාන සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සති අන්තයේදී අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේ ඇමැති ජී.එල්. පීරිස් හා ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සමඟය. ඒ මෙවර එ.ජා. මහ සමුළුව ඇමතීම සඳහාය. එම ගමනේදී රාජ්‍ය නායකයන් ගණනාවක් හා එ.ජා. මහලේකම්වරයාද ජනාධිපතිවරයා මුණගැසීමට නියමිතය. 

ගෙවුණු සතියේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූයේය. ඒ දෙවැනි වරටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය භාර ගැනීම වෙනුවෙනි. මෙරට ඉතිහාසයේ මෙවන් සිදුවීමක් සිදුවූ පළමු අවස්ථාව මෙය විය. කබ්රාල් මහතා සිදුකළේ සාමාන්‍යයෙන් මෙරට දේශපාලනයේ නියුතු ඇමතිවරයෙක් සිදු නොකරන දෙයකි. මහ බැංකු අධිපති ධූරය භාරගැනීම සඳහා ඔහු වෙත ඉල්ලීම ඉදිරිපත් වූයේ ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙනි.

මේ අතර හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සිය ඉල්ලා අස්වීම නිවේදන කළේය. එහිදී ඔහු විශේෂ ප්‍රකාශයක්ද සිදුකළේය. ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ලබන මාසයට යෙදෙන සිය 80 වැනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කර තිබුණද පසුගිය දින 10 තුළ ඇතිවූ සිත්රිදවීම් නිසා තමා දැඩි මානසික ආතතියකට ලක්ව සිටි බවය. ඒ අනුව, කලින් සැලසුම් කළ විශ්‍රාම යාමේ දිනට සති හයකට පෙර එනම් අඟහරුවාදා සිය ධුරයෙන් ඉවත්වන බව මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පැවසීය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ආර්ථික පරිච්ඡේද ලිවීමට මූලික වූ පුද්ගලයා ඔහු බව කියැවේ. එම නිසාම මෙම ප්‍රකාශය තරමක් බරපතළ ලෙස ආණ්ඩුව සැලකා බැලිය යුතු බව බොහෝ දෙනෙක් කීහ. &සමහර දේශපාලන ගැටලුත් තිබෙනවා. පෞද්ගලික ගැටලුත් කිහිපයක් තිබෙනවා. සාමාන්‍යයෙන් මගේ සැලැස්මට අනුව දේවල් ලබාගැනීම පහසු වුණේ නැහැ.* යනුවෙන් සිදුකළ ප්‍රකාශ සුවිශේෂී විය.

කෙසේ නමුත් මෙම ප්‍රකාශයට පිළිතුරු බැඳීමට රජයේ පාර්ශ්වයෙන් කිසිවෙක් ඉදිරිපත් නොවූහ. අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි අභියෝගයක් ලෙස මෙම තනතුර භාර ගැනීමට සූදානම් බවයි. ඒ අනුව බදාදා (15) ඔහු හට ජනපතිගෙන් අදාළ පත්වීමේ ලිපිය ලැබුණි. ලංකා ඉතිහාසයේ මහ බැංකු අධිපති ධූරයට දෙවරක් පත්වූ පළමු තැනැත්තා ලෙස කබ්රාල් මහතා ඉතිහාසයට එක්විය. අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සැලසුම් පිළිබඳ සැකෙවින් අනාවරණය වූයේ වැඩ භාර ගැනීමේ උත්සයේදී ඔහු සිදුකළ ප්‍රකාශ හරහාය.

අද වෙනකොට විදේශ සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 4යි. ඊට අමතරව තවත් බිලියන එකහමාරක් විතර තියෙනවා චීන බැංකුවේ. රුපියලේ අගය පිරිහිලා තිබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සහ ලොක්ඩවුන් එක නිසා විරුකියාව වැඩිවෙලා. දිළිඳුකමත් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා අපිට අභියෝග රුසක් තිබෙනවා. අපි හැමෝම එකට එකතුවෙලා ගියොත් අපිට ඒක කරන්න පුළුවන් වෙනවා” යනුවෙන් පැවසූ නව මහ බැංකු අධිපතිවරයා, මහබැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් බව තමා දන්නා බවද පැවසීය. මේ අතරතුර මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීමට විරුද්ධව අධිකරණය වෙත යෑමට හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත කීර්ති තෙන්නකෝන් මහතා කටයුතු කරමින් සිටියේය. මීට අමතරව නව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පත්වීමට එරෙහිව සමගි ජනබලවේගයද නීති මගට පිවිසෙන බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

ගෙවුණු සතියේ තවත් අමාත්‍යවරයෙක් අනුරාධපුරය බන්ධනාගාරය නැරඹීමට ගියේය. ඒ වෙනත් කටයුත්තක් සඳහාය. මෙරට සිරකරුවන් පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සිරකරුවන් විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමක් ඔහු වෙත ඉදිරිපත් කර තිබුණි. මෙම ගමනේදී අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ. රුඳවියන් සමග අමාත්‍ය නාමල් රාජපක්‍ෂ සාකච්ඡා කළ බව කියැවුණි. ලිපිය යොමුකර තිබුණේ මෙම පිරිසයි. සාකච්ඡාවේදී අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසා ඇත්තේ දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින මෙම එල්.ටී.ටී.ඊ. රුඳවියන්ගේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේද අවධානය යොමුවී ඇති බවයි. උතුරේ මන්ත්‍රීවරයකු වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ද අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එල්.ටී.ටී.ඊ. රුඳවියන් හමුවී සාකච්ඡා කර තිබිණි. ඔවුන්ගේ ගැටලු රජයේ අවධානයට යොමුකරන බවට පොන්නම්බලම් මහතා ප්‍රකාශ කළ බවද සඳහන් වෙයි.

මේ අතර ලොහාන් රත්වත්තේ බන්ධනාගාර සිදුවීම සතියේ අවසානය වනවිට තවත් පැතිකඩ කිහිපයක් ඔස්සේ ඉදිරියට යමින් තිබුණි. ඔහුව අත්අඩංගුවට ගතයුතු බව සිරකරු අයිතීන් සුරුකීමේ සංවිධානය ඇතුළු පාර්ශව රුසක් රජයට බලකර සිටියහ. ඒ අතර මෙම සිදුවීමට සම්බන්ධව බවට විවිධ පුද්ගලයන් විසින් ප්‍රකාශ කළ ශ්‍රී ලංකා විවාහක රෑ රුජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කළේය.

බ්‍රහස්පතින්දා වනවිට පළමුවරට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාද මාධ්‍යයට කතා කළේය. ඔහු චෝදනා ප්‍රතික්ෂේප කරමින් මෙසේ පවසා තිබුණි.

&මම වැලිකඩ එල්ලුම් ගහ බලන්න ගියා තමයි. ඇමැතිවරයෙකුට අයිතිය තියෙනවා අවශ්‍ය වෙලාවක බන්ධනාගාර නිරීක්ෂණය කරන්න. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ. දවල් හරි රූ හරි ඕන වෙලාවක මට බන්ධනාගාරවලට යන්න පුළුවන්. මගේ යටතේ බන්ධනාගාර 29ක් සහ පුනරුත්ථාපන කඳවුරු 2ක් තියෙනවා. ඉතින් මට ඕන කරලා තිබුණා මේවයේ ඇතුළේ ‌සිද්ධ වෙන දේවල් බලන්න. හැබැයි මම බීලා ගියේ නෑ. අනෙක මම කිසිම සිරකරුවකුට ගිනි අවි පෙන්වලා තර්ජනය කරලා නෑ. එහෙම කරන්න මට පිස්සු නෑ. මම බන්ධනාගාර බාරගත්තේ ඒවායේ ඇතුළෙ විශාල ප්‍රශ්න තියෙන මොහොතක. මම ඒවා සියල්ල නැවැත්තුවා. ඇතුළෙ සිද්ධවෙන මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්තුවා. බරපතළ අපරාධකාරයො ‌මම වෙනම ස්ථානවලට යැව්වා. දුරකතනවලින් කරන ජාවාරම් නැවැත්තුවා. ආරක්ෂක හේතු මට සමහර දේවල් කියන්න බෑ. ගිය සති අන්තෙ මම අනුරාධපුරේ ගියා තමයි. හැබැයි මම සිරකරුවන්ට කිසි හිරිහැරයක් තර්ජනයක් කරලා නෑ. එහෙම කරන්න මට පිස්සු නෑ.

සියලු දේශපාලන කතිකාවන් මැද ජිනීවා සැසිය පිළිබඳවද ගෙවුණු සතියේ විවිධ පාර්ශව අදහස් දක්වා තිබුණි. ජිනීවාවලදී තමා අපේක්ෂා කළ දෙය සිදුනොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන්ගේ මහතා ප්‍රකාශ කළේය. දමිළ ජනතාවගේ ඉඩම් රජය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම පිළිබඳව මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු නොවූ බව ඔහු සඳහන් කළේය. මානව හිමිකම් සහ සංහිඳියාව පිළිබඳ කතා කිරීමෙන් පමණක් පලක් නොවන බවත් ඒවා ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු කියා සිටියේය. ලබන වසරේ මාර්තු සැසිය සඳහා යෝජනා යවන බවද කීවේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ හදිසි නීති විධිවිධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දැඩි අවධානයෙන් සිටින බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ජිනීවා සැසිවාරයේදී ප්‍රකාශ කළාය.

මේ අතර බ්‍රහස්පතින්දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ජිනීවා සැසිවාරය පිළිබඳ රජයේ පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් කළේය. රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිදු අවශ්‍යතාවයක් නැති බව ඒ මහතා කියා සිටියේය. එවැනි යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබා දී නැතැයිද ඔහු පෙන්වා දුන්නේය. තවද ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ රටේ සියලු ගැටලුවලට විසඳුම් ඇති බවද ලේකම්වරයා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹගේ මහතා විශේෂ කරුණු රුසක් අනාවරණය කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මෙවර සැසිවාරයේදී මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය වාචිකව කරුණු ඉදිරිපත් කරමින් අතුරුදන් වූවන්ට වන්දි ගෙවීම, එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්ත මර්දන පනත සංශෝධනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ශ්‍රී ලංකා රජය ගත් පියවර ඇගයීමට ලක් කිරීම සුබවාදී ලකුණක් යැයි ඔහු පැවසීය. එසේම මානව හිමිකම්වලට මුවා වී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීම හෙළා දකිමින් චීනය, රුසියාව, ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව, පකිස්ථානය, ඉරාකය, වෙනිසියුලාව ඇතුළු රටවල් 15ක් ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳගෙන සිටින බවද ඔහු කියා සිටියේය.
සමගි ජනබලවේගයට සහාය දුන් එක්සත් ජතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් එජාපය විසින් මන්ත්‍රී ධූරවලින් ඉවත් කිරීම සම්බන්ධවද සුවිශේෂී කරුණක් පසුගිය සතිය තුළ වාර්තා විය. ඒ අනුව අදාළ පියවර වළක්වාලමින් අධිකරණයන් වාරණයන් නිකුත් කොට ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබුණි. පළාත් පාලන ආයතන කිහිපයක මන්ත්‍රීවරුන් විසි එක් දෙනෙකු ඉවත්කොට වෙනත් අය පත්කිරීම වළකාලමින් මෙම වාරණ නියෝගය ක්‍රියාත්මක වෙයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කීපදෙනකු වෙත මෙම නියෝගය කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබේ. මන්ත්‍රීවරුන් කිහිපදෙනකු විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට මෙම නියෝගය ලැබී තිබේ. එය ඉදිරි විසිනම වැනිදා දක්වා බල පැවැත්වෙයි. එදිනට වගඋත්තරකරුවන් ලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එජාපයේ නායකත්වය ඇතුළු ප්‍රබලයන් රුසකට අධිකරණය නියෝග නිකුත් කොට තිබේ. 

 චමිඳු නිසල්