2022 අප්‍රේල් 03 වන ඉරිදා

ආණ්ඩුව කැළඹූ මිරිහානේ විරෝධය

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 187

  • සමාජ මාධ්‍ය තහනම් වෙයිද?
  • අගමැතිගේ විශේෂ ප්‍රකාශය
  • අවසානයක් නොපෙනෙන විදුලි කප්පාදුව
  • ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හදිසියේ කැඳවයි
  • මැයි දිනයට සජබ මහනුවර

ආර්ථික අර්බුදය විසින් ඇතිකළ අන්ධකාරය මුළු රටම අරක් ගත්තේය. දේශපාලන කරළියේද බොහෝදෙනා අඳුරේ අතපත ගාමින් සිටියෝය. ඉන්දියානු බැල්මද ඩොලරයේ නැග්මද කරළියේ ප්‍රධාන මාතෘකාව විය. අදිසි විරෝධතා පිළිබඳ කැළඹීමක්ද රට පුරා නිර්මාණය වී තිබුණි.

මෙරට දේශපාලන ඉතිහාසයේ ගිනියම් රුයක් ඉකුත් බ්‍රහස්පතින්දා උදාවූයේය. සිදුවීම ඇරඹියේ එදින පස්වරුවේ ජුබිලි කණුව මංසන්ධිය අසලට රුස්වූ පිරිසක් පැවැත්වූ විරෝධතාවයක දිගුවක් ලෙසය. මෙම විරෝධතාව ඉතා සාමකාමී විරෝධතාවක් වූ අතර ආරම්භයේදී ජනතාව විදුලිය ඉන්ධන ඇතුළු රටපුරා පවතින අර්බුදයන්ට විසඳුම් ඉල්ලා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ. මෙය ජනාධිපතිවරයා සිය නිවස බලා පැමිණෙන මාර්ගය වූයෙන් සිය විරෝධතා ජනපතිට පෙන්වීම විරෝධතාකරුවන්ගේ අපේක්ෂාව වූ බවක් පෙනී ගියේය. පස්වරුවේ අඳුර වැටෙන විට ඔවුහු පහන් පන්දම් ආදියද දල්වා සාමකාමීව විරෝධතාවයේ නිරත වූහ.

කෙසේ හෝ මෙම විරෝධතාව අවසානයේ මෙම ස්ථානයේ රුඳී සිටි පිරිස් ජනාධිපතිවරයාගේ මිරිහානේ පෞද්ගලික නිවස වෙත ගමන් කළෝය. එය ඔවුන් අතරින්ම පැන නැගි යෝජනාවක්ද නැතිනම් යම් පිරිසකගේ මෙහෙයවීමක්ද යන්න අපැහැදිලි විය. මේ අතර ජනාධිපතිවරයා වෙනත් මාර්ගයක් භාවිත කරමින් සිය පෞද්ගලික නිවස බලා පිටත්ව ගොස් තිබූ බව පසුව ලද දේශපාලන ආරංචි අනුව කියැවුණි. අවසානයේ ජනාධිපතිගේ නිවෙස අසලට රුස්වූ පිරිස විවිධ විරෝධතා පාඨ සඳහන් කරමින් දැවැන්ත විරෝධතාවක් දියත් කළහ. එම නිවස වෙත ප්‍රවේශ වීමටද ඔවුහු උත්සාහ දැරූහ.

මේ වනවිටත් පොලීසිය සහ කැරලි මර්දන භට පිරිස් ජනාධිපති නිවස රුකවල්ලා සිටියහ. අනතුරුව විරෝධතාකරුවන් අදාළ මාර්ග බාධක බිඳදැමීමට දැඩි පරිශ්‍රමයක් දැරුවේය. ඒ අතර මාධ්‍යයේද ඉහළ අවධානයක් මෙම සිදුවීමට ලැබුණි. එක්තරා ප්‍රකට රෑපවාහිනී නාළිකාවක් සිදුවීම සජීවීව විකාශය කිරීමට කටයුතු කළේය. රුස්ව සිටි පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව රෑප රාමු මුදාහරින්නට වූහ. මේ අතර විරෝධතාවයට කොළඹ අවට තවත් පිරිස් රුස්වීමට උත්සාහ දැරීමත් සමඟ පොලීසිය සහ හමුදාවන් එක්ව මාර්ග බාධක දමා ප්‍රවේශ මාර්ගයන් අවහිර කිරීමට කටයුතු කළේය.

විරෝධතා ක්‍රමයෙන් ප්‍රචණ්ඩකාරී වූ අතර ගල් මුල් රුගෙන පහර දීමට පිරිසක් උත්සුක වූහ. මේ අතර විරෝධතා මර්දනය කිරීමට පොලීසිය අවසර ඉල්ලා සිටියද ජනාධිපතිවරයා රාත්‍රී නවය පසුවනතුරුත් ඊට අනුමැතිය ලබා දී නොතිබුණ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් තත්ත්වය බරපතළ වීමත් සමඟ පොලීසියට අවම බලය භාවිත කිරීමට අවසර ලැබුණි. ඒ සමඟ තත්ත්වය කලහකාරී වූ අතර පොලිස් බස් රථ සහ ජීප් රථ ඇතුළු වාහන කිහිපයක් ගිනි තැබීමට පිරිසක් කටයුතු කළෝය. මේ අතර මෙම ප්‍රදේශයේ අන්තර්ජාල සේවාවල සේම විදුලියේද බිඳවැටීමක් සිදුවිය. කොළඹ උතුර, දකුණ, නුගේගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේය.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවීම ප්‍රචාර වීමත් සමඟ තවත් ප්‍රදේශය කිහිපයක ජනතාවද මහමඟට බැස විරෝධතාව පළ කළහ. මේ අවස්ථාවේ ජනාධිපති සිය නිවසේ නොසිටි බවටද ආරංචි පැතිර ගොස් තිබුණි. එහෙත් ජනාධිපති එම නිවසේ රුඳී සිටි බව තවත් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තහවුරු විය. මේ අතර ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමට එරෙහිව පක්ෂ විපක්ෂ කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් දැක්වූහ. එහෙත් ඇතැම් පිරිස් මේ පිළිබඳ ප්‍රචණ්ඩත්වය අනුමත කරමින් අදහස් දක්වා ඇති අයුරුද නිරීක්ෂණය විය.

සිදුවීම අවසානයේ පනහකට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පොලීසියේ මෙන්ම විරෝධතාකරුවන් අතරින් පිරිසක්ද රෝහල් ගත කෙරුණි. අලුයම තුන පමණ වනවිට ප්‍රදේශය සාමකාමීව විය. ඒ අනුව අප්‍රේල් පළමු වැනිදා උදෑසන ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණ වී ඇති බවකි.

මේ අතර සිකුරාදා පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් කැඳවීමට ආණ්ඩුව කටයුතු කර තිබුණි. එහිදී මිරිහානේ සිදුවීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැකි තරම් ඉවසිලිවන්තව කටයුතු කරනු ලැබූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය. අලුයම 1, 2 පමණ වනතෙක් උද්ඝෝෂණය සාමකාමී මට්ටමේ පවත්වා ගෙන ගිය බවත් පසුව උද්ඝෝෂකයන් පෞද්ගලික, රාජ්‍ය දේපළ විනාශ කිරීමට ක්‍රියාකළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා පැවසුවේ, අවසානයේ අවම බලය භාවිත කර උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට ජනාධිපතිතුමාට සිදුවූ බවයි.

සතිය පුරා නිර්මාණය වෙමින් පැවතුණේ එකම කුකුසකි. අප්‍රේල් තුන්වැනිදා පැවැත්වීමට සූදානම් වන විරෝධතා පිළිබඳ එම කුකුසක් ඇතිව තිබුණි. මෙම විරෝධතා කවුරු කෙලෙස සංවිධානය කරනු ලබන විරෝධතාවක්ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය නොවීම සුවිශේෂී විය. එහෙත් මේ උදෙසා වට්ස් ඇප් ටෙලිගෑම් සමාජ මාධ්‍ය තුළ සමූහයන් නිර්මාණය වන බව පෙනී ගියේය. පක්ෂ දේශපාලනයේ බලපෑමෙන් තොරව පැවැත්වෙන බව කියැවුණු මෙම විරෝධතා පිළිබඳ එකිනෙකට පරස්පර කතා රුසක් දේශපාලන කරළියේ පැතිර ගොස් තිබුණි.

දේශපාලන කරළියේ විපක්ෂ කණ්ඩායම් අතරින්ද මෙම විරෝධතා සම්බන්ධ විවිධ අදහස් ඉදිරිපත් විය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමාජ මාධ්‍යයට මිනිත්තුවක පමණ වීඩියෝ පටයක් නිකුත් කරමින් කියා සිටියේ වර්තමාන ආණ්ඩුව මහජනතාව ජීවිත් කරවීමේ වගකීම පැහැර හැර ඇති බවයි. ඒ නිසා තුන්වැනිදා විරෝධතාවට තමන්ද එක්වන බව ඔහු සඳහන් කළේය. ඒ අතර රාජිත සේනාරත්න, අජිත් පී. පෙරේරා, චතුර සේනාරත්න වැනි චරිතද මෙම විරෝධතාවයට සහාය පළකොට තිබුණි. කෙසේ වෙතත් විරෝධතාව සඳහා සහභාගී වන පාර්ශ්වයෙන් තුළින්ම ඔවුනට විරෝධතා මතුව ඇති බව සමාජ මාධ්‍ය හරහා නිරීක්ෂණ විය.

ජනතා විමුක්ති පෙරමුණ මෙම විරෝධතා සම්බන්ධව මතුකර තිබුණේ වෙනස්ම අදහසකි. සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් මෙම අර්බුදයට එරෙහිව විරෝධය පෑමට අයිතියක් ඇති අතර එසේ විරෝධය පළකළ යුතු බවද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එහෙත්, වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස ඔහු ඉල්ලා තිබුණි.

මේ අතර ආණ්ඩුවේ නායකත්වය සහ ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම බුද්ධි අංශ පවා මෙම විරෝධතා සම්බන්ධ විශේෂ අවධානයකින් පසුවිය. ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණ පසුව ආණ්ඩුවෙන් ඉවත් වූ ප්‍රකට මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු පිරිසක් සෘජුව මෙම විරෝධතා සංවිධානයට දායක වී සිටින බව එම ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි. ඒ අතර තුන්වැනිදා සමාජ මාධ්‍ය තහනමක් පැනවීමට ආණ්ඩුව සූදානම් වන බවටද කතාවක් සමාජ මාධ්‍ය තුළ පැතිර යමින් තිබුණි.

සියලු අර්බුද අතරේ පසුගිය සතියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුවිශේෂී තීරණයක් ගත්තේය. &අපේ රට පෙර නුවූ විරෑ දැඩි අභියෝගයකට මුහුණපා ඇති මේ අවස්ථාවේ ඉන්ධන පිරිමසා ගැනීමේ එක පියවරක් ලෙස අගමැති කාර්යාලයේ සහ මගේ අමාත්‍යංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස දැනුම් දුන්නෙමි.* යනුවෙන් ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.

අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැති පසුබිමක වුවද එම නිලධාරීන් සිය රාජකාරී උපරිම ආකාරයෙන් ඉටු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා කෘතවේදීව සිහිපත් කර තිබුණි. මෙම අර්බුදය හේතුවෙන් ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ රජයක් ලෙස ඉතාම සංවේදී අතර එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග යුහුසුළුව ගනිමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. අග්‍රාමාත්‍යවරයාට අමතරව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ප්‍රවාහන හා විදුලි වියදම් මැඬලීම සඳහා අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් සේවයට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අංශයේ අනුමැතිය ඉල්ලා තිබුණි.

මේ අතර ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන ප්‍රධාන චරිතයක් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආණ්ඩුවේ වත්මන් ගමන විවේචන කරමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ නව අර්බුදයක් ඇතිවිය. සති දෙක තුනක පටන් ක්‍රමයෙන් ඉස්මතු වූ එම අර්බුද ආරම්භයේදී ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් සිටින්නේ ආණ්ඩුවේ හැමදේකටම ඔව් කියමින් ආණ්ඩුව රකින්නට නොවන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේය. මේ සමඟ පසුපෙළ තවත් මන්ත්‍රීවරු පිරිසක් ඔහුව ඉලක්ක කරගනිමින් ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් වූ බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබිණි.

කෙසේ වෙතත් එම ආරංචි මාර්ග අනුවම දැනගන්නට ලැබුණේ කාංචන විජේසේකර හා ඉන්දික අනුරුද්ධ යන රාජ්‍ය අමාත්‍යවරුන් මැදිහත්ව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර ඇතිවීමට ගිය මෙම ගැටුම වැළැක් වූ බවකි. ඒ අතර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හට නව තනතුරක්ද ලැබුණි. පක්ෂ එකොළහේ ගැටුම හේතුවෙන් මහජන පක්ෂයේ අසංක නවරත්න ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ එම තනතුර ඔහුට හිමිවිය. එසේ වුවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිරීම ඉකුත් සතිය වනවිටත් නොනවත්වා සිදු කළේය.

යල කන්නයේ වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා ඇතුළු රසායනික පොහොර හිඟයකින් තොරව සාධාරණ මිලකට ලබා දෙන්නැයි මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේහට ලිපියක් මගින් දැනුම් දී තිබිණි. සක්‍රීය ගොවි ජනතාවක් වෙසෙන දඹුල්ලේ ජනතා නියෝජිතයකු වශයෙන් තමා මෙම ඉල්ලීම වගකීමෙන් කරන බව ඔහු මෙම ලිපියේ සඳහන් කර තිබේ. මෙම ලිපියත් සමඟ නැවතත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක අවධානය ඔහු වෙත යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඉකුත් සතියේ රට තුළ පවතින තත්ත්වය අනුව රජයේ සේවකයන්ට නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස යෝජනා කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කර තිබුණි. විදුලි අර්බුද හේතුවෙන් ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණද ඊට සාධනීය පිළිතුරක් නොලැබුණ අතර සිකුරාදා වනවිට පැය 13ක් දක්වා විදුලි කප්පාදුව වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කළේය. ඒ අතර විදුලිය විසන්ධි නොකරන ස්ථාන ලැයිස්තුවක්ද ප්‍රකාශයට පත්වූ අතර එහි මැති ඇමැති නිල නිවාසද සඳන්ව තිබීම මහජන විරෝධයට හේතුවක් විය.

මේ අතර සමගි ජනබලවේගය වසරේ ඉදිරි කාලය සඳහා වන සිය දේශපාලන සැලසුම් සකස් කිරීමට ගෙවුණු සතියේදී පියවර ගෙන තිබුණි. ඒ අනුව මෙවර මැයි දිනය මහනුවරදී පැවැත්වීමටද සමගි ජනබලවේගය තීරණය කර තිබුණි. ඒ අනුව මැයි පළමුවැනිදා පස්වරු එකට ආරම්භ කෙරෙන සජබ මැයි දිනයට දිවයිනේ සෑම පළාතකින්ම පක්ෂ නියෝජිතයන් සහභාගී කරවා ගැනීමට මේ වනවිටත් ඔවුහු කටයුතු සංවිධානය කරමින් සිටිති. ඒ අතර සමගි ජනබලවේගයේ ජාතික සමුළුව ජූලි මස 28 වෙනිදා කොළඹදී පැවැත්වී තීරණ කර ඇති බවද කියැවුණි. ඒ වනවිට ඡන්දපොළ මට්ටමින් %ජන පවුර^ නම් ව්‍යාපාරයක් ගොඩනගා එහි නියෝජිතයන් දොළොස් දහසක් සමුළුවට සහභාගී කරවා ගැනීමටද සජබ නායකත්වය සැලසුම් සකස් කරමින් සිටින බව කියැවුණි.

ඉකුත් සතියේ තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මෙරටට පැමිණියේය. මෙරට දේශපාලනය තුළ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් තවත් සුවිශේෂී සිදුවීම් පෙළක් මෙම සංචාරය සඳහා බැඳී තිබුණි. ජයිශංකර් මහතා දිවයිනට පැමිණයේ කොළඹදී ආරම්භ වූ පස්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම ප්‍රධාන අරමුණ කරගනිමිනි.

බිම්ස්ටෙක් සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතුළු රාජ්‍ය නායකයන් සම්බන්ධ වීමට මුලදී සැලසුම් කර තිබුණද පසුව රාජ්‍ය නායකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතීමට තීරණය කළෝය.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරය අතරතුරදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙරට දේශපාලනයේ ප්‍රධාන පෙළේ චරිත රුසක් හමුවිය. මේ අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ද්වීපාර්ශ්වීය අවබෝධතා ගිවිසුම් 06 කට අත්සන් තබා තිබුණි. යාපනයට ඔබ්බෙන් වූ දූපත් 03ක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක පරිගණක විද්‍යාගාර පිහිටුවීම ආදිය පිළිබඳ ගිවිසුම් ඊට ඇතුළත් විය.

ජනාධිපති සමඟ පැති සාකච්ඡාවේදී ජයිශංකර් මහතාගේ පැමිණීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ප්‍රදාන ලබාදීම පිළිබඳ ස්තූතිය පළකර තිබුණි. මේ අතර ලංකාවේ ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවක් අතර විශේෂිත සිදුවීමක් සිදුවී තිබුණි. මෙම සාකච්ඡාව අතරේ මතුවූ යෝජනාවක් පරිදි ඉන්දීය විදේශ ඇමැති හදිසියේම කොළඹ  අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලක් නිරීක්ෂණය සඳහා ගොස් තිබුණි. ඔහු ඒ පිළිබඳව ට්විටර් පණිවිඩයක් පවා නිකුත් කරනු ලැබුවේය.

පසුගිය සතියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ දෙමළ ජාතික සංධනයේ නායක ආර්. සම්බන්ධන් ප්‍රමුඛ නියෝජිත පිරිසක් අතර හමුවක් ඉන්දීය මහා කොමසාරිස්වරයාගේ නිවසේදී පැවැත්වුණි. මෙහිදී ආචාර්ය එස්. ජයිශංකර් මහතාට දෙමළ පක්ෂ නියෝජිතයන් නව ව්‍යවස්ථාවක් සම්බන්ධව සහ බලය බෙදා හැරීම සම්බන්ධ ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීම පිළිබඳ යෝජනා සහ අදහස් ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් නව ව්‍යවස්ථාවක් පිළිබඳ නොව 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරවා ගැනීම සම්බන්ධ වෙහෙස වන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඔවුන්ට උපදෙස් ලබා දී තිබේ.

ආචාර්ය ජයශංකර් යනු ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ 13 වැනි සංශෝධනය ගෙන ඒමට කටයුතු කළ සමයේ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු කළ නිලධාරියෙකි. එම නිසාම ඔහුට මෙන්ම එකල මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැන්නා ලෙස කටයුතු කළ ඉන්දියාවේ වර්තමාන ඛනිජ තෙල් අමාත්‍ය හර්දීප් පූරී ශ්‍රී ලංකාව සම්බන්ධ විශේෂ අවබෝධයක් ඇතැයි කියැවේ. ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දරුණු ආර්ථික අවපාතයෙන් ගොඩඒමට අසාමාන්‍ය වේගයකින් ක්‍රියා කළ යුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයක්ද කර තිබුණි.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට නිල නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි සඳහන් කරමින් ඉදිරිපත් වූ පෙත්සමක් ඉකුත් සතියේ ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූයේය. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කිරීමට ඉකුත් මාර්තු 29 වැනිදා කටයුතු කොට තිබුණි. ඒ අතර මෙම පෙත්සම විභාගය මැයි මස 18 වැනිදා කැඳවීමට අධිකරණය නියම කළේය. මෙම සිදුවීමත් සමඟම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ නිල නිවාස සම්බන්ධව යොමු වී ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

බ්‍රහස්පතින්දා මිරිහානේ විරෝධතා සහ සිකුරාදා වනවිට රටපුරා ඇතිවී තිබූ විරෝධතාද අප්‍රේල් තුන්වැනිදා පැවැත්වීමට නියමිත විරෝධතාද හේතුවෙන් සති අන්තය එළඹෙත්ම රටපුරා වූයේ නොසන්සුන් හැඟීමකි. මිරිහානේ විරෝධතාව හේතුවෙන් රුපියල් මිලියන තිස් නවයක දේපළ හානි සිදුවී ඇති බව ඇස්තමේන්තුගත කොට තිබුණි. එසේම සිකුරාදා වනවිට හෙළිදරව් වූ පරිදි අදාළ සිදුවීම සම්බන්ධ සැකකරුවන් 53ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර එස්.ටී.එෆ්. නිලධාරීන් 18ක් ඇතුළු පොලිසියේ 24ක් තුවාල ලබා ඇති බවද වාර්තා විය. මෙම තත්ත්වය යටතේ ආණ්ඩුව සිකුරාදා පස්වරු හතරට ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේද සහභාගීත්වයෙන් හදිසි මන්ත්‍රී කණ්ඩායම් හමුවක් කැඳවා තිබුණි.


 චමිදු නිසල්