රත්නපුර පැත්තෙ ෂූටිං ඉවරවෙලා කලා ශිල්පීන් පිරිසක් වෑන් එකේ කොළඹ එන ගමන්ලු.
එහෙන් එන ගමනෙ ඉඳලම කට්ටියට බඩ ටිකක් අප්සෙට්ලු. ඔන්න දැන් මඟ දිගටත් කට්ටිය තැන් තැන්වල නවත්තගෙනලු එන්නෙ. ඔන්න දැන් කඩුවෙල ටවුම එහෙම පහුකරද්දී රෑ කෑම කන්න නැවැත්තුවලු.
ගොඩක් අය බිව්වෙ ස්ප්‍රයිට්, ලයිම් ජූස් වගේ බීම වර්ග. ඒත් ඒකෙ හිටපු එක්කෙනෙක් බඩ අප්සෙට් එකත් එක්ක චිකන්, කොත්තු ඕඩර් කළාලු. අනිත් අයට මළ පැනලලු. එයා ළඟට ගිහින් කෙනෙක් කිව්වලු, කෑදරකමට කනවා වගේ නෙවෙයි, ගෙදරට යනකම් ආයෙත් වෑන් එක කොහෙවත් නවත්තන්නෙ නැහැ කියලා.
ඔන්න පහුගිය පළවැනිදා අලුත් අවුරුද්ද ලබනවාත් එක්කම නානාවිධ සුබපැතුම් විවිධ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.
එස්.එම්.එස්. ද, මූණුපොතේ ද, වට්ස්අප්, වයිබර්, මේ හැම එකකින්ම එහෙට මෙහෙට හුවමාරු වුණේ නව වසරේ සුබ පැතුම්. එක්තරා දර්ශන තලයක සිටි තරුණ කලා ශිල්පියෙකුටත් වට්ස්අප් ඔස්සේ ආදරණීය සුබපැතුම් පණිවිඩයක් ඇවිත්.
කාලෙක ඉඳන් ඔහු ට්‍රයි කර කර හිටිය කෙල්ල පණිවිඩයක් එවලා නව වසරට සුබ පතලා. පණිවිඩේ යටින්ම තිබුණේ අයි ලව් යූ කියලා.
කොල්ලගෙ සතුට ඉහවහ ගිහින්. සෙට් එකේ හිටපු යාළුවන්ට ෆෝන් එකේ පණිවිඩේ පෙන්න පෙන්න කොල්ලා මාර ත්‍රිල් එකක් ගන්නවා.
ඔන්න ෆෝන් එක අතට ගත්තු තව යාළුවෙක් ඇහුවලු, කෙල්ලගෙන් අන්තිමට ආපු පණිවිඩේ කියෙව්වෙ නැද්ද කියලා.
ඒකෙ තිබුණෙ It’s a joke කියලා.
වත්මන් පරපුරේ නළු නිළියෝ පැරැණි, ප්‍රවීණ කලා ශිල්පීන්ට ගරු නොකරන බවට චෝදනාවක් තිබෙනවා.
ඒත් පහුගිය දවසක එක්තරා වැඩසටහනක් අතරතුර සිදුවූ සිදුවීමකින් පසුව නව පරපුරට දොස් කීමට පෙර යම් යම් කාරණා ගැන අවබෝධයක් තිබිය යුතු බව පැහැදිලි වුණා.
එම වැඩසටහන අතරතුර සුහද තරගයක් පැවැත්වුණා.
නවක නළුවෙකුට පෙන්වන පින්තූර ඔහු හඳුනාගත යුතුව තිබුණා. අලුත් නළුවා ජනප්‍රිය පැරැණි සිනමා නළුවෙකුගේ පින්තූරයක් පෙන්වූ කල උඩ බිම බැලුවා.
බොහෝ අය සිතුවේ නවක නළුවා, උත්තරය දැනගෙන බොරුවට අගය කරමින් සිටිනවා කියලා.
ඒත් අවසානයේදී සත්‍ය කාටත් පැහැදිලි වුණා. අපේ ජනප්‍රිය පැරැණි නළුවා කවුදැයි මේ අලුත් නළුවා දැන සිටියේ නැහැ.
► Text - Mithra