නත්තලයි සීතලයි ආතල් කෝටියයි. මෙන්න ගෙනාවා මේ කාලෙට ගැලපෙන ට්‍රෙන්ඩ් සෙට් එකක්ම. මේ තමයි අවුරුද්දේ ආතල්ම කාලේ. ඉතින් අපි මේ කියන්න හදන්නෙ කිතු දහම එක්ක බැඳුණු Y Trend ටිකක් ගැනයි. ඒ නිසාම නත්තල එක්ක බැඳුණු Trend ටිකක් ගැන ටිකක් කතා කරන්න හිතුවා. හැබැයි මේ උඳුවප් සීතල එක්ක උණුසුම්වෙන කවුරුත් දන්න කියන සීන් ටිකක්. එහෙනම් අවසරායි...
අපි කිතු දහම ගැන අමුතුවෙන් කැප්ෂන් ලියන්නේ නෑ. අදහස තේමාව අරමුණ පැහැදිලියිනෙ. ලෝකේ බහුතරයක් අදහන ජනප්‍රියතම දහම. එහෙනම් සීන් එකට Enter වෙන්නෙ රියල්ම story ය කියලා. කිතු දහම ලෝකෙ මොඩර්න් කල්චර් එකට අනුව ඉස්සරට යන ආගමක්. ඒ වගේම ටෙක්නොලොජි මාර්කටින් වගේ දේවල් එක්ක අද කිතු දහම ක්ලෝස් කිව්වොත් හරියටම හරි. But මේකද ක්‍රිස්තුස් වහන්සේ මිනිස්සුන්ට උගන්වන්න හදපු සැබෑ දේ කියලා වෙලාවකට හිතෙනවා. ඒත් අපි ඒ පැත්තෙන් ගැඹුරට නොයා අපේ ඇසි දිසි මානේ තියෙන Trends ටිකක් ටොපික් කරගන්නවා.
ආගම් එක්ක එක එක Fashion ලෝකේ trend වෙනවනෙ. කිතුණු අය පළඳිනවා කුරුස සහිත මාල. මේක Trend එකද? මේක Fashion එකක්ද? මේක භක්තියෙන් කරන දෙයක්. නමුත් ඒක ලෝකෙ කාලයත් එක්ක Trend එකක් වුණා. අද වෙද්දී මාල කරාබු වගේ එක එක විදිහේ පළඳනා කුරුසයේ හැඩයෙන් නිර්මාණය වෙනවා, රන් රිදී වගේම විවිධ වටිනා කියන දේ වලින්. නමුත් සිල්වර් තමා ඔරිජිනල් කලර් එක.
තාරුණ්‍යයට මේ එක්ක ලොකු ගනුදෙනුවක් තියෙනවා. සුදු යකඩ මාලෙට දාගත්ත කුරුසය කියන්නෙ ලොකු Y Trend එකක්. මේ විදිහෙ කුරුසයක් පළඳින්න ආගම් භේදයක් නැතිව අද සමහර තරුණයෝ පෙළඹිලා. ඒක මෙහෙමයි. ඒකෙ මාර ගතියක් තියෙනවා. ඒක Fashion එකක්. Films වල Hit වෙච්ච දෙයක්. පොඩි තද පෙනුමක් ලැබෙනවා. ලෝකෙ ජනප්‍රිය චරිත මේ සීන් එකේ ඉන්නවා. ඒ නිසා මේක ලෝකෙ ජනප්‍රියම ට්‍රෙන්ඩ් එකක් වෙලා. ලංකාවේ ඔය Love එකට යන්නකො, මේ මාල සීන් එක කොච්චර ට්‍රෙන්ඩ් එකක්ද කියලා තේරුම්ගන්න පුළුවන්. ඒ වගේම පාරේ තොරම්බල් කඩවලත් ඔය මාල දැන් විකිණෙන්නෙ අම්බානෙට.
ආගමික දේවල් තමන්ගෙ සිරැරේ කොටාගැනීම ටැටූ කලාවේ වෙනම සීන් එකක්. ඒකෙ ඉතිහාස කතාව පට්ට දිගයි. But අද ලෝකෙ වැඩියෙන්ම භාවිත වන ටැටූ අයිකන් එකක් තමයි කුරුසය. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේගෙ රූපයත් ඒ වගේ තමයි. ආගමික භක්තිය එක්ක මේක අද Fashion එකක් දක්වා දුර ඇවිල්ලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ කටු ඔටුන්න එක්ක කුරුසයේ ඇණගැසීම තමන්ගෙ සිරැරේ සිත්තම් කරගත්ත තරුණ තරුණියෝ අද ලෝකෙ ඕන තරම් ඉන්නවා. වේදනාව, පව් සමා කර ගැනීම ආදී දේවල් අදහස් වෙන මේ වගේ ටැටූ වැඩිපුර හිට් ලතින් අමෙරිකන් කන්ට්‍රීස්වල. ඒ වගේම කුරුසය තමන්ගෙ සිරුරේ පුංචියට හරි ටැටූ එකක් විදිහට ගහගන්න ආගමික භක්තිය තියෙන යුරෝපයේ තරුණියෝ පෙළඹෙනවා. ඒ වගේමයි, පොඩ්ඩක් අනෙක් පැත්තට හැරුණොත් කිතු දහම එක්කම ඊට ප්රතිගාමීව නිර්මාණය වුණු සාතන්වාදය, නැත්නම් යක්ෂයා ඇදහීම කියන සීන් එකත් එක්කත් මේ ටැටූ බැඳිලා තියෙනවා. ඒ වගේ අමුතු උමතු තේමාවල ටැටූත් ආගම ඒක යන සීන් එකක්.
නත්තල එක්ක සෙට්වුණු trends ටිකක් ගැන දැන් අපි කතා කරමුකො. නත්තල් Trend නම් එච්චරයි මෙච්චරයි කියන්න බැරි තරම් මහා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කොහොම වුණත් එදා මෙදාතුර වැඩිහිටි බාල මහලු ආගම් ජාති භේද නැතිව තත්තලේ සුපිරිම ට්‍රෙන්ඩ් එක සැන්ටා. ජිංගල් බෙල් ජිංගල් බෙල් නිකම් ඇහෙනකොටත් නත්තල් සීයා එනවා වගේනෙ. අපි නත්තල් සීයගේ ඉතිහාස කතන්දර කියන්න යන්නෙ නෑ. ඒත් දැන් නත්තල් සීයා කියන්නෙ පට්ට trending, Marketing පොරක්නෙ. සොරි වෙන්න ඕන එහෙම කිව්වට. ඒක තමා රියල් ස්ටෝරිය. Y Trend විදිහට සැන්ටා එන්නෙ කොහොමද? ඒ ගැනත් චුට්ටක් කතා කරමුකො.
අද වෙනකොට පට්ට ඉවෙන්ට් තොගයක් තියෙනවා නත්තලත් එක්ක කනෙක්ට් වෙච්චම. ඒ ඉවෙන්ට් එක්ක නත්තල් සීයා ධාවන තරග වගේ අනම් මනම් ගොඩක් ඒවා තියෙනවා. ඒවා තාරැණ්‍යය වෙනුවෙන්. ඒ වගේ නත්තල් සීයගේ තොප්පිය නත්තල් කාලේ ලොකු Y Trend එකක්. ඔෆීසියෙ, මඟතොටේදී කෙල්ලෝ කොල්ලෝ ආතල් එකට මේ දවස්වල ඔය තොප්පිය දාගෙන යනවා. හැබැයි ලංකාවේ නෙවෙයි පිටරට. ඒ වගේම තාරුණ්‍යයට හොඳ නරක ගොඩක් දේවල් විකුණන්න නත්තල් සීයා කියන ට්‍රෙන්ඩ් එක පාවිච්චි කරනවනෙ.
නත්තල් Fashion කියන්නෙ අපි වෙනම ලොකුවට කතා කරන්න ඕන සීන් එකක්. සීතල නත්තලේදී ඇඳුම් ආයිත්තම් වෙනස් වෙනවා. ඒක අද ලෝකෙ තියෙන විශාලම Fashion Trend එකක්නෙ. විලාසිතා ප්‍රදර්ශන ලක්ෂ ගාණක් නත්තල ඉලක්ක කරගෙන අද වෙනකොට ලෝකෙ පුරා පැවැත්වෙනවා. ලංකාවෙත් අද වෙනකොට මේ ට්‍රෙන්ඩ් එක පටන්ගෙන තියෙනවා. ප්‍රදර්ශන වගේම තව තව දේවල් ගොඩයි. ලංකාවේ නත්තල එක්ක අලුත් අවුරුදු උදාව දරුණුවට සමරන නිසා දැන් දැන් මේ ට්‍රෙන්ඩ් එක වැඩියි. නත්තල එක්ක බැඳුණු තව ගොඩක් දේවල් තියෙනවා. ඒ සේරම කියන්න බැහැනෙ.
කොහොම හරි අපි මුලින් ස්ටෝරිය පටන්ගත්තා වගේ කිතු දහම කියන්නෙ මොඩර්න් එකේ අමුතු අමුතු Trend අදහන දහමක්. ඒ නිසයි සීතල නත්තල් සමයේ මේ වගේ වෙනස්ම ස්ටෝරියක් ඔයාලට කිව්වේ. එහෙනම් අපි යනවා.. ලබන සතියේ සෙට්වෙමු.
Marry Xmas !
► Text - Nisal / Pic – Internet