නිබඳ ඔබ මා ඇවිද ගිය
සංසාර මඟ තොට
අද නෑ ඔබ
පෙනෙන නොපෙනෙන දුරකවත්
ඉර එළිය කුර ගගා
එන්න පෙර ඇස් ඉහත්තාවට
අර ඈත තණ කොළ බිස්සෙ
පලින් පල දිලිසුණේ
මගෙ කඳුළු
හිතන්නෙපා වැරදිලාවත්
පෙරදා මහ රෑ
හෙව්ව යස උරහිසක
හිස හොවා හැඬුවායැයි මම
නැතිවුණත් නුඹ නුඹ විලස
හැම අහුමුල්ලකම
මගේ ජීවිතේ
හිටියෙත් වෙන කවුද
නුඹම මිස
සරුගලයක් නුඹ මට
මගේ නොවන අහසක
නූල පමණක් මගේ වුණ