2018 මැයි 19 වන සෙනසුරාදා

ශ්‍රී දේවිගේ නෑදෑ දුවට සුපර් කසාදයක්

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 153
 
මේ කියන්න හදන්නේ අලුත්ම හින්දි ෆිල්ම් එකක් ගැනයි. මේ ෆිල්ම් එක තිරගත වුණේ 2018 මැයි මාසේ. මේ සිනමාපටයේ කතාව ඔබට කියලා ඉන්නම්. කතාව ආරම්භ වෙන්නේ 1985 අවුරුද්දේ සිද්ධි දාමයකින්. හරියටම දවස කියනවනම් 1985 ජූනි මාසේ 09 වැනිදා ඉන්දියාවේ මුම්බායිවල රෝහලක්. මේ රෝහලට ඉක්මන් ගමනකින් කලබලෙන් දුවලා එන්නේ හින්දි සිනමාපටවල ජනප‍්‍රිය සිනමා තාරකාවක්. මෙන්න ටික වෙලාවක් යද්දී මේ සිනමා තාරකාවට ඔහුගේ බිරිඳ මෙලොවට බිහිකළ රෝස පාට කෙලි පැටික්කිව වෛද්‍යවරයෙක් වඩාගන්න දෙනවා. වෙව්ලන දෑත්වලින් කිරි පුසුඹ මේ දියණියව ඔහු පපුවට තුරුලු කරගන්නවා. කාලය ගෙවිලා යනවා. එදා ඉපදුනු මේ කෙල්ල පාසල් යනවා දඟ වැඩ කරනවා. මේ කෙල්ල හැදෙන්නෙ කොල්ලෙක් වගෙයි. එයා ඉගෙන ගන්නේ යන්නේ ජූහූවල ආර්යා විද්‍යා මන්දීර් කියන පාසලට. ටික කලක් යද්දී මේ කෙල්ල රග්බි සහ බාස්කට් බෝල් ක‍්‍රීඩා කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඇය කතක් කියන නර්තනය සහ රාගධාරී සංගීතය වගේම ලතින් ඩාන්ස් ඉගෙන ගන්නවා. අවුරැදු 15 වුණු ගමන් මේ කෙල්ල යනවා රැකියාවකට  රැකියාව මොකක්ද දන්නවද? වේටර්වරියක් විදියට තමයි ඇය රැකියාවට යන්නේ. ඒත් සතියක් විතරයි යන්නේ ඇය රැකියාවට ආයුබෝවන් කියනවා.
 
 
ඇය මේ කාලේ ඇයගේ බර ගැන ගොඩාක් හිත් වේදනාවෙනුයි ඉන්නේ. ඒ වගේම ඇයගේ සමේ පෙනුම ගැනත් ඇය දුකෙන් ඉන්නේ. ටික කාලෙකින් මේ කෙල්ල සිංගප්පූරුවේ යුනයිටඩ් වර්ල්ඩ් කොලේජ් ඔෆ් සවුත් ඒෂියා කියන කොලේජ් එකෙන් තියටර්ස් ඇන්ඩ් ආර්ට්ස් කියන විෂයන් හදාරනවා. ඊට පස්සේ යුනිවර්සිටි ඔෆ් මුම්බායි එකෙන් ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව හදාරනවා. ඊට පස්සේ යුනිවර්සිටි ඔෆ් ඊස්ට් ලන්ඩන් එකෙන් උපාධිය ලබාගෙන ඉන්දියාවට එනවා. 2005 තිරගතවුණු රාණී මුකර්ජී රඟපෑ බ්ලැක් සිනමා පටයේ මේ කෙල්ල කණ්ඩායම් සාමාජිකාවක් විදියට වැඩ කරනවා. ඒ සංජය ලීලායි බංසාලීගේ සහායිකාවක් විදියටයි. මේ කියන අතරතුර ඇයව තමන්ගේ ඊළඟ සිනමා පටයට ගන්නවා කියලා සංජය ලීලායි බංසාලී ඇයට කියනවා. ඔහුගේ මෝටිවේට් කිරීම නිසා මේ කෙල්ල කිලෝග‍්‍රෑම් 80ක් තිබුණු බර කිලෝ 35කින් අඩු කරගන්නවා. අන්න ඒ හින්දා ඇයව අපිට සාවරියා හින්දී සිනමාපටයේ රන්බීර් කපූර් එක්ක රංගනයේ යෙදෙනවා දකින්න අපිට පුළුවන් වුණා. ඊට පස්සේ මේ කියන සිනමාපටයන්හි වාර ගාණක් විවාහ වෙනවා ඔබ දැකලා ඇති.
 
saawariya (2007), Raanjhanaa (2013) 2014 Khoobsurat 2015 Dolly Ki Doli, Prem Ratan Dhan Payo (2015), Neerja (2016), 2009 Delhi-6 2010 I Hate Luv Storys 2010 Aisha 2011 Thank You 2011 Mausam
හින්දි සිනමාවේ ජනප‍්‍රිය අසහාය නළු අනිල් කපූර්ගේ දියණිය සෝනම් කපූර් මේ මාසේ විවාහ දිවියට පත්වුණා. ඒකත් හරියට සිනමා පටයක් වගේ නේද? ඒත් මේ සිනමා පටය හැමෝටම දකින්න හම්බ වුණේ නැහැ.
සෝනම් විවහ වුණේ ඇය බොහෝ කාලයකට පෙර අඳුනාගෙන ඇසුරු කරමින් හිටිය ඉන්දියා විලාසිතා ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙක් සහ පවුලේ සමීපතයෙක්ද වන ආනන්ද් අහුජාවයි. මේ විවාහ උත්සවය දවස් ගාණක් පැවතුණු අතර එයට සහභාගී වීමට හැකියාව ලැබුණේ ආරාධිතයින්ට විතරයි. මේ සිනාමා පටය හැමෝටම බලන්නට වරම් ලැබුණේ නැහැ.
 

ශ්‍රී දේවිගේ අඩුව මකන්නේ ලොකු දුවලු

 
ෆිල්ම්ෆෙයාර් සම්මාන නැෂනල් අවෝර්ඩ් ඇතුළු සිනමා සම්මාන රාශියකින්ම පිදුම් ලබලා තියෙන සෝනම් ගේ විවාහයට සහභාගී වුණු ශාරුක් ඛාන් සහ සල්මාන් ඛාන් විවාහ උත්සවය සුන්දර කරන්න ඉතාම මන බඳිනා නර්තනයක් දෙන්නත් එක්ක කළා කියන එක කාටවත් මේ වෙද්දී රහසක් නෙවෙයි. එහි වීඩියෝ මෙන්ම ඡායාරෑපත් මේ වෙද්දී ඉන්ටර්නෙට් එකට දමලා තියෙනවා. ඒ වගේම එම ඡායාරෑප ඉන්දියාවේ මාධ්‍යවල පළකරලා තිබුණා.
 
 
 
සෝනම්ගේ විවාහ උත්සවයට කපූර්ලා හැමෝම වගේ සහභාගි වෙලා හිටියා. බොලිවුඩ්වලට ඇයගේ අතීතය ගැනත් ඔයාට මතක් කරන එක හොඳයි කියලා හිතෙනවා. අනිල් කපූර්ගේ තාත්තා හින්දි සිනමා පට හදන්න මුල්වුණු කෙනෙක්. ඔහුගේ නම සුරින්දර් කපූර්. ඔහු මේ වෙද්දී ජීවිතෙන් සමුගෙන තියෙන්නේ. අනිල් කපූර් චිත්‍රපට නිෂ්පාදකයෙක් වගේම නළුවෙක් බව ඔබ සැම දන්නා කාරණයක්නේ. අනිල් කපූර්ගේ බිරිඳ එහෙම නැත්නම් සෝනම්ගේ සහ නිෂ්පාදිකාවක් වන රියා සහ යශ්වර්ධන්ගේ අම්මා සුනීතා කපූර් හිටිය මෝස්තර නිරූපිකාවක් වගෙම ඩිසයිනර් කෙනෙක්. අනිල්ගේ අයියා වන බොනී කපූර් වගේම ඔහුගේ පුතා අර්ජුන් කපූර් ද මේ විවාහයට සහභාගී වෙලා හිටියා. බොනී කපූර් දෙවෙනියට විවාහවෙලා හිටියේ ශ්‍රී දේවිත් එක්කනේ. ශ්‍රී දේවිගේ ලොකු දුව ජාන්වී කපූර් අම්මගේ තැන ගන්න වගේ තමන්ගේ නංගිත් එක්ක මේ විවාහයට සහභාගිවෙලා හිටියා. අර්ජුන් වගේම රන්වීර් සිං කියන්නෙත් සෝනම්ගේ ඥාති සහෝදරයෙක්. ඔහුත් මේ විවාහ උත්සවයේ කැපී පෙනී හිටිය බව තමයි ඉන්දියානු මාධ්‍යන්හි සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගෙම ශ්‍රී දේවී ජීවිතෙන් සමුගත්තේ ඔවුන්ගේ ඥාති පුතෙක් වන මෝහිත් මර්වානිගේ විවාහ උත්සවයට සහභාගී වෙන්න ඩුබායිවලට ගිහිලා ඉද්දිනේ. මෙන්න මේ කියන මෝහිත් මර්වානීත් තමන්ගේ ඥාති සහෝදරියක් වෙන සෝනම්ගේ විවාහය සහභාගි වෙන්න මුම්බයි නගරයේ උත්සව ශාලාවට ඇවිල්ලා හිටියා.
 
 
සෝනම්ගේ සහ ආනන්ද්ගේ විවාහය සිදුවුණේ පංජාබ්වල සිරිත් විරිත් විදියටයි. ශ්‍රීදේවිගේ දියණියන් වන ජාන්වී සහ කුෂී පියා බොනී කපූර් එක්ක විවාහට සහභාගී වුණා. සෝනම්ගේ බාප්පා සංජය කපූර් සහ පුංචි සමඟින් රංගන ශිල්පී ස්වරා භාස්කර් නිල් පැහැති ඇඳුමෙන් මොනරියක් මෙන් දිස් වුණා. රෝසපාට ඇඳුමකින් සැරසිලා සුරංගනාවියක් වගේ ආව ජැක්ලින් ෆර්ඩිනෑන්ඩස්, ශහීද් කපූර් ඔහුගේ බිරිඳ සමඟින් ඒක්තා කපූර්, කාජොල්, මාධුරී දික්ෂිත් සැමියා සමඟින්, ජුහී චාව්ලා සිය සැමියා සමඟින්, රන්වන් පැහැයෙන් හැඩවී ආව රානී මුඛර්ජී, කරීනා කපූර් ඇතුළු බොලිවුඩයේ නමක් දිනූ බොහෝ රංගන ශිල්පීන් පිරිසක් මේ විවාහ උත්සවයට සහභාහි වූ බව වාර්තා වෙනවා.
 
සෝනම් කපූර්ගේ අතගත් මනාලයා ගැනත් ඔබ විස්තර සමහරවිට දැනගන්න කැමති ඇතිනේ. ඔහු ගැනත් ටිකක් කියන්නම්කෝ. ආනන්ද් අහුජා සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහු භානේ කියන බ‍්‍රෑන්ඩ් නේම් එකෙන් ඇඳුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඔහු තමන්ගේම ඇඳුම් නිෂ්පාදනය කරන කම්හලක හිමිකරුවෙක්. ඊට අමතරව ඔහු ආහාරපානහල් හිමිකරුවෙක්ද වෙනවා. ඒ වගේම ශහි එක්ස්පෝර්ට් කියන්නේ ඔහුගේ පවුලට අයත් ව්‍යාපාරයක්. ඒක තමයි ඉන්දියාවේ තියෙන විශාලම එක්ස්පෝර්ට් කරන ආයතනය. එහි වාර්ෂික ආදායම ඩොලර් මිලියන 450 ක් කියලා තමයි කියන්නේ.
 
Translation — Chandana Waravitage