2018 මැයි 19 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

නුඹ කොහේ කොතැනකද
මට සිතුණා....
ගිම් නිවන්න සංසාරෙක
එන්නම හිතෙයි මට
එක මොහොතක්
නුඹ ළඟට....

පපුතුරේ හිස හොවා
ඒ ඈත තරු එළිය
නුඹ එක්ක විඳින්නට
ලෝකයම නිදිගත්ත
කළුවරක
එන්නම හිතෙයි මට

දැවටි දැවටි ළය මඬලේ
පැටලි පැටලි ඇස් අස්සේ
නුඹ රහසෙම කියා දුන්නු
ආදරයෙන් සැනහෙන්නට

ආදරයේ සුසුම් ස්වර
රතු පාටින් හිරිවැටිච්ච
අනන්තයේ කෙඳිරිල්ලක
සුව විඳින්න....

එන්නම හිතෙයි මට
එක මොහොතක් නුඹ ළඟට