2017 ජනවාරි 14 වන සෙනසුරාදා

මම මූණ හංගා ගන්ෙන නිළියන්ෙග උරහිෙස්

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 97

Q රජත් - මම ෆිල්ම්වල රඟපාලා සල්ලි හම්බ කරන්නේ නැහැ කියලා ඔබ කියලා තියෙනවා.

ඇත්තම කියනවානම් මම ෆිල්ම්වලින් සල්ලි ගන්නෙ නැහැ. මම ෆිල්ම් ගොඩාක් මහන්සිවෙලා කරන්නේ. ෆිල්ම්වල්දී ඩිරෙක්ටර්ස්ලට ප‍්‍රඩියුසර්ලට මම කියන්නේ ෆිල්ම් එක හොඳට කරන්න සල්ලි දාන්න. මට අවශ්‍ය නැහැ කියලයි. පහුගිය අවුරුදු 15-20 තුළ මට සල්ලි ඕන කියලා මම කියලා නැහැ. මම ඇත්තම කියන්නේ. මම සාර්ථක වගේම අසාර්ථක ෆිල්ම් කරලා තියෙනවා. මම හැම ෆිල්ම් එකක්ම කරන්නේ පූජාවකට ඉන්නවා වගේ හැඟීමකින්. මම බිස්නස් එකක් විදියට ෆිල්ම්වල වැඩ කරන්නේ නැහැ. ඒත් අනිත් හැමදෙයක්ම කරන්නේ මම බිසනස් එකක් විදියටයි. මම මේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා ඕනම ඩිරෙක්ටර් කෙනෙක්ගෙන් ප‍්‍රඩියුසර්කෙනෙක්ගෙන් අහලා බලන්න. ඉන්දියාවෙන් ලෝකයේ හොඳම ෆිල්ම් එක හැදෙනවා දකින්නයි මට අවශ්‍ය.

Q රජත් - ෆිල්ම්වල වැඩ කරලා සල්ලි හම්බ කරන්නේ නැත්නම් ඔබ කොහොමද සල්ලි හම්බ කරන්නේ?

නටනවා. ගයනවා. මම පාර්ටිවල ඩාන්ස් කරනවා. ෂෝස් කරනවා. වෙළඳ සන්නාමවලට පෙනී ඉන්නවා.

Q රජත් - ඔබට නැගෙන ඊළඟ චෝදනාව. ඔබ ගොඩාක් අස්වාභාවික කෙනෙක් විදියටයි සිනමාවට සම්බන්ධ වුණේ., ෆිල්ම්වල හැම නළුවෙක්ම ලව් ස්ටෝරි එකකින් සිනමාවට සම්බන්ධ වුවත් ඔබ තමන්ගේ වෘත්තිය ආරම්භ කළේ නිළියව උස්සලා පහළට විසිකරලා.

මම එහෙම කරන්න කැමති වුණේ නැහැ. ඒත් යාශ්ජී මට බලකළා එහෙම කරන්න. මම කාන්තාවන්ට ගොඩාක් ගරැ කරන කෙනෙක්. මට ලැබුණු ඒ චරිතය අනිත් හැම නළුවෙක්ම ප‍්‍රතික්ෂේප කළා .යාශ්ජී මට මගේ පෙනුම ගැන කියලා දීලා තිබුණු නිසා වීරයා වුණත් ආදරවන්තයා වුණත් දුෂ්ඨයා වුණත් මොකද මම මගේ වෘත්තීය ඒකෙන් පටන් ගන්නවා කියලා මම තීරණනය කළා.
මම වේදිකාවෙන් ආව කෙනෙක්. ඒත් ෆිල්ම් එක බැලුවට පස්සේ මගේ හිතවතුන් මට කිව්වේ ඔයාගේ වෘත්තීය ඉවරයි කියලයි. මටත් එහෙම හිතුණා. ඒත් 1990 දී හිටිය රසිකයින් මගේ චරිතය පිළිගත්ත නිසා අද මම මෙතන ඉන්නවා.

Q රජත් - ඩර් චිත‍්‍රපටයේ ඔබගේ අයි ලව් යූ ක ක ක ක කිරන් කියලා කියන්නේ අස්වාභාවික විදියට. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?

සමහර අය වැඩසටහනවලට ආවම ඒක මම කියලා නැති තරම් කැත විදියට ඒක කරනවා. ඒ දෙබස් ඛණ්ඩය අදටත් ෙප්‍ර්ක්ෂ්කයින්ගේ දෙතොල් මතින් ගිලිහෙන එක ගැන මට සතුටුයි.
අනිත් එක තමයි මම ආදරේ කරන සීන් කරන්න හරිම ලජ්ජයි. එවැනි රංඟනයන් යාශ්ජී ගොඩාක් මහන්සිවෙලා මගෙන් ගත්තේ.
මම ඒවා කළේ ගොඩාක් ලජ්ජාවෙන්. ආදරය පිරුණු දෙබස් කියලා රඟපෑම ඉවර වුණාම මම නිළියන්ගෙන මම එහෙම නැහැ කියලා සමාව අරගෙනත් තියෙනවා. එයාලගේ උරහිසේම මුහුණ හංගගෙන.

Q රජත් - ඔබට නැගෙන ඊළඟ චෝදනාව මතභේදාත්මක ප‍්‍රකාශයන් සිදුකිරීම. 2007 පෙබරවාරී 19 සහ 2015 දිත් ඔබ මතභේදයට තුඩුදෙන ප‍්‍රකාශයන් සිදු කළා. ඒ නිසාම සමහර අය ඔබට චෝදනාවන් කළා ඔබ කන්නේ ඉන්දියාවෙන් වුණාට කතා කරන්නේ පාකිස්ථානය වෙනුවෙන් කියලා. ඒ වගේම ඔබගේ ගොඩාක් මිතුරන් කොන්ග‍්‍රස් පක්ෂයේ ඉන්න නිසා ඔබ නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් ඒ වගේ ප‍්‍රකාශ කරනවා කියලත් ඔබට චෝදනා නැගුණා.

මම ඉන්දියානුවෙක්, ඒ වගේම මම මගේ මාතෘභූමියට ආදරේ කරන කෙනෙක් කියන එක කියන්නම ඕන. මගේ සීයා මේ රට වෙනුවෙන් අරගල කළ කෙනෙක්. මම මුස්ලිම් ආගමේ බව ඇත්ත. ඒත් මගේ බිරිය හින්දු. මගේ දරැවෝ තුන්දෙනා ආගම් දෙකම අදහනවා. අපේ ගෙදර දීවාලී උත්සවය වගේම ඊද් උත්සවයත් සමරනවා. අපි රටක් විදියට ආගම් අනුව, ජාතීන් අනුව, ප‍්‍රාන්ත අනුව පාට අනුව පක්ෂ අනුව බෙදෙන්න හොඳ නැහැ. මම ප‍්‍රකාශ කළේ ඒ වගේ අදහසක්. කොංග‍්‍රස් පක්ෂේ විතරක් නෙවෙයි මේ රටේ හැමතැනකම මගේ හිතවතුන් ඉන්නවා. රටේ නායකයා කවුරැ වුණත් රටේ ජනතාව විදියට අප හැමෝම රටේ නායකයාට පාට පක්ෂ භේදයකින් තොරව රට දියුණුකර ගැනීම සඳහා සහයෝගය දෙන්න ඕනෑ. අපි රටට ආදරේ කරන දේශ භක්තිකයන් විදියට අපෙ දේශය ලෝකයේ හොඳම දේශය වෙනවා දකින්නයි ඕනෑ.
ෂාරැක් ඛාන්ට නැගුණු චෝදනා සලකා බලා අද මේ ගරැ අධිකරණයේ විනිශ්චයකාරතුමාගේ තීරණය ලබාදීම මේ මොහෙතේ සිදුකෙරෙනවා. 

Q විනිසුරැතුමා -

සියලු කරුණු සළකා බලා මේ ගරු අධිකරණය ෂාරැක් ඛාන් ඔහුට නැගුණු සියලු චෝදනා වලින් නිවැරදිකරුවෙකු වන අතර ඔහුගේ ඉදිරි කලාකටයුතු සාර්ථක වේවායැයි ප‍්‍රාර්ථානා කරන අතර ඔහුගේ සිහිනය වන ලෝකයේ හොඳම සිනමාපටය භාරතදේශයෙන් ඉදිරිපත් කිරීමට ෂාරුක් ඛාන් මහතාට හැකිවේවායැයිද ප‍්‍රාර්ථනා කරනවා.

ෂාරුක් නිෙදාස්කොට නිදහස්