දසුන් කියමුකෝ... බලන්න... මොනවද මේ දවස්වල තොරතුරු...?
මේ දවස්වල තියෙන ලොකුම රාජකාරිය තමයි මගේ බිරියට දරුවා ලැබෙන්න දින ළංවෙලයි තියෙන්නේ. මාසයකට අඩු කාලයකුයි දැන් තියෙන්නේ. ඉතින්... ඒකට අපි සූදානම් වෙනවා. ඒ වගේම ෂූටිං එහෙමත් මේ දවස්වල තියෙනවා. ඒ දේවලුත් එක්ක කාලය ගෙවිලා යනවා.
දසුන්... හැමදෙයක්ම සූදානම් කරලා තියෙන්නේ... රෝස පාටට... ඒ කියන්නේ දුවක් තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ... එහෙම නේද...?
ඔව්... ඔව්... අපි දෙන්නට ලැබෙන්නෙත් චූටි කෙල්ලෙක් තමයි. කොහොමත් මම ආසාවෙන් හිටියෙත් දුවෙක්ටම තමයි. ඉතින් ඩොක්ටර්ස්ලත් කිව්වේ අපිට ලැබෙන්නෙත් දුවෙක් කියලා. ඉතින් දැන් ඒ අාසාව දෙගුණ තෙගුණ වෙලා.
දසුන් පෙම්වතෙක්, සැමියෙක් කියලා කාලයක් තිස්සේම නොදැන හිටපු දසුන්ගේ රසික රසිකාවියන්ට එකපාරම “දසුන් තාත්තා කෙනෙක් වෙන්න යනවා... කියන ආරංචිය ගෙනාවා. මේ අලුත් ආරංචිය සමහරුන්ට පුදුමයකුත් වුණා...?
ඇත්ත... ඇත්ත... ගොඩාක් කට්ටියට මම ළමයෙක් හදනඑක සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් වුණා. මගේ වයසත් එක්ක මට ඕන වුණා දැන් දරුවෙක් හදන්න ඕනේ කියලා. ඇත්තටම ඒ ආසාව තවත් වැඩිවුණේ මම රඟපාපු තවත් එක් නිර්මාණයක් නිසයි.
නිර්මාණයක් නිසා දරුවෙක් හදන්න ඕනේ වුණේ ඇයි...?
ඒ ටෙලිනාට්‍යය ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණයක්. ඒක හරි ලස්සන ටෙලිනාට්‍යයක්. ඒ ටෙලිනාට්‍යයේ මම තාත්තා කෙනෙක්ගේ චරිතයක් රඟපෑවා. ඒ නාට්‍ය කළාට පස්සේ මට හිතුණා “මමත් දරුවෙක් හදන්න ඕනේ කියලා... ඒ නාට්‍ය කරන තුරු තාත්තා කෙනෙකුගේ හැඟීම් මට දැනිලා තිබ්බේ නෑ. නමුත් ඒ නාට්‍යයෙන් පස්සේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.
හැබැයි දසුන් තවමත් විවාහවෙලා නැහැ නේද...?
නෑ... ඇත්තමයි. මම විශ්වාස කරන දෙයක් තමයි ආදරය කියන දේ කොළයට සීමාවෙන්න ඕනේ නැහැ කියලා. ලෝකෙට පේන්න විවාහ උත්සව අරගෙන ලෝකයාට ඕන විදිහට ජීවත් වෙන්න මම ආස නෑ. දරුවෙක් හදන එක මට ප්‍රශ්නයක් වුණේ නෑ. නීතිමය ප්‍රශ්නයක් මතුවෙන්නේ ඔය දරුවව බෙදාගන්න ප්‍රශ්නයක් මතු වුණොත්නේ. ඒ නිසා මට නීතිමය ප්‍රශ්නයක් ආවොත් රට යන ප්‍රශ්නයක් ආවොත් අපි දෙන්නා ගිහින් දවසක බඳීවි. හැබැයි තවම අපි කසාද බැඳලා නෑ. දරැවාගේ තාත්තා මම. දරැවාගේ අම්මා ඇය. ගොඩාක් දෙනෙක්ට ඒක ප්‍රශ්නයක් වුණාට මටවත් එයාටවත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දරුවට එයාගේ අම්මා තාත්තා අවිවාහක වුණාට අම්මා තාත්තා ඉන්නවානේ.
හංසිගේ විස්තර ටිකක් කියමුකෝ... ඇය මේ තීරණයට කැමතිද...?
එයාගේ නම හංසි දිසානායක. එයා ලංකාවේ නෙමෙයි පදිංචි වෙලා ඉන්නේ. එයා ඉන්නේ ස්වීඩන්වල. එයාට කසාද බැන්දේ නැතිව දරුවෙක් හදනවා කියන එක කොහොමත්ම ප්‍රශ්නයක් නෙමෙයි. ඔය නීතිය දාගෙන කසාද බැන්ද කීයෙන් කීදෙනෙක් අද ඩිවෝස් වෙලා තියෙනවාද...? අද එහෙම ඩිවෝස් වෙච්චි සමහරැන් අපෙන් අහනවා ඇයි කසාදබැන්දේ නැත්තේ කියලා. ඇත්තටම අද අපේ අය කසාදබඳින්නේ ලෝකෙට පේන්නයි. වෙඩින් ගන්නවා ලොකුවට. හැබැයි අපරාදේ. ඊට පස්සේ මාස ගාණකින් ඩිවෝස් වෙනවා.
අද බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ නෑදෑයින්ට, යාළුවන්ට ලෝකයාට බයෙන්. එයාලගේ ජීවිතේ කිසිම සතුටක් නෑ. කිසිම ආදරයක් නෑ. හැබැයි කොළේක අත්සන් කරලා තියෙන නිසා ලෝකෙට බයෙන්, ලජ්ජාවෙන් එක වහලක් යට ජීවත් වෙනවා. මම එහෙම නෑ. මම කියන්නේ මාත් එක්ක සතුටින් ඉන්න බැරිනම් ඕනවෙලාවක යන්න පුළුවන්. ජීවිත කාලේ විඳව විඳවා ඉන්න එපා කියලයි.
කොහොමද හංසිව මුණගැසුණේ...?
හංසිව මම මුණගැහුණේ Facebook එකෙන්. ඉතින් අපි කාලයක් තිස්සේ කතාබහ කරනවා. එයා ලංකාවට ආවා ගියා. අපේ සම්බන්ධය අවුරුදු දෙකාහමාරක් තිස්සේ තිබුණා. ඉතින්... ඒ දේවලුත් එක්ක මම මගේ දරුවට අම්මා වෙන්න සුදුසුම කෙනා ඇය කියලා තීරණය කළා. ඉතින්... එහෙමයි වුණේ. මම දන්නේ නැහැ ඉස්සරහට මොනවා වෙයිද කියලා... දැන් අපි සතුටින් ඉන්නවා...
දසුන් කියන සෙල්ලක්කාර චරිතය “තාත්තා කියන පදවිය ලැබුණට පස්සේ වෙනස් වෙයිද...?
ඒක දන්නේ නම් නෑ. තාමත් ඒ විදිහයි. හැබැයි මම හිතන්නේ නෑ ඒ සෙල්ලක්කාර චරිතය වෙනස් වෙයි කියලා. දරු පැටියා ජීවිතයට එකතු වුණාට පස්සේ “තාත්තා කියන හැඟීම මට දැනේවී. හැබැයි සෙල්ලක්කාරකම කියන දේ නැතිවෙන එකක් නෑ. එහෙම නැති වුණොත් දසුන් පතිරණ නැති වේවි.
අලුත් නිර්මාණ කීපයක්ම ඉදිරියේදී එන්න තියෙනවා නේද...?
කරපු ටෙලි නාට්‍ය දෙකක් සහ ෆිල්ම් එකකුත් එන්න තියෙනවා. තව ෆිල්ම් දෙකක වැඩ ප්ලෑන් කරගෙන යනවා. ඊට අමතරව ලැබුණු නිර්මාණ පහක් හයක්ම මම බාරගත්තේ නෑ. ඇත්තටම ඒ චරිත කරනවාට වඩා හොඳයි නිකන් ඉන්නඑක. ෆිල්ම් පහක් හයක්ම එහෙම ප්‍රතික්ෂේප කළා. සල්ලි නිසා මට ඒ නිර්මාණ බාරගන්න තිබුණා. හැබැයි සල්ලිවලට කළා වගේ නෙවෙයි මම කැමති නෑ ෆිල්ම් කරලා හැංඟිලා ඉන්න. කරනවානම් හොඳ නිර්මාණ විතරක් බාරගන්නවා... එකදිගට ෆිල්ම් කරන්න ඕනේ කියලා අදහසකුත් මට නෑ. කන්න නැතත් හිතට එකඟ නැති වැඩ මම බාරගන්නේ නෑ.
පසුගිය වසර දසුන්ගේ ජීවිතේට අලුත් අලුත් මතකයන් එක්කරපු කාලයක් වුණා. සම්මාන ලැබුණා... පිය පදවියට සූදානම් වුණා... මොකද හිතෙන්නේ...?
සම්මාන ලැබුණ එක ගැනවත් නොලැබුණ එක ගැනවත් මට ලොකු ප්‍රශ්නයක් නෑ. හොඳම නළුවා සම්මානේ ලැබුණා. මම දන්නවා මම හොඳ නළුවත් නෙවෙයි කියලා. ඒක ඒ කාලේ අපි කරපු නිර්මාණයක්ම ඇගයීමට ලක්වුණා විතරයි. මට වඩා හොඳ නළුවන් තව ඉන්නවනේ. මම කියන්නේ ලංකාවේ අද වෙද්දී සම්මාන උළෙල කීපයක්ම තියෙනවා... කලාකරුවන් ඇගයීම කළ යුත්තේ සම්මාන දීමෙන්ම නෙවෙයි. කලාකරුවන්ගේ වටිනාකම පහළට දාලා රටේ කොච්චර සම්මාන දුන්නත් වැඩක් නෑ. ඉතින් ගිය අවුරුද්දෙත් මට සම්මාන ලැබුණා. ඉතින් ගිය අවුරුද්දෙත් මට සම්මාන ලැබුණා. ඒ ගැන සතුටක් තියෙනවා. ජීවිතේ බොහෝ දේවල් වෙනවා. ඒ නිසා සම්මාන ලැබීම මගේ ජීවිතේ ලොකු දෙයක් නෙමේ. සමහරු කියනවා මම නිර්මාණවලට ලොකු ගණන් ගන්නවා කියලා. හැබැයි ඒ ගන්න ගාණට මම උපරිමයෙන් මගේ දායකත්වය ලබලා දෙනවා.
දසුන් පතිරණ කියන්නේ කවුද...?
සාමාන්‍ය චරිතයක්. මම කාටවත් වැරැද්දක් කරන්නේ නැති නිසා කාටවත් බයත් නෑ. හරි දෙයක් වෙනුවෙන් මම පෙනී ඉන්නවා. මගේ ජීවිතේ මම ප්‍රශ්න දාගන්නේ නෑ... මම බොහෝම සාමාන්‍ය කෙනෙක්.
► Text - Dishani / Pic- Sumudu