2018 ජනවාරි 13 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

ගිනි පාට තාරකා
ඇවිත් වෙරළට ඉහළ අහසේ
කාත් කවුරුවත් නැති
ආකාස හදවතේ
තනියට....

මහ මුහුදට දුක කියන
මන්දාරම් හැන්දෑවක
නොඉල්ලා කිසිවක්ම
ආදරය කරන්නට
නුඹට....

උදෑසන නොපැමිණෙන
රාත්‍රියකට අඬගසමි
දෙන්න යස උරහිස
විඩාබර ඇස්
පියාගන්නට.....

සොඳුරු කළුවර
අසෙනි මහ වරුසාව
ගීතවත් රාත්‍රියක
ස්වරයයි දුක්බරම
හඬන්නට.....

මට මාත් නැති දුකට.....

I Saara