2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

Love ඉලව් මෙහෙමත් කේන්තියක්

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 183

සත්යේන්ද්‍ර “සත්තු විශ්රා සහ ආර්තී ශුක්ලා හම්බවෙන්නේ යෝජිත විවාහයක් වෙනුවෙන්. තවත් තේරෙන්න කියනවානම් සත්යේන්ද්‍ර මිශ්රා මනමාලියෙක් බලන්න එනවා. ඒ මනමාලියගේ නම ආර්තී ශුක්ලා. සත්ෙය්න්ද්‍ර ලිපිකරුවෙක්. ආර්තී විවාහයෙන් පස්සේත් Job එකක් කරන්න කැමැත්තෙන් හිටිය ලස්සන කෙල්ලෙක්. ආර්තීගේ ආශාවට එහෙමත් නැත්නම් රස්සාව කරන්න ඉඩ දෙන්න සත්යේන්ද්‍රත් කැමති වුණා. ආර්තී දැක්ක ගමන් සත්යේන්ද්‍රගේ හිතේ එයා ගැන ආදරයක් ඇති වුණානේ. අන්න ඒ හින්දා සත්යේන්ද්‍ර ආර්තී කැමති දෙයක් කරන්න ඉඩදෙන්න කැමති වුණා. එක දවසක් ආර්තීගේ සහෝදරිය අභා ආර්තී රැකියාවක් කරනවාට සත්යේන්ද්‍රගේ අම්මා පොඩ්ඩක්වත් කැමති නෑ කියලා දැනගන්නවා... 

ආර්තී සහ සත්ෙය්න්ද්‍රගේ විවාහ උත්සවය පැවැත්වෙද්දී විවාහ නොවී පැනලා යන්න කියලා අභා ආර්තීට කියනවා. ආර්තී පැනලා යන හින්දා සත්යේන්ද්‍රර සහ ඔහුගේ පවුලේ උදවිය ගොඩාක් අපහසුතාවයට පත්වෙනවා. ඒවගේම ඒ හින්දා සත්යේන්ද්‍රර ගොඩාක් දුක්වෙනවා. අවුරුදු 3ක් වෙනවා අවුරුදු පහක් ගතවෙනවා. ඊට පස්සේ දවසක් සත්යේන්ද්‍රරට විවාහය දවසේ පැනලා ගිය ආර්තීව හම්බවෙනවා. මොනවා වෙයිද? කේන්තියෙන් ඉන්න සත්යේන්ද්‍ර ආර්තීව මරන්න තරම් කේන්තියකිනුයි ඉන්නේ. සත්යේන්ද්‍ර ගිනිපුළිඟු වගේ දෑස්වලින් ආර්තී දිහාම බලාගෙන ආර්තී ළඟට අඩියෙන් අඩිය කිට්ටු කරනවා. හරියට තව එක පියවරක් විතරයි තියෙන්නේ. ශාදී මේ සාරෑර් ආනා කියන මේ සිනමාපටයෙහි කතාවේ ඉතුරු ටික දැනගන්නනම් ඔබට මේ ලස්සන සිනමාපටය බලන්නම වෙනවා.

සත්යේන්ද්‍ගේ චරිතයට පණ පොවන්නේ ඔබ අප සැවොම හින්දි සිනමාපටවල දැකලා තියෙන කෙනෙක්. එයා 2017 බර්ලින්වල තිබුණු ෆිල්ම් ෆෙස්ටිවල් එකටත් සහභාගී වුණු දක්ෂ නළුවෙක්. 1984 අගෝස්තු 31 වැනිදා හර්යානාවල ගුරුග්‍රම්වලදී ඉපදිලා තියෙන මේ සිනමා තාරකාව ඉන්දියාවේ ටෙලිවිශන් ඉන්ස්ටිටියුට් එකෙන් වගේම ආනිමා රූම්, සනාතන් ධර්මා කොලේජ් යුනිවසිටි ඔෆ් දිල්ලි ෆිල්ම් ආයතනයෙන් වෘත්තීයට අදාළව අධ්‍යාපනය ලබලා තියෙනවා. 

දිල්ලි විශ්වවිද්‍යාලයෙන් කලාව පිළිබඳ උපාධියක් හිමිකරගෙන තියෙන ඔහුගේ නම රාජ්කුමාර් රාඕ. රාජ් නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය සඳහා එක්වරක් නෙවෙයි, තුන් වරක්ම නොමිනේට් වුණ කෙනෙක්... සිනමාව පිළිබඳව හදාරා ඔහුගේ පළමු රංගනය 2010 දී ලව් සෙක්ස් ඕර් ධෝඩා කියන සිනමාපටයෙන් තම රංගන හැකියාව පිළිබඳ ඉගියක් ප්‍රේක්ෂකයින්ට ලබාදුන්නා. 2013 කයිගේ චේ සිනමාපටයේ ඔහු කළ රංගනය නිසාම බොහෝ පිරිසක් ඔහුව අඳුනාගත්තා වගේම සම්මාන රාශියක් සඳහා රාජ්ගේ නම නිර්දේශ වුණා. 2014 දී රාජ්කුමාර් රාඕ ක්වීන්, සිටි ලයිට්, අලිගර් කියන සිනමාපටවල තම රංගන කෞශල්‍ය ඉදිරිපත් කළා. ඊට අමතරව රාගිනී MMS, ගැන්ස් ඔෆ් වාසීපූර් - 2, ඩොලී කී ඩෝලී, වෙහෙන් භෝගී තේරී, බරේලී කී බර්ෆි ඇතුළු සිනමාපට රාශියක තමන් කවුද කියලා පෙන්නලා තියෙනවා.

ආර්තී කියන චරිතයට පණ පොවලා තියෙන්නේ 1989 ඔක්තෝබර් 29 වැනිදා දිල්ලියේදී ඉපදුණු ක්‍රිටී ඛර්බන්දාර් විසින් ක්‍රිටී කන්නඩා සිනමාවේ තාරකාවියක්. ඒවගේම ක්‍රිටී හින්දි, තෙලඟු සහ දමිළ සිනමාපටවලත් විවිධ චරිතවලට පණ දීලා තියෙනවා. ඒවගේම ක්‍රිටී විවිධ ඔබ දකින බොහෝ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක චරිත නිරූපණය කළ කෙනෙක්.

රාස් 2, රිබුට් (2016), ගෙස්ට් ඉන් ලන්ඩන් 2017, විරේ දී වෙඩින් (2018), යම්ලා පග්ලා දීවානා දිල් සේ (2018) හී හින්දි සිනමාපටවල විවිධ චරිත සඳහා ක්‍රිටී තම රංගනය ඉදිරිපත් කරලා තියෙන හින්දි සිනමාපට වෙනවා. 
ශාදී මේ සරෑර් ආනා සිනමාපටය කරන්න විනෝද් බච්චන්, මංජු බච්චන් සහ කලීම් ඛාන් නිෂ්පාසනය සඳහා තම ශක්තිය ලබාදෙද්දී මේ සුමියුරු සිනමාපටය රත්නා සිංහා විසින් අධ්‍යක්ෂණය කළා. ශාදී මේ සරෑර් ආනා සිනමාපටයෙහි ඔබේ හිතගාව නතරවෙන දෙබස් ලියලා තියෙන්නේ කමල් පාන්ඩේ විසිනුයි. ඒවගේම මේ සිනමාපටයේ ඇති ළඟන්නා සප්ත ස්වරයන්ට පණ පොවා රහ කරන්න අපිට අවස්ථාව ලබාදීලා තියෙන්නේ ආනන්ද් රාජ් ආනන්ද්, ආර්.කේ. කෞශික්, ආකාස්, ගුඩ්ඩු, රෂීද් ඛාන්, සේනේ, සයිම්, රයිස් කියන පිරිසයි. 

2017 නොවැම්බර් 10 වැනිදා ඉඳන් මේ සිනමාපටය රහ බලන්න හින්දි සිනමාවට ප්‍රියකරන හැමෝටම ඉඩ ප්‍රස්ථාව ලැබිලා තියෙනවා. විනාඩි 137ක ධාවන කාලයකින් සමන්විත මේ සුමියුරු රමණීය සිනමාපටය හදන්නම් වියදම් වෙලා තියෙන්නේ ඉන්දියානු රුපියල් කෝටි 15ක් විතරයි. 

ඒත් අලෙවි වාර්තා තබමින් තිරගතවෙන ශාදී මේ සරෑර් ආනා සිනමාපටයෙහි මනබඳින ස්පත ස්වරයන්හි වාද්‍ය භාණ්ඩවල හඬට කටහඬ මුසුකරමින් ගීත ගායනා කරලා තියෙන්නේ යසර් දේසායී, ආකාශා ශර්මා, අර්ජිත් සිං, ජ්‍යොතිකා ත්‍යාගී, අසින් ත්‍රිපානී, ක්‍රිෂ්නා බියුරා, ශහේකන් අමානත් අලි, ශිවංගි හයානා කියන ගායක ගායිකාවන්. 

► Translation — Chandana waravitage