2017 ජනවාරි 03 වන අඟහරුවාදා

සිඳු තෙර

 2017 ජනවාරි 03 වන අඟහරුවාදා, පෙ.ව. 11:30 120

 

රන් තාරුකා හිනැහෙන රැයේ 
ප්‍රියයාණෙනි නුඹ කොහි ගියේ 
සඳ රැස් වැටී විල් දිය දිලේ 
කුසුමක් ලෙසේ කිම නොපිපුණේ 

හැන්දෑකරේ වීදීය දිගේ 
මං තනියමයි ඇවිදන් ගියේ 
මතකෙට ඇවිත් සුළඟක් ලෙසේ 
රහසින් කියන් කොහි සැඟවුණේ 

කළු දළ  මලක් මට හිනැහුණේ 
ප්‍රියයාණෙනි ඒ නුඹ නොවේ 
නික්මී ගොසින් වස්සානයේ 
ගිම්හානයේ ගී නොගැයුනේ 

අත්තටු අරන් සමනළ සරින් 
මගෙ සිහිනයෙන් ඇයි ඉගිලුණේ 
නිම් නැති සෙනේ දුප්පත් මගේ 
ප්‍රියයාණෙනි ඇයි නොදැනුණේ 

පාළුව දරා මං හිනැහුණේ 
අහුරක් අරන් විසිකර හදේ 
මන්දිර තැනූ සෙනෙහස් දියේ 
සුබ ප්‍රාර්ථනා නලියනු පෙනේ

SAARA