2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

අදටත් මම ගමේ කාෙල්ලෙක්...

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

මේ දවස්වල තවත් අපූරු සිනමා නිර්මාණයකට සූර්යා දායකවෙලා තියෙනවා?
ඔව්... ඒක ඇත්ත. ඒ තමයි සුනිල් ප්‍රේමරත්නයන්ගේ වැලිපහුරු කියන අලුත්ම චිත්‍රපටය. ඒකෙ රූගත කිරීම් මේ දවස්වල සිද්ධවෙනවා. ඒ චිත්‍රපටයේ මගේ තාත්තා විදිහට රඟපාන්නෙ මහේන්ද්‍ර අයියා (මහේන්ද්‍ර පෙරේරා) අම්මා විදිහට රඟපාන්නෙ දිල්හානි අක්කා (දිල්හානි අශෝකමාලා) ඒක වෙනස්ම වූ චරිතයක්. මට මගේ ජීවිතේට ඒ අත්දැකීමත් හරියට වටිනවා. එවැනි ප්‍රවීණ කලාකරුවෙක් කලාකාරියක් එක්ක රඟපෑමත් මගේ වාසනාවක්. කොහොමටත් මගේ ප්‍රථම රංගනය වුණු සමනළ සංධ්වනිය නිර්මාණයෙත් මම රඟපෑවේ ප්‍රවීණ කලාකාරිනියක් වුණු යශෝධා අක්කා (යශෝධා විමලධර්ම) එක්ක. ඉතින්... ඒ හැමදෙයක්ම මගේ වාසනාවක් තමයි. 

ඊට අමතරව තවත් වැඩ කටයුතුත් එක්ක සූර්යා කාර්යබහුල වෙලා ඉන්නවා කියලයි ආරංචිය...?
ම්.. ඔව්. මම හිතුවක්කාරයා කියන ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරනවා. ඒකෙ තේමා ගීතය ගායනා කරන්නත් මට අවස්ථාව ලැබුණා. මගේ අලුත්ම ගීතය වන දෑසම පියා ගීතය දැන් අහන්නට පුළුවන් වේවි. ඒක ලියුවේ කැළුම් ශ්‍රීමාල් අයියා. ඊට අමතරව ජාතික රූපවාහිනියේ අමුත්තා කියන වැඩසටහන මම නිවේදනය කරනවා. ඒ හැමදෙයක්ම මම හරිම ආසාවෙන් කැමැත්තෙන් කරනවා. ඒ හැම එකක්ම එකිනෙකට වෙනස්.

පොළොන්නරුව වගේ ගමක හැදිලා... කොහොමද අද මෙහෙම රඟපෑමට අවස්ථාව ලැබුණෙ?
ඔව්... මම පොළොන්නරුව දියබැදුම කියන ගමේ හැදුණේ. පුංචි කාලේ ඉඳන් සංගීතයට දක්ෂතාවය තිබුණා. පුංචි කාලේ ඉඳන් මගේ ඉලක්කය වුණේ සංගීතයයි. ඒ වෙනුවෙන් මම ගොඩාක් මහන්සි වුණා. මම පාසල් තුනක ඉගෙන ගත්තා. ඊටපස්සෙ මම සෞන්දර්ය විශ්වවිද්‍යලයට ආවා. ඒ අතරතුරේදි දර්ශන රුවන්ව මුණගැහුණා. ඒ හරහා මට සමනළ සංධ්වනියට එකතුවෙන්න අවස්ථාව ලැබුණා. ඒ හැරවුම් ලක්ෂ්‍යය අද මම වෙනස් විදිහට අරගෙන යනවා. ඒ යන ගමනෙදි ජීවිතේ නොහිතපු දේවල් මගේ ජීවිතේට එකතු වුණා.

මොනවද ඒ...?
මම කවදාවත් නිවේදකයෙක් වෙන්න හිතුවේ නෑ. නර්තනය පැත්තට යොමුවෙන්න කවදාවත් හිතුෙව නෑ. ඒත්... දෙරණ ස්ටාර් සිටි හරහා මට ඒ අවස්ථාව උදාවුණා. ඒ හරහා මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. රඟපෑම වුණත් මම හිතපු දෙයක් නෙමේ. හැබැයි මේ හැමදෙයක්ම අද වෙද්දි හරිම ආසාවෙන් කරනවා. මම තාම කලාකරුවා කියන වචනයට සුදුසු නැතිව ඇති. ඒ නමට සුදුසු වෙන විදිහට මම වැඩ කරන්න උත්සාහ කරනවා. එහෙම වුණොත් කවදාහරි මම කලාකරැවෙක් වේවි.

මගේ අම්මා තාත්තා තාම ගාෙවිතැන් කරනවා මම හුඟාක් කටු කෑව එකෙක්

ක්ෂේත්‍ර කිහිපයක්ම නියෝජනය කරනවනෙ... සූර්යා තාමත් මුල්තැන දෙන්නෙ ගායනයටද...?
ඔව්.. තාමත් මගේ වැඩියෙන්ම කැමැත්ත තියෙන්නෙ සංගීතයට තමයි. අනිත් ඒ හැමදේකටම කැමතියි. ඒත්... මොකක්දෝ හේතුවකට දශමයක් හරි වැඩියෙන් කැමැත්තක් තියෙන්නෙ සංගීතයට තමයි.

පොළොන්නරුව ඉඳන් ආපු මේ ගමන එච්චර ලේසි පහසු ගමනක් නෙමෙයි වෙන්න ඇති...?
ඔව්... ඒක ඇත්ත. ඒ ගමන දුෂ්කරයි. ගොඩාක් කටු කෑවා. මගේ පවුලේ පසුබිම ගොවිතැන. මගේ පවුලේ අම්මා තාත්තා එක්ක ඔක්කොම අටදෙනයි. මට අක්කලා හතරදෙනයි අයියලා එක්කෙනයි. මම තමයි පවුලේ බාලයා. ඉතින් පහසුකම් මදිකම වගේ දේවලුත් එක්ක දුෂ්කරතා තිබුණා. හැබැයි ගෙදරින් මට ඒ අඩුපාඩුකම් දැනෙන්න දුන්නෙ නෑ. ඒ හැමෝම මාව ආදරෙන් බලාගත්තා. මට අවශ්‍ය දේවල් කොහොමහරි මට ලබලා දුන්නා. මට හොඳට ඉගැන්නුවා. මට විතරක් නෙමේ, මගේ අක්කලත් අයියත් ඉගෙන ගත්තා. හැබැයි ඒ හැමදෙයක්ම අවසානයේදි අද සාර්ථක ගමනක් මම ඇවිත් තියෙනවා. තාමත් මගේ අම්මා තාත්තා ගොවිතැන් කරනවා. දැන් කොළඹට ඇවිත් අවුරුදු අටක් විතර වෙනවා. දැන් මට තනිකම පුරැදුයි. ඒ තනිකමෙන්ද මට බොහෝ දේවල් හදාරන්න පුළුවන් වෙලා තියෙනවා.

පොළොන්නරු ගියාම අදටත් සූර්යා තාත්තට උදවු කරනවද?
ඔව්... මම උදවු කරනවා. සමහරදාට මාස දෙකකට වගේ තමයි යන්න ලැබෙන්නෙත්. ඒ ගියාම ගෙදරට මගේ යාළුවෝ එනවා. නෑදෑයෝ එනවා. ඒ අය එද්දි මම කන්න ආසා කරන කෑම බීම හදාගෙන එනවා. තාමත් මම ඒ ඇළ දොළට බැහැලා නාන්න ආසයි. තාමත් මම ඒ පරිසරයට ආදරෙයි. එදා වගේම අදටත් මම පොළොන්නරුවේ කොල්ලෙක්. ඒ ගැමි සුවඳ හැමදාමත් මට සමීපයි.

සූර්යා... පෙම්වතෙක් කියලයි ආරංචිය...?
නෑ... පෙම්වතෙක් නෙමේ. (සූර්යා එහෙම කියලා හිනාවුණ විදිහට නම් උත්තරේ ඇත්තක් කියලනම් හිතන්න අමාරුයි... බලමු නේද...) හැබැයි මම ආදරේ විඳලා තියෙනවා. මගේ ප්‍රථම ප්‍රේමය පාසල් ප්‍රේමයක්. ඉතින් ඒ මතකය තාමත් මතකයි. ඒත්... දැන් පෙම්වතෙක් නෙමේ. මේ හැමදෙයක්ම හොඳට සිද්ධවෙද්දි ඒ දේත් හොඳට, හොඳ කාලෙට වෙයි කියලා මම විශ්වාස කරනවා. මම ඒ දේ හොයාගෙන යන්නෙ නෑ. කවදාහරි දවසක ඒ හිතේ ඇඳුණු ආදරේ මට මුණගැහේවි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒකට මට හදිස්සියක් නෑ.

කොහොමද විවේකය ගෙවිලා යන්නෙ...?
මම හැමවෙලේම ඉන්නෙ සින්දු කිය කියා. ඒක දැන් මට පුරුද්දක්වෙලා. සමහරදාට මමම මගේ අතින් කට වහගන්න වෙලාවලුත් තියෙනවා. මම ෆිල්ම් බලන්න ආසයි. පොත් කියවන්න ආසයි. ඊට අමතරව මම හරි ආසයි ඇවිදින්න යන්න. කඳු නඟින්න කැලෑවල යන්න ඒක පුංචි කාලේ ඉඳන් තිබුණු ආසාවක්. ඉස්සර යාළුවෝ එක්ක ගම පුරා ඇවිද්දා. ඇළවල්වල බැහැලා පැය ගණන් නානවා. ඒ පුරුද්ද තාමත් අතහරින්න බෑ.

සූර්යා... ජීවිතේ තියෙන ලොකුම හීනය මොකක්ද...?.
ලංකාවේ හොඳ කලාකරුවෙකු වීමේ හීනය තමයි මගේ තියෙන හීනය. සංගීතය පැත්තෙන් අලුත් දෙයක් කරන්න මට ආසයි. මම කරපු මගේනේ කියන ගීතය හින්දි ගීතයක තනුවකට අනුව නිර්මාණය වුණ ගීතයක්. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් මට ඕනෙ කවදාහරි දවසක හොඳ නිර්මාණකරුවෙකු වීමයි.

► Text – Dishani /  Pic – Sumudu