2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

සුවඳ පද්ම

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

ප්‍රවීණ රංගන ශිල්පී කලාශුරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා සභාපතිත්වය දරන මිහිඳු සංස්කෘතික පදනම හය වැනි වරටත් සංවිධානය කළ ‘සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල කොළඹ බිෂොප් විද්‍යාලීය රංග ශාලාවේදී පසුගියදා පැවැත්විණ. මෙරට විවිධ කලා ක්ෂේත්‍රයන් යටතේ දස්කම් දැක්වූ ප්‍රවීණ කලාකරුවන් රැසක් මෙහිදී ඇගයීමට ලක්කෙරිණ.

මහාචාර්ය ජේ.බී. දිසානායක සහ ප්‍රවීණ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ සුමිත්‍රා පීරීස් යන මහත්ම මහත්මීන් ප්‍රධාන අමුත්තන් ලෙස මෙම අවස්ථාවට එක්වූ අතර සම්මාන උළෙලේ විචිත්‍රවත් අවස්ථා වලින් සහ එයට සහභාගී වූ මෙරට ජනප්‍රිය තරුවල හැඩ වැඩ වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.


(Text & Pic by – Romesh Dhanushka Silva)

 

]