2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

ආදරෙයි කියා නොකියන
දෑස් අග රැඳුණු කඳුළක
කවදාවත් නොකී කතා හුඟක් තියෙනවා
මට කියන්න
අහන් ඉන්න
බලන් ඉන්නවා....

සඳකඩ පහනක කෙළවර
හෙමින් නෙලූ මෘදු කැටයම
ඉවසීමෙන් ආදරයේ රටා මවනවා
ජීවිතයේ පිටු පුරාම
කවි ලියවෙනවා....

නෙතින් නෙත බලා හිනැහෙන
සරාගී කැලුම් විහිදන
නෙත් ගැඹුරේ ආදරයේ කතා තියෙනවා
නිසංසලේ කියෙව්වොතින්
අහන් ඉන්නවා

Saara