2017 ජුලි 08 වන සෙනසුරාදා

සිඳුතෙර

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

හැන්දෑවේ දම්පාට නුඹ දෑස අග්ගිස්සේ 
ලියන්නට මට හිතෙන කවියක්ය ඒ දෑස 
එකෝමත් එක දාක වැස්ස ඒ මහ වැස්ස 
ඇත්තමයි නුඹ දෑස වාගේම දුක්බරය 

සුසුම්ලන කුණාටුව හිටිවනම ඉකිගසන 
අඳුරුතම රාත්‍රිය ප්‍රේමයක් වගේමය 
ගිම් නිවූ පපුතුරේ හිස රැන්දු උණුසුම්ම 
ඉසවුවේ සැනසෙන්නේ මම නොවේ දැන් ඇයය 

හීන අරගෙන ඇවිත් ලිහිණියන් ඉගිල්ලෙන 
රන් පාට හැන්දෑව ගීතයකි හැඟුම්බර 
දුටු-සතුටු හිත් කොහෙද විඩාබර ගිමත් කල 
අනන්තය කෙළවරක අද අපේ ආදරය

Saara